IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


අඩිකෝදුවක අයිතිකාරයා සොයන්න ගුරුතුමාගෙන් අපූරු උප්පරවැට්ටියක්

”සර්... සමන් මගේ අඩි කෝදුව ගත්තා....” නව වැනි ශ්‍රේණියේ පන්තිය භාර ගුරුවරයා ළඟට පැමිණි සුමිත් පැමිණිල්ලක් කළේය. ”සමන්...දෙන්න සුමිත්ගේ අඩි කෝදුව...” ගුරුවරයා තරමක් සැරෙන් කීවේය. ”නෑ සර්...මේක මගේ” සමන් කීවේය. ”මොනවා... එක අඩි කෝදුවට අයිතිකාරයො දෙනේනෙක්.?” ගේනවා බලන්න  ඕක මෙහාට.” ගුරුවරයා විස්මයෙන් කීවේය. සමන් දෙගිඩියාවෙන් බිම බලාගෙන ගුරුවරයා ළඟට පැමිණ අඩි කෝදුව මේසය මත තැබුවේය. ගුරුවරයා එය පරීක්ෂා කළේය. එය අරුමෝසම් වර්ගයේ අඩි කෝදුවකි. ”සර්...  ඕකෙ මගේ නම ලියල තියෙනවා.” සුමිත් හැඬුම්බර ස්වරයෙන් කීවේය. ”ආ...ඔව්.. මේ සුමිත්ගේ නම මේකෙ ලියල තියෙන්නේ.” ගුරුවරයා සමන් දෙස බලමින් කීවේය. ”අනික් පැත්තෙ මගෙ නමත් ලියල තියෙනවා.” සමන් බිම බලාගෙන පහත් හඬින් කීවේය. ඔව් ඔයාගෙ නමත් තියෙනවා. හරි සුමිත් මේකෙ මේ පැත්ත ඔයාගෙ. මේ පැත්ත සමන්ගෙ. දෙන්නා රණ්ඩුකර ගන්නේ නැතුව දෙපැත්ත පාවිච්චි කරනවා.” ගුරුවරයා කෝදුව මේසය මත තබමින් කීවේය. පන්තියේ සියලූම සිසුහු විස්මයෙන් නිහඬව බලා සිටියහ. ”කාගෙද මේ අඩි කෝදුව? ඔයාල දන්නවාද? ගුරුවරයා පන්තිය අමතා ඇසීය. ”සර්.. අපිත්  ඕක අදමයි දැක්කෙ...” සියලූම සිසුහු කීහ. ”සර්.. අපේ අම්මා ඩුබායි ඉඳල ඊයෙ ආවෙ. අම්මා මේ ජාතියෙ කෝදු දෙකක් ගෙනාවා. එකක් මට දුන්නා. අනික අක්කට දුන්නා.” සුමිත් බිම බලාගෙන හැඬුම්බර ස්වරයෙන් කීවේය. ”කීර්ති...මෙහෙ එන්න. ඔයා ගිහින් සුමිත්ගෙ අක්කට එන්න කියන්න. එයාගෙ අලූත් අඩි කෝදුවත් අරගෙන.” ගුරුවරයා පන්ති නායකයාට කීවේය. පන්ති නායකයා නික්ම ගොස් හිත් අතින් ආපසු ආවේය. ”සර්..එයා අද ඇවිත් නෑ...” ඔහු කීවේය. ”හරි මම දැන් මේ නඩුව විසඳන්නම්. සුමිත් කියනවා මේ කෝදුව එයාගෙලූ. සමන් කියනවා එයාගෙලූ. මම දැන් මේක දෙකට කපලා දෙන්නට දෙනවා. කෑලි දෙක.” ගුරුවරයා කීවේය. ”එහෙම හොඳයි සර්...” සිනා සෙමින් කී සමන් ජයග‍්‍රාහී ලීලාවෙන් පන්තිය දෙස බැලූවේය. සුමිත් බිම බලාගෙන හඬන්නට විය. ”ඔයාලා කියන්න බලන්න දැන් මේ කෝදුවෙ හැබෑ අයිතිකාරයා කවුද කියලා.” ගුරුවරයා පන්තියේ සිසුනට කීවේය. ”සමන් නොවෙයි සුමිත්.” මුළු පන්තියම එක හඬින්ම කීහ. ”කොහොමද ඔයාලා එහෙම කියන්නෙ?” ගුරුවරයා ඇසීය. ”සුමිත්ට දුකයි එයාගෙ අඩි කෝදුව කපනවට. සමන් තමන්ට අයිති නැති කෝදුවෙන් කෑල්ලක් හරි ගන්න කැමැතියි.” සිසුහු කීහ. ගුරුවරයා සුමිත්ට අඩි කෝදුව දුන්නේය. සමන්ට පහර දෙකක් ගැසුවේය. අකුරැස්ස ප‍්‍රදේශයේ පාසලකින් වාර්තාවූ පුවතකි.



අදහස් (0)

අඩිකෝදුවක අයිතිකාරයා සොයන්න ගුරුතුමාගෙන් අපූරු උප්පරවැට්ටියක්

chinthaka Friday, 30 March 2012 08:59 AM

හුණුවටයේ කතාව වගේ

:       0       0

දෙයියෝ සාක්කි පාඨකයෙක් Friday, 06 April 2012 10:14 AM

සලමන් රජතුමාගේ සිද්ධිය වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 302 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 917 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 607 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 608 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 192 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 224 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 788 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site