විශේෂ වාර්තාකරුවකු විසිනි
අට වසරේ සිසුවිය පාසල් සිසුන් අටදෙනකුට පමණ නිවෙසින් පාසලට රැගෙන ආ බීර පෙවූ අපූරු පුවතක් ගාලු දිසාවේ රූකඩවලට නමක් ගත් නගරයක ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.
ලංකාවේම නමක් ගත් පාසලකි. නමට සලකන පාසලකි. එමෙන්ම මෙරටට උගතුන්, බුද්ධිමතුන් බිහි කිරීමේ තෝතැන්නක් වූ පාසලකි.
සිය විදුහලේ අට වසරේ සිසුවියක පාසලට බීර රැගෙන ආ බවට තොරතුරු පාසල් බලධාරීන්ට එන්නේ පාසල් ළමයින්ගෙනි.. සිසුවිය රැගෙන ආ බීර එම වසරේම සිසුන් පානය කළ බවටද තොරතුරු එයි.
පාසල් බලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙය ඇත්තක්දැයි සොයා බලන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දෙවියන්වත් නොඅදහන බැවිනි. වැඩේ ඇත්තකි. පාසල් බලධාරීන්ට දවල් තරු පෙණින.
අට වසරේ සිසුවිය පාසලට බියර් ගෙනා ආවේ කෙසේද ඒවා සිසුන් පාසල් වේලාව තුළදීම පානය කළේ කෙසේදැයි යන්න පිළිබඳව සලකා බැලීමේදී පාසල් බලධාරීන් සිටියේ කොහේදැයි යන්න තමන්ට බලවත් ප්‍රශ්නයක් බව මාපියෝ කියති.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අට වසරේ සිසුවිය පාසලට බීර ගෙනත්
Janindu Tuesday, 06 September 2022 10:44 AM
ගුරුවරුන්ට ඉතින් ළමයි පස්සෙම වැටිලා බලන් ඉන්න බෑනේ.. දෙමාපියන්ගේත් වගකීමක් තියෙනවා මේ වගේ දේවල්වලට...!
APerera Tuesday, 06 September 2022 05:58 PM
ඕක මොකක්ද...? පාර්ලිමේන්තුව ඇතුළට මිරිස් කුඩුත් ගෙනිච්චේ...?