ඉඩම් ආරවුලක් අඟල් දෙකක ඉඩම් කොටසක් ලබාදී දෙපිරිස සතුටුකර ආරවුල විසඳීමට ඊයේ (31) දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ.වීරසිංහ මහතාට හැකිවිණි. දඹුල්ල දඹුලූ ඔය සක්විති උයන ප‍්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනකු අතර කාලයක සිට මෙම ඉඩම් ආරවුල පැවතී ඇත. එක් පාර්ශවයක් චෝදනා කැර සිටින්නේ තම ඉඩමෙන් අඟල් හතරක කොටසක් අල්ලා වැට ගසා ඇති බවයි. විරුද්ධ පාර්ශවය කියා සිටින්නේ එවැන්නක් සිදු නොකළ බවත් තම ඉඩමෙන් අඟලක් හෝ ලබා නොදෙන බවය. මෙම හබය විසඳීමට කාලයක සිට පොලිසිය උත්සාහ ගත්තද අසාර්ථක වී ඇත. ඊයේ (31) දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ.වීරසිංහ මහතා දෙපාර්ශවයම ගෙන්වා දැඩිලෙස අවවාද කළේය. බිම් අඟලකට වසර ගණනාවක් විරසකව සිටීම ගැනත් පහදා දුන්නේය. එක් පාර්ශවයක් ඉවත් වී සිටින්නැයි කළ ඉල්ලීම් ඔවුන් ඉවත දැමීය. පසුව පොලිස් පරීක්‍ෂක වරයා අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ අඟල් හතරක් වැඩියෙන් අල්ලා වැට ගසා ඇති ඉඩමෙන් අඟල් දෙක බැගින් වෙන් කොට දෙපාර්ශවයට බෙදා ගැනීමටයි. එම යෝජනාවට දෙපාර්ශවය කැමැත්ත පළ කළේය. ඒ අනුව පොලිස් නිලධාරීන් ගේද සහය ඇතිව අසාධාරණයක් නොවන පරිදි පර්චස් 15 වේ වූ ඉඩම් කොටස් දෙකකට අඟල් දෙක බැගින් ලබාදී වෙන් කැර වැට ගැසීමට ඔවුන්ට හැකිවිණි. කාලයක් තිස්සේ අඟල් හතරක ඉඩම් කොටසට විරසකවී සිටි දෙපාර්ශවය සුහදව මෙම විසඳුම අනුව සිටින බව පොලිසිය ඉදිරියේ පවසා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නට අඟල අඟල දීලා මැද අගල් 2 හස්ව තිබ්බනම් වඩාත් වටිනවා (ස)
ස්වභාව ධර්මයෙන් වන විපත්වත් මේ මිනිසුන්ට පෙනෙන්නේ නැද්ද අප්පා. (ස)
අගල් දෙකක්ම අඩු වෙලා
මුතුකුඩ, සරත්, කවුරු හරි හොඳ දෙයක් කළාමත් ඒකෙ ඇද කුද කියන්න යන්න එපා. ඒක මහ නීච ගතියක්. (නි)
නියමයි
ගොඩාක් කාලෙකට පස්සේ හොද කතාවක් .... (නි)
තන්හාය ජායතී සෝකෝ.. ඔය අගල් දෙක ගත්තා කියලා මල් පැලයක්වත් හිටවගන්න පුළුවංද? අපි බෙදා හදාගන්න ජාතියක්.. කියලා කිව්වට වැඩක් නැහැ.. ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න ඕන..!(නු)
මගේ අල්ලපු ගෙදර පොර මගේ ඉඩම අල්න්න ආවා මම කිව්වා මම සල්ලි දෙන්නම් මනිමු කියලා. ඊට පස්සේ මට අඩියක් විතර වැඩිපුර ලැබුනා. මිනිහට කරගත්ත මෝඩකම කියලා හිතෙන්න ඇති. (ස)
අහන්නත් ආසයි. (නි)
ගයාන් , මට ඔයාගේ අදහස පැහැදිලි නෑ. සමාවෙන්න (ස)
හොද පොලිස් නිලධාරියෙක් (ස)
අනේ හරී ෂෝක්........මට මේයාල ගැන (එකමුතුව ගැන) හරිම සතුටුයි. අමරණීය එක ගැන හරිම සතුටුයි.(ස)
මසුරන් වැඩක් !!!! (ස)
මහ පොලොව අපේ නෙවෙයි. හිතන්න..(නු)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අගල් හතරක්? අනේ අනේ.... (නි)
මාර දෙන්නෙක්නේ. (නි)
අයියෝ සල්ලි
මෙහෙම පොලිස් නිලධාරිනුත් ඉන්නවා..!(නු)
මගේ පවට මෙහෙම ජාතියක උපන්නනේ (ස)
යන දවසට ඔය අඟල් 2 අරගෙන යාවි (ස)
පොලිසියෙන් ඉඩම් නඩු විසදන්න යාම විහිළුවක්.. එම විසදුම් නීතිමය විසදුම් නොවෙයි.. බයට සහ බලකිරීම් මත සිදුවෙන ඒවා. ප්‍රශ්ණ එතනින් ඉවර වෙන්නෙ නැත.. ඔය විදුම් කොහේවත් නීතිමය සටහනක් නැත. එමනිසා එමවිසදුම් වැඩක් නැත..!(නු)
මහනුවර අරුප‍්පොල මැදපාරේ ගෑනු කෙනෙක් ඉන්නවා එයාගේ ඉඩමේ තියෙන්නේ ජංගම වැටවල්. මාසයකට අගල බැගින් අනෙක් වතු වලින් අල්ලගන්නවා. සමෘද්ධියෙන් හදපු කොන්කීට් පාරත් දැන් අඩියක් විතර අල්ලගෙන ඉන්නේ. නගර සභාවයි පොලිසියයි මෙයාට ගෙදර වගෙයි. (ස)
අද මෙය පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා මහා පරිමානයෙන් සිදුවන දෙයක්.. මේක පුදුම විය යුතු දෙයක් නෙමෙයි..!(නු)
මහදැන මුත්තාගේ නඩු තීන්දුව වගේ..!(නු)
ඉඩමේ ප්‍රමාණය මොකක් උනත් හැමෝම තම තමන්ගේ අයිති සීමාව රැක ගැනීමට උත්සහා කිරීම වැරදි නැහැ.. හැමෝගෙන අත්මඅභිමනයට පහර වදිනවට තියෙන අකමැත්ත තමයි ඉඩමේ අගලකට වඩා වැදගත්.. මමනම් ඔතන ලොකු වරදක් දකින්නෙ නැහැ..!(නු)
දුර දක්නා ඥාණයකින් ප්‍රශ්ණය විසදා ගැනීමට ලැබිම ගැන අපේ ප්‍රණාමය.. නිලධාරී තුමාට.. නැත්නම් වෙන ලොකු විනාශක් වෙන්න තිබුණා.. බණවත් අහලා තන්හාව නැති කරගත්තෙ නැත්නම් පෙරේතයෝ වෙලා තමයි උපදින්නෙ.(නු)
මේ වගේ ආරවුල් විසදගන්න පුළුවං නම් නඩු කියාන පරම්පරාගනන් නාසිති කරන්න ඔන නැහැනේ..?(නු)
අනේ මෙහෙමත් ජාතියක්..(ස)
පොලිස් නිලධාරියා විශිෂ්ටයි..!(නු)
කෙන්ද කන්ද කර ලතවී දිව් කතර අවුරුදු ගණන් වෛරය දෙපවුල් අතර ඉමහත් ප්‍රශංසා හිමි විය යුතු නිතර නිලධාරීන් පොලිස් එකතුව බෙදු හතර ..(ස)
විහිළුවක් වගේ
පොලීසියේ මහත්තයට අපගේ ප්‍රණාමය ..(ස)
විකාර
2004 සුනාමිය මතකනම් ඔය වගේ දේවල් වලට රණ්ඩු වෙන්නේ නෑ ..(ස)
දුක් වෙන්න එපා දිනේෂ්... හැම ජාතියකම මේ වගේ අය ඉන්නවා...!(නු)
දිනේෂ්, අපිට පවු දෙන්නෙ නැතුව,පින්බර රටකට මකබෑ වුණොත් නරකද ? අපේ ජාතිය අපිට වටිනවා !!!! (නි)
අවසානේ අගල් 6-3 කොටසක් පමණයි ඕනි වෙන්නේ (ස)