අගනුවර රාජ්‍ය ආයතනයක රැකියාවක් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයකට ඔහු කැඳවා තිබුණේ හදිසියෙනි. එහි ඇඳගෙන යාමට සුදුසු දිග කලිසමක් නොවූයෙන් ඔහු “රෙඩි මේඞ්” දිග කලිසමක් රැගෙනවිත් ගෙදරදී ඇඳ බැලූවිට එය අඟල් දෙකක් තරම් උස වැඩි බව පෙනිණ.
එම අඟල් දෙක අඩුකර දෙන ලෙස මවට කීවත් ඇය සැලකිල්ලෙන් එය අසා නොසිටි නිසා තම නංගීට එහි උස අඟල් දෙකක් අඩුකර දෙන ලෙස පවසා බැහැරට ගියේ කිසිවකුගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය.
ආපසු පැමිණ නංගී කොට කරන ලද කලිසම ඇඳ බැලූ ඔහුට තරු පෙණින. එය අඟල් හතරක් පමණ කොට වී තිබිණ. නංගීගෙන් විමසූ විට ඇය කීවේ තමා අඟල් දෙකක් පමණ කොට කළ බවකි.
ඒ සමගම එතැනට ආ මව “හත්දෙයියනේ මම අඟල් දෙකක් අඩුකරල කලිසම හදල තිබුණේ. ඔයත් ආයෙ ඒක අඟල් දෙකක් අඩු කළා ද?” ඇසුවේ විමතියෙනි.
(තිහගොඩ උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කලිසම! (නි)
වැඩේ බකල් කරගත්තේ ඕනෑකමින්මනේ. ඕක ගත් තැනින්ම කරගත්තා නම් වැඩේ ඉවරයිනේ. (නි)
සන්නිවේදන ගැටළුවක් (නි)
අම්මයි නංගියි ජීවත් වෙන්නේ ගෙවල් දෙකක වෙන්නැති.....(අ)
පිටිගල ලංකාවේ මුල් බැහැපු ප්‍රශ්නයක් ඕක. සන්නිවේදනය! (අ)
නියම අම්මයි දුවයි (නි)
බොහෝ නගරවල මෙවැනි ඇඳුම් විකුනන්නේ ඇඳුමේ උස වෙළෙන්දා විසින්ම අඩුකරලා. නොමිලේම කරදෙනවා (අ)
අඟල් දෙකක් කලිසම කොට කරන්න කපන්නම අවශ්‍ය නැහැනේ. (නි)
මේ වගේ සිද්ධියක් ළඟදි මටත් වුණා (නි)
මම ඩොලර් 10 කට මිලදී ගත්ත කලිසම අඟලක් අඩු කරන්න ටේලර් ඩොලර් 20 ඉල්ලුවා . මම සත 50 කට ඉදි කටු පෙට්ටියක්ම සහ නූල් බෝලයක් අරගෙන එ්ක මමම කරගත්තා (බ)
හොඳ එකමුතු පවුලක් (නි)