රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයකට වඩා හිස් කිරිපිටි පෙට්ටියක් වටිනා බව පෙන් වූ තරුණයකු හෝකන්දර හන්දියේදී දැකගත හැකිවිය. හතරමං හන්දියෙන් එක්පැත්තකට මහරගමය. අනෙක් පැත්ත මාලබේය. තලවතුගොඩට සහ අතුරුගිරියට අනෙක් පාරය. නවීන පන්නයේ මිලෙන් ඉහළම වූ මෝටර් රථයක් එක්වරම හතරමං හන්දියේ නතර කළේය. ඒ මෝටර් රථයේ පිටුපසින් යමක් වදිනු ඇසීමෙනි. ඇන්ජිම පණගැන්වී තිබියදීම ඉන් බැසගත් පුද්ගලයා වාහනයේ පිටුපස පරික්ෂා කර බලා නැවතත් වාහනයට ගොඩවන්නට දොර ඇරියේය. පුදුමයකි දොර ස්වයංක‍්‍රීයාව අගුළු වැටී තිබිණි. විනාඩි 15 ක් පමණ ගත විය හතරමංහන්දිය සතර අතටම වාහන තදබදය කිලෝමීටරයක් පමණ දිගු විය. ඒත් සමගම අවට සිටිය වුන් බැණ වදින්නට ද විය. මොනවද මහත්තයෝ කරන්නේ ඇක්සිඩන්ට් වුණා නම් පාර ලකුණු කරල ඕක අයින් කර ගන්නකෝ. ඇතැමෙක් කීහ. ඒ අනතුරින් එක් පුද්ගලයෙක් සිද්ධිය වටහා ගත්තේය. ඔහු තම ජංගම දුරකථනයෙන් යමෙකුට ඇමතුමක් ලබා දුනි. හරි හරි දුරකථනය විසන්ධි කළේය. කවුරු හරි හිස් කිරිපිටි පෙට්ටියක් හොයලා තියන්න මේ කේ දොර අරින්න පුළුවන් කෙනෙක් විනාඩියෙන් එනවා. ඒත් සමගම මජං සහිත ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් යතුරු පැදියකින් එතැනට ආවේය. කෝ කෝ කාඞ් බෝඞ් පෙට්ටිය ගෙනාවද මෙහාට දෙන්න. කිරි පිටි පෙට්ටිය හතරට නමා යම් හැඩයක් සැකසුවේය. එතැන් පටන් ඔහුට ආවේණික ක‍්‍රමවේදයකින් රියැදුරු අසුන ඇති පැත්තේ වීදුරුවකින් කාඞ් බෝඞ් කැබැල්ල හිර කළේය. යාබද යකඩ බඩු වෙළෙඳ සලකින් කම්බියක් ගෙන අගුල වැටී තිබූ දොර විවර කළේය. දැන් හරි මහත්තයෝ දොර ඇරුණා. මේ වාහන ලෝකේ කොහේ හැදුවත් මහත්තයෝ අපේ ලංකාවේ මොළකාරයන්ට මේවා හිස් කිරිපිටි පෙට්ටියක් තරම්වත් වටින්නේ නෑ. එසේ කියූ ඔහු යතුරු පැදියේ නැගී පිටව ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කාටත් බැරි වැඩ අපේ කොල්ලන්ට පුළුවන් (දී)
ලංකාවේ අපේ ගොල්ලන්ගේ වැඩ ගින්දර වගේ (ස)
කිරි පිටි වෙළඳ දැන්වීමකට නියමයි නේ ..(ස)
අපෝ ඕක ලොකු දෙයක් නෙමෙයි...ඔතන කිරිපිටි පෙට්ටිය නෙමෙයි වැදගත් භාවිතා කර කම්බිය ..(ස)
මෙවන් මිනිස්සුන්ට අත දුන්නොත් කොහොමට තියෙයිද (දී)
ඔයානම් මාරයි මල්ලී (ස)
මෙවන් ක්‍රම තුලින් ඔප්පු වෙන්නේ ලංකාවේ කොල්ලෝ දක්ෂ බව නොවෙයිද (දී)
තිලාන් සහ රසෝල් යමක් කමක් දන්නා අය වන අතර අනෙක් අයට මෙය මැජික් බව පෙනී යයි. (ස)
කොහොමද අපේ වැඩ කාරයෝ (දී)
මල්ලි, ඕක හොද පැත්ත වාගේම තමයි නරක පැත්තට ගියොත්. කොයිකටත් මල්ලිගෙන් පරිස්සම් වීම ඇගට ගුණයි. (නි)
ඔන්න අපේ වැඩකාරයෝ , තෑග්ගක් දෙන්න ඕනි .(ස)
කොහොමද අපේ වැඩ (දී)
අයියෝ ඕවා මැජික් නෙමෙයි (ස)
දක්ෂයාට අත හිත දෙන්න ඕනේ (දී)
අශෝක දන්නේ මොනවද ? (ස)
කොහොමද ලෝකේ දක්ෂයෝ ඉන්නේ ලංකාවේ (දී)
මේක ඒ තරම් සුභ නොවෙයි (දී)
මමත් කාර් එකක් ගන්න ඉන්නෙ. (දී)
සමහරු ඉන්නවා, තමන්ට වැඩක් කරන්න බැරි නිසා කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. කෙනෙක් කළාම ඒක දරා ගන්නත් බැරුව "ඕවා මැජික් නෙවෙයි" වගේ කතා කියනවා. (ස)
එක් අයෙකු දෙයක් කළ විට "මටත් පුළුවන්", "මමත් දන්නවා" යනුවෙන් කියන අය සමාජයේ බහුලය. (ස)
බනින්න නොවෙයි අගය කරන්න ඕනේ මෙවැඩ (දී)
වාහනයක් ගන්න හිටියා මම එපා උනා මේවා අහුවහාම (දී)
අපේ කට්ටියගේ වැඩ නම් කතා කරන්න එපා (දී)
ලොකු උදව්වක් කරලා තියෙන්නේ (ස)
කරපු උදව්ව වැදගත් යොදාගත් උපක්‍රමයට වඩා (ස)
මම නම් මගෙ කාර් එක ඇරගන්නෙ අඩි කෝදුවකින්. තප්පර කිහිපයක් යන්නෙ. කාර් මොඩලය කියන්නෙ නැත්තෙ මේ වගේ කාර් පාවිච්චි කරන අයට ආරක්ශාව ගැන ගැටළු එන නිසා. (ස)
ලංකාවේ නියම මොලකාරයෝ ඉන්නවා. සමහරු ඒක යහපතට ඒක යොදවනවා . අනිත් අය ඒක යොදවන්නේ අයහපතට (ස)
එල කොල්ලෙක්නේ ? මේ වගේ අයට අත දෙන්න කවුරුවත් නැති එකයි දුක (ස)
වාහන වලට වෙනම අගුලක් හදන්න වෙයි වගේ (දී)
ස්තූතිය වත් නැද්ද කොල්ලට (ස)
මේ මිනිස්සුන්ට ඇත දෙන්න ඕනේ (දී)
එල එල අපේ අය කොහොමත් මේ වගේ දේවල් වලට දක්ෂයි (ස)
ඔහු වගේම ඔහුව මෙහෙයවපු කෙනාටත් මේ ගෞරවය හිමි වෙන්න ඕනි (ස)
සිංහලයට බැරි මොනවද ආයුබොවන්ඩ..? (ස)
මල්ලි මෙයාගේ ගම ගාල්ල බව දැණගන්න (ස)
මේ මිනිස්සු පරිස්සම් කර ගන්න මොකද අමරිකාවලින් ජපානෙන් මේ මිනිස්සු ගන්න ඉඩ තියෙනවා (දී)
මම මින් පස්සේ පාරේ බස් එකේ යනවා (දී)
වාහනයක් පාරේ නවත්තලා යන්නත් බය හිතෙනවා (දී)
මේ වගේ අය බලය ආවොත් ගොඩ (ස)
මින් පසු කිරි පැකට් විසි කරන්න එපා (දී)
මේ කොල්ලන්ව අපි දිරි ගන්නන්න ඕනේ (දී)
රාවණා රජුන්ගේ පරම්පරාවෙන් එන අපිට මොනවද බැරි. නියම කොල්ලෙක්. (නි)
මම මිට පස්සේ කිරි පැකට් බිලා විසි කරන්නේ නැහැ (දී)
කිරි පැකට් එකකට ඒ තරම් දෙයක් කරන්න පුලුවන්ද (දී)
මේක රැකියාවක් කරගත්ත අයත් ඉන්නවා. (නි)
නියම මනුෂ්‍යයෙක්. (නි)
මෙවන් අය අල්ලා හිරේ දන්නේ නැතිව මේ අයගේ දක්ෂතා ඉස්මතු කළා නම් කොහොමද (දී)
මේ දවස් වල නම් පාන් භාගයක් සීට් එක උඩ තියලා ගියත් දොර ඇරලා ඒක අරන් තියෙයි. (නි)
මෙයට කිරි පිටි පැකට් එකක්ම වුවමනා නැහැ වගේම මෙහි ඇති ආකාරයට අමුතු ක්‍රමවේදයක් අනුගමනය කිරීමද අවැසි නොවේ. උවමනා කරන්නේ අගුල ඇති තැනට උඩින්, වීදුරුව සහ දොර අතරින් නවා ගත් කම්බියක් ඇතුළු කීරීමට ඉඩක් සාදා ගැනීම පමණි. පත්තර කොළ කිහිපයක් හෝ කුඩා ලී පතුරක් උවද මේ සඳහා සෑහේ. ඉන් පසු කම්බි කොක්ක වීදුරුව සහ දොර අතර සාදා ගත් ඉඩෙන් ඇතුළු කර අගුලේ ලීවරය ඇදීමෙන් දොර විවර කල හැක. බටහිර රටවල මෙවැනි සේවා සපයන ආයතන පවා ඇත. ඔවුන් වාහනය ඇති තැනට පැමිණ මෙවැනි සේවා සපයන අතර වාහන සොරුන්ද මේ ක්‍රමය අනුගමනය කරයි. (නි)
කොල්ලා රජ බඩුවක් නේ (ස)