(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අක්කාගේ ප්‍රේම දුරකතන ඇමතුම නිසා නිරෝධායනය වෙමින් සිටි මල්ලිට හා නංගිට දහවල බත් බඩගින්නේ ඉන්නට සිදු වූ අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් වාර්තා වේ.
තාත්තා විදේශ රටක සේවය කළේය. අම්මා කොරෝනා නිසා කොරෝනා මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියාය. ඒ, කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීමත් සමගමය. ඒ සමගම ඇයගේ ආශ්‍රිතයන් වන ලොකු දුවත්, පොඩි දුවත්, පුතාත් නිවෙස් නිරෝධායනයට ලක් කර සිටියහ.
ලොකු දුව පාසල් අධ්‍යාපනය නිමා කර රැකියාවක් අපේක්ෂාවෙන් සිටියාය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළා මිසක් ගෙදරදොරේ ඉවුම් පිහුම් කිසිවක් ඉගෙන නොගත්තාය. මේ නිසාම නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටි ඔවුන් තිදෙනාටම තුන් වේලටම අවශ්‍ය ආහාරපාන ගෙන ආවේ ඥාතීන් ඇතුළු හිතවතුන්ය. ඊට බාධාවක් නොවූයේ ඔවුනට යමක් කමක් තිබූ අය වීමත් පියා විදෙස් රටක සේවය කිරීමත්ය.
එදා දහවල් කෑම රැගෙන පැමිණියේ ඥාති අයියා කෙනෙකි. නිවෙසේ ගේට්ටුව ළඟ තබා තිබූ පුටුව උඩ කෑම පාර්සල් තුන තියා ඔහු ලොකු දුවට දුරකතන ඇමතුමක් ගත්තේ ඒ බව දැන්වීමටය. දුරකතනය කාර්යබහුලය. කිහිප අවස්ථාවක් ඒ සඳහා උත්සාහ කළත් එය එසේමය.
නිවෙස ගේට්ටුවේ සිට දුරින් පිහිටා තුබූ නිසාත්, එහි ඉදිරිපස දොර වසා තිබූ නිසාත් දිවා ආහාරය රැගෙන ආ බව දැන්වීමට ඔහුට වෙනත් විකල්පයක් නොතිබිණ. ඒ එක්කම ඒ අවස්ථාවේදී යෙදී තිබූ හදිසි අවශ්‍යතාවක් නිසා ඔහු යතුරුපැදියේ නැගී ගියේ මගදී ඒ පිළිබඳව දුරකතන ඇමතුමක් ලබාදෙන බවට සිත්හි රඳවාගෙනය. මගදී ද ඇමතුම් ලබාගත්ත ද එය කාර්යබහුල විය.
විනාඩි තිහ හතළිහකට පමණ පසුව යාන්තම් ලොකු දුවගේ දුරකතනයට සම්බන්ධ වී “නංගි, අන්න දහවල් කෑම ගෙනත් පුටුව උඩ තියලා ඇති” යයි ඔහු කීවේය. ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ලොකු දුව දහවල් කෑම පාර්සල් රැගෙන ඒමට ගිය විට දක්නට ලැබුණේ කෑම පාර්සල් තබා තිබූ පුටුව ආසන්නයේ දිව කට ලෙවමින් සිටිනා සුනඛ රැලකි. වැඩේ හමාර බව ඇය වැඩි දුරක් නොගොස්ම තේරුම් ගත්තාය. පුටුව උඩ තබා තිබූ කෑම පාර්සල් බිම දමා සුනඛයන් ඒවා ආහාරයට ගත්තේ නිරෝධායනය වෙමින් සිටි මේ තිදෙනාම දහවල බත් බඩගින්නේ හිඳුවාලමිනි.
මේ බව කාටවත් පවසා දහවල් කෑම ගෙන ඒම ලජ්ජාවක් යයි සිතූ ලොකු දුව ලැබී තිබූ විස්කෝතු පැකට් කඩාගෙන මල්ලිට හා නංගිට දී කෑවේ මේ බව කාටවත් නොකියන ලෙස ඔවුන් දෙදෙනාගෙන් ඉල්ලා සිටිමිනි. එහෙත් සවස සිය දූ දරුවන්ගේ සැප සනීප ඇසීමට මව දුරකතන ඇමතුමක් ගත් විට පොඩි පුතා සුරතල් වෙමින් “අම්මේ, අද හරි වැඩක් වුණේ. අක්කා යාළු අයියත් එක්ක ෆෝන් එකෙන් මල් කඩ කඩ හිටිය නිසා දහවල් බත් බඩගින්නෙත් ඉන්න සිද්ධ වුණා” යයි මේ සිද්ධිය කීවේ අම්මාට ද දෙවියන් බුදුන් සිහි කරමිනි.
අම්මාගේ බ්‍රේක් නැති කටෙන් මේ සම්බන්ධයෙන් ලොකු දුවට දොස් තැබුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටියවුන් ද දැනුම්වත් කරමිනි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අක්කාගේ මල් කැඩිල්ලෙන් නංගීත් මල්ලිත් බඩගින්නේ
himal Thursday, 07 October 2021 03:40 PM
මෙතන මල් කඩන්නෙ නැතුව අම්මා එක්ක කෝල් එකක හිටියත් මේ වැඩේ වෙන්න පුළුවන්නේ. වැරැද්ද තියෙන්නේ කෑම එක බල්ලන්ට එන්න බැරි වෙන්න තියන්න තැනක් නැති එක.