IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අට හැවිරිදි දරුවා මට්ටු කරන්න පොලීසියට හදිසි ඇමැතුම් දීලා

 (කුලියාපිටිය - චාමර විමලරත්න)
සිය 8 හැවිරිදි දරුවා නිවෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව දන්වමින් ගල්පොළ ප‍්‍රදේශයේ මවක් කුලියාපිටිය පොලිසියේ 119 හදිසි ඇමතුම් රථයට රාත‍්‍රී 9.00ට පමණ දුන් දුරකථන ඇමැතුමක් අනුව එම රථයේ නිලධාරීන් එකී නිවෙසට ගොස් විමසුම් කිරීමේ දී කලහකාරී ලෙස හැසිරුණු බවකී දරුවා නිවෙසේ නිදිසුව විඳිනු පොලිස් නිලධාරීහු දුටුවහ.


පොලිස් නිලධාරියා: මේ දරුවා කාගේද?


මව: මගේ. මෙයා කියන දෙයක් අහන්නේ නෑ. අකීකරුයි. ?ට කෑම ටික කවන්නේ යුද්ධයක් කරලා. පොලිසියෙන් එනව කිව්වමයි ගිහිල්ල නිදාගත්තේ.
පොලිස් නිලධාරි: ජීවිත හා දේපළ ආරක්ෂා කරගත යුතුව ඇති හා සාමය හා නීතිය කඩවන අවස්ථා උද්ගතවූ විටෙක පමණයි 119ට දැනුම් දිය යුත්තේ.
දරුවා කියන දේ අහන්නේ නෑ, අකීකරුයි කියලා 119ට කීම එහි වටිනා රාජකාරිය නොවටිනා ලෙස හෑල්ලූ කිරීමක්. පොලිසිය කියන්නේ  බිල්ලෙක් කියල දරුවන්ව රවට්ටන්න එපා.



අදහස් (0)

අට හැවිරිදි දරුවා මට්ටු කරන්න පොලීසියට හදිසි ඇමැතුම් දීලා

අශෝක Thursday, 30 October 2014 07:24 AM

ඔය වගේ මෝඩ අය නිසා තමයි අපි තවම මේ ලෝකේ යල් වැදිලා ඉන්නේ. අවවාද දීලා මදි (නදී)

:       0       0

කටුගස්තොට අග්ගදස්සි හිමි Thursday, 30 October 2014 07:27 AM

මේ වගේ කතා නල දැන් දැන් වැඩිවීමක් පේනවා. මේ යුගය මිනිසුන්ගේ සිත් විකල් වෙන යුගයක් දෝ කියා සිතෙනවා (නදී)

:       0       0

ගයන් කුමාර Friday, 31 October 2014 10:57 AM

ගැනුන්ගේ අමාරුවට නෙවෙයි 119 තියෙන්නේ.පොලිසියට තව වැඩ තියනවා.තමුන්ගේ ළමය හදාගන්න බැරිනම් මොකටද වැදුවේ. (අ)

:       0       0

දීපාල් Saturday, 01 November 2014 11:13 AM

අනේ මෙහෙමත් අම්මලා.(හේ)

:       0       0

ප්‍රසන්න Saturday, 01 November 2014 11:16 AM

ළමයෙක් නලව ගන්නත් බැරි, ළමයෙක් අවවාදයක් දිලා හදාගන්නත් බැරි. ඔය වගේ කට්ටිය නිසා තමයි උසාවි වල නඩු පිරන්නෙත්.(හේ)

:       0       0

ටානියා Thursday, 30 October 2014 07:54 AM

අ‍න්න ඒකට තමයි නූතන සමාජයේ අම්මගේ ආදරය කියන්නේ! (නි)

:       0       0

නිර්මලා Thursday, 30 October 2014 08:26 AM

අර බට්ටි ඇන්ටිට තලපු පොලිස් අන්කල්ට කෝල් කරනවා කිව්වා නම් දරුවා බත් මුට්ටියම කයි. (නදී)

:       0       0

මලොන් Friday, 31 October 2014 01:05 PM

පොලිසිය කියන්නෙත් එක්තරා බිල්ලෝ ජාතියක් තමයි. (අ)

:       0       0

වරුණ Friday, 31 October 2014 03:13 PM

අනේ ඇත්තට මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

සුලයිමාන් Thursday, 30 October 2014 03:18 AM

ගෝනිබිල්ල‍ෝ ගැන කියලා බයකළා නම් හරි (නි)

:       0       0

කාෂ්‍යප Thursday, 30 October 2014 11:51 AM

පොලිසියේ වැරැද්ද. ළමා හා කාන්තා අංශයට යොමු කරන්න තිබ්බා. (නදී)

:       0       0

විරාජ් Thursday, 30 October 2014 04:19 AM

බැලුවහම අම්මනේ බබා වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

දයා Sunday, 02 November 2014 09:34 AM

ප්‍රසන්න ඔබ හරි (දිල්)

:       0       0

දයා අලහකෝන් Thursday, 30 October 2014 05:02 AM

.ගල්පොල පැත්තේ අම්මලා විතරක් නොවෙයි තාත්තලගෙත් තත්වය ඔහොමයි මාත් ඔය කිට්ටුව තමා.(අ)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 30 October 2014 05:19 AM

පොලිසියේ අවවාදයට ගරු කරනවා.මෙහෙමත් මෝඩ ගැහැණු...! (නි)

:       0       0

රවී - ඕමාන් Thursday, 30 October 2014 05:45 AM

මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ.... අනේ මෙහෙමත් නුගත් මිනිස්සු....(අ)

:       0       0

රවී - ඕමාන් Thursday, 30 October 2014 05:45 AM

මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ. අනේ මෙහෙමත් නුගත් මිනිස්සු. (නදී)

:       0       0

රවී - ඕමාන් Thursday, 30 October 2014 05:45 AM

මේ අම්ම වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා තියනවද දන්නේ නෑ.... අනේ මෙහෙමත් නුගත් මිනිස්සු. (නදී)

:       0       0

බමුණු ආරච්චි Thursday, 30 October 2014 05:59 AM

මෙහෙම බලමුකෝ. මේ ළමයට දෙමාපියන් ගහලා ළමයා තුවාල වුණොත් පොලිසියෙන් දෙමාපියන්ව පොලිසියට ගෙන්වනවා. එහෙම නම් මෙහෙම දඟ ළමයින්ව පොලිසියෙන්වත් හදාදෙන්න. නැත්නම් අපිට දඬුවම් කරන්න ඉඩදෙන්න (නි)

:       0       0

රුවන් Thursday, 30 October 2014 07:05 AM

මෙහෙම පොලිසිය විහිලුවකට හෝ පුද්ගලික අවශ්‍යතාවන් වලට යොදාගනී නම් ඔවුන්ට තරයේ අවවාද කර හෝ උසාවියට ඉදිරිපත්කළ යුතුය. (නි)

:       0       0

රුවන් Thursday, 30 October 2014 07:05 AM

පොලිසියට මම පුද්ගලිකව කැමති නැහැ.නමුත් පොලිස් නිලධාරියා මවට පැවසු වදන් 100%ක් නිවැරදයි. (නි)

:       0       0

කලීල් Friday, 31 October 2014 10:47 AM

අනේ ඇත්තට අපේ අයගේ වැඩ! (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 30 October 2014 07:14 AM

ඔන්න බබෝ බිලූ එනවෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 230 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 258 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 572 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 629 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1077 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 905 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 423 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 424 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site