(තලාතුඔය - ටී.එච්. සරත්)
අක්කාගේ නිවසේ පැවැති දානයට පැමිණි නංගී එම නිවසේ තිබූ රන් මුදුවක් සොරාගෙන යාමේ පුවතක් තලාතුඔය ප‍්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේය.
අක්කාගේ නිවසේ සාංඝික දානයක් සූදානම්කර තිබූ අතර නංගීද ඊට සහභාගීවීමට ඇගේ ගම පළාතේ සිට පැමිණ ඇත. අක්කාගේ ලොකු පුතා, බිරිය සහ වයස අවුරුදු එකහමාරක කුඩා දරුවාද එම නිවසේ පදිංචිව සිටී. ලොකු පුතාගේ බිරිය දානයේ කටයුතු සඳහා උදව් පදව් කිරීමට යාමට පෙර තමා පැළැඳ
සිටි රන් ආභරණ ගලවා නිදාගන්නා ඇඳේ කොට්ටය යට තබාගොස් ඇත්තේ වැඩි ආරක්‍ෂාවටය. ඇඳේ සෙල්ලම්කරමින් සිටි කුඩා දරුවා රන් ආභරණ අතරින් මුදුවක් ගෙන ඒ මේ අත දමමින් සෙල්ලම්කර තිබේ. මෙය දුටු නංගී කුඩා දරුවා රවටා රන්මුදුව සඟවාගෙන ඇත.
රන්භාණ්ඩ තිබූ තැනින් මුදුව නැති බව දැනගත් හිමිකාරිය ඒ පිළිබඳ විමසා බැලීමේදී මුදුව දරුවා වෙතින් තම පුංචි අම්මා රැගෙන ඇති බවට සාක්‍ෂි ලැබී තිබේ. ඒ අනුව තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගැනීමට තලාතුඔය පොලිසියට හැකිවී තිබේ. මුදුව ගත් බවට සැක කෙරෙන කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට ඉහත මම හදිසියකට උගස්කළ මගේ රත්තරන් මාලය මගේ බාල නැගණිය හොරෙන් බේරාගෙන යනකොට මගේ අතටම අහුවුණා. ළඟම තිබෙන පොලිසියට ගිහිල්ලයි බේරාගත්තේ.අපෝ!! නංගිලා කියන්නේ පුදුම ජාතියක්. (නි)
මුද්ද ලොකු පුතාගේ නෝනාගේ. ඒකට කොහෙද නංගිට අයිතියක් ?(බ)
කවුද දන්නේ එම මුද්ද ඉස්සර නංගිගේ ඇගිල්ලේ දැම්මද කියල. නංගි සාධාරන විදියට වැඩේ කරලා. රහස එලිකරලා නෑ. නැතිනම් නංගිටත් මුද්දක් දැම්මනම් ඉවරනේ. අක්ක මොකද නංගි මොකද.(බ)
දැන් බලද්දි ඔක්කොම හොරු.(හේ)
මෙතන අය හැම වෙලේම බනින්නේ නංගිට . මේ ඔක්කොම අදහස් දාන අය අයියල අක්කල විතරද ? මම තමා අපේ ගෙදර නංගි. මම නම් ගෙදර ගියහම අපහු එන්නේ මගේ අතේ කරේ තියන දේවලුත් දීල .(කේ)
දුප්පත්කම ට වැඩිය සමහරුන්ගේ කම්මැලිකම . මහන්සි වෙලා කීයක් හරි හම්බු කරනවාට වැඩිය අනුන්ගේ දේ ගන්න එක ලේසිනේ. දැන් මෙතන මේ තමන්ගේ රත්රන් අනුන්ට පුදන්න වුන මහත්මීන් කොච්චර අමාරුවෙන්ද ඒවා හම්බ කරන්න ඇත්තේ .(හේ)
මේ සේරම වෙන්නේ දුප්පත්කම නිසා (ම)
මම හිතන්නේ ඕක මීට වඩාවෙනස් විදියකට බලන්න ඕනේ. කවුද දන්නේ පොඩි ළමයෙක් සෙල්ලම් කරපු නිසා මුද්ද පරිස්සමට අරන් තිබ්බද කියලා? අපි ඕනෙම දෙයක් ගැන දෙපැත්තම බලන්න පුරුදු වෙන්න ඕනේ. (හේ)
තෑග්ගක් දිලා ගිහින් තියෙන්නේ.(හේ)
මට නම් පුදුම කරදරයක් වුනේ. රැකියාවකට යන්න කියලා අපේ ගෙදර නැවතුන නෝනාගේ නංගි එයාගේ නවරත්න මුද්දක් අතුරුදහන් වීම ගැන අපේ නංගිට චෝදනා කළා. අපේ නගාත් "නවරත්න මුද්දක් පළදින්න මම ඔයා වගේ අපලකාරියෙක් නෙවෙයි" කියලා . ගෙදරම වලි පුරයක් වුණා.(ම)
අපේ මහත්තයාගේ නංගිත් ආවොත් ගෙදර තියෙන සුදු ලුණු බිකක් හරි උස්සාගෙන යනවා. නංගිලා හිතන්නේ බන්දලා දුන්නට පසුවත් අය්යල ඒගොල්ලන්ට කඹුරන්න ඕන කියලා. මේ දවස් වල කෙල හලනවා අපේ ගෙදර තිබෙන මම අමාරුවෙන් සල්ලි එකතු කරලා මිලට ගත්ත විදුලි උපකරණයකට. එයාට ළමයි තුන් දෙනෙක් ගේ රෙදි හොඳන්න අමාරුයිලු. බැරි වෙලාවත් අපේ මහත්තය ගත්තු එකක් නම් අනේ අය්යේ මට මේක ඕන කියලා උස්සාගෙන යනවා. යාලුවෙක් පිටරට ගිහින් එනකොට තෑගී දුන්න ග්‍රයින්ඩර් එකත් මහත්තයාට බටර් ගාලා එයා උස්සාගෙන ගියා, පුදුම කරදරයක්! (ස)
සමහර නංගිලා ගේ හැටි ඔහොම තමයි . ඒගොල්ලන් හිතන්නේ අක්කලා අයියලාගේ ගෙවල් වල තිබෙන සබ්බ සකලමනාවම තමන්ගේ දැවද්දේ කොටසක් කියලා . (ම)
ඇත්තටම නංගි මුද්ද ගත්තාද? මෙහෙමත් උදවිය පුදුම ආශාවල් අනුන්ගේ දේවල් වලට (ම)
බනින්න දෙයක් නැහැ මහත්තයා කතාව ඇත්ත. නංගිලා ගෙවල් පැත්තේ එනවා නම් කනේ තිබෙන කරාබුවේ ඉඳල හංගන්න ඕන. කලකට ඉහත මගේ මහත්තයාගේ නංගි මගේ රත්‍රන් වළලු ආපසු දෙන පොරොන්දුව පිට උත්ස්සවයකට ඉල්ලාගෙන අද වෙනකන් ආපසු දුන්නේ නැහැ. ඔය නංගිලා කියන වර්ගයේ නෑදෑයන් ඔහොමමයි. (බ)
ගැණු කෙනෙක් තමයි මෙහෙම එකකට සම්බන්ධ වෙන්නේ. දැන් ඉතින් මට බනි කට්ටියම (බ)
කමල් ඔයා කියපු දේ වුණා අපේ ප්‍රදේශයේ ගෙදරක, දරුවා ලැබෙන්න ඉන්න කාලයේ උදව්වට නංගිව ගමෙන් ගෙන්න ගත්ත අක්කා කෙනෙකුට. (ම)
ඕවා මොනවාද අක්කාගේ මහත්තයාවත් හොරකම් කරගෙන යන නංගිලා ඉන්න රටක (ත)
තමන්ගේ ගෙදර දාන උත්සව තිබෙනවා නම් වැඩිපුර වටිනා කියන බඩු ප්‍රවේශමෙන් අරන් තියා ගන්න එක හැමෝටම හොඳයි. මේ කාන්තාව රත්රන් බඩු කොට්ටේ යට තියල ගිහින් නැතිවුණා එක වැඩිය හොඳයි . අර පොඩි දරුවා මුද්ද කටේ දාගෙන ගිල්ලා නම් පොලිසියට නෙවෙයි රෝහලට යන්න වෙන්නේ. (ම)
ඔය ප්‍රශ්නය පොලිසි ගානේ ගෙනියන්නේ නැතුව අක්කල නංගිලා කතා කරලා විසදගන්න තිබුනනේ. දැන් මුළු පව්ලටම මොන තරම් අවනම්බුවක්ද? දැන් ඉතින් පෙරකදෝරු ගාස්තුව මුද්දේ වටිනාකමටත් වඩා ඉහල.යනවා නොවේද? (බ)
පින් කරගන්න ඇවිත් මුද්ද හොරකන් කරලා පව් පුරවා ගත්තා .ඒ විතරක් නොවෙයි දැන් උසාවිත් යන්නත් සිදු වෙනවා.කරපු හොරකම නිසා දැන් නැකමත් ඉවර ඇති නේද? (බ)
හොඳ පුවතක් (බ)