උත්සවයකට අවශ්‍ය අන්නාසි ගෙඩියක් අඩුවට ගන්න ගිහින් රුපියල් 800ක් එයට වියදම් කළ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. ඔහුගේ නිවසේ උපන්දින සාදයක් සංවිධානය කර තිබී ඇත.
එයට සහභාගි වෙන ආරාධිතයින්ට පලතුරු සංග්‍රහයක් ලබාදීමේ අරමුණින් බිරිය සැමියාට කතා කර හොඳ අන්නාසි ගෙඩියක් ගෙනෙන ලෙස කියා ඇත. ඒ අනුව නිවෙස අසල පිහිටි වෙළෙඳ සලකට ගොස් අන්නාසි ගෙඩියක් තෝරාගෙන මිල විමසා ඇත. රුපියල් දෙසීයක් දෙන්න කියා වෙළෙන්දා කියූ විට මවිත වී අන්නාසි මේ තරම් ගණන් මොකද? අඩුවට තියනවනේ කියා ඇත. මේ දිනවල අන්නාසි අඩුයි. මිලත් ඉහළයි. කැමැති නම් ගන්න කියා ඇත. අඩුවට අන්නාසි ගෙඩියක් ගන්න පුළුවන් යැයි සිතා පැමිණි කුලී රථයෙන්ම තව ටිකක් දුරට ගොස් ඇත.
මේ අයුරින් ඉදිරි වෙළෙඳ සල් කිහිපයකට ගියත් අඩුවට අන්නාසි ගෙඩියක් මිලට ගැනීමට නොහැකිවී අවසානයේ රුපියල් 200කට අන්නාසි ගෙඩියක් මිලට ගෙන ආපසු නිවෙසට පැමිණ ගණන් බලද්දි කුලී රිය ගාස්තුව සමග අන්නාසි ගෙඩිය මිලට ගැනීමට වියදම් කර තිබූ මුදල රුපියල් 800ක් වී ඇත. වියදම් කළ මුදල ගැන සිතූ බිරිය මදැයි අන්නාසි ගෙඩියක් ගත්තා. පලතුරු කූඩයක්ම ගන්න තිබුණා ළඟ කඩෙන් කියා පවසා ඇති අතර සැමියා කළ මෝඩකම ගැන සිතා නිහඬ වී ඇත.
(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්නාසි ටිකක් වැවුවා නම් සල්ලි තමයි (නි)
ආශික්, මොහොමඩ්, සිංහලයා මෝඩයි කියලා හිතන්නේ ඉවසන නිසාද. ඔය වගේ වැඩ ඔයගොල්ලන්ගේ අයත් ඕනෑතරම් කරනවා මම දැකල තියනවා. (නි)
අන්නාසි ගෙඩිය ගන්න මොකටද කුලී රියෙන් ගියේ. තමන්ට බයිසිකලයක් නැත් නම් අල්ලපු ගෙදරින් හරි ඉල්ලගෙන යන්න තිබුනනේ. (ම)
සිංහලයගේ ආගන්තුක සත්කාරය, කරුණාව, මෛත්‍රිය අනික් ජාතිකයින්ට නැති නිසා ඔවුන් අපි මෝඩයින් ලෙස සළකනවා. නැතුව අන්නාසි ගෙඩියට 800 වියදම් කළ නිසා නොවෙයි. (නි)
ආශික් ,මොහොමඩ් දෙන්නටම අමු කැවිලා මෙතන ජාතියක් ගැන ලියවෙලා තිබෙනවද ? (අ)
ඔබට පෙනෙන්නෙ නැද්ද ජාතිවාදය අවුස්සන්නෙ කවුද කියලා? ලංකාවේ මිනිස්සු ඕවට රැවටුන කාලය දැන් අවසන් (නි)
ආශික්, මොහමඩ්, තමන්ගේ මෝඩකම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මෙතනට ගැළපෙනම ප්‍රස්ථා පිරුළ වන්නේ "ලෝබයගේ දේ කූඹි කනවා කියලයි". මේවා හොඳ පාඩම් හැමෝටම. නෝනා හොඳ නිසා බේරුනා (නි)
ආශික්, මොහොමඩ් මහත්වරුනි, ඒ කියපු කතාව ඇත්ත. සිංහලයා මෝඩයි තමයි. ඒ නිසයි තවමත් ඔබතුමන්ලා යහතින් මේ රටේ වැජඹෙන්නේ. (නි)
ආශික්, මේ කතාවේ කොතැනවත් මෙයා සිංහල කියලා නැහැනේ... (නි)
සිංහලය මොඩය බව කියන එකට තවත් නියම උදාහරණයකි මේක.(ම)
ලෝබකමට දෙවියෝ දුන් දඬුවමක් වගෙයි (නි)
නියම කතාවක්! (නි)
හොඳ පාඩම ලෝබකමට (නි)
දේශපාලකයෝ නේ අපිට ඉල්ලන් කෑම පුරුදුකලේ (හේ)
ලෝබ කමට හොඳ වැඩේ.(හේ)
ආශික් ඔබ කියන දේ හරියට හරි.(හේ)
ආශික්, මෙතන ජාතිය පිළිබඳව සඳහන් වෙනවද? (නි)
මේ කතාවට නම් මට හොඳටම හිනා! (නි)