(වලපනේ අරුණ ඩයස්)
රාගල නගරයේ වෙළඳ ව්‍යාපාරිකයකු සිය අතක පැළඳගෙන සිටි රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා රත්තරං අත් පළඳනාවක් පසුගිය දිනක සිය වෙළෙඳ ව්‍යාපාරික ස්ථානය කරා පැමිණෙමින් සිටින අතරතුර නොදැණුවත්වම සිය අතින් ගිිලිහී මහමඟ වැටී ඇත.
රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා සිය අතක පැළඳගෙන සිටි අත්පළඳනාව නොදැණුවත්වම සිය අතින් ගිලිහී ගොස් මහමඟ වැටී ඇති බවට වෙළෙඳ ව්‍යාපාරිකයා විසින් රාගල පොලිසියට පැමිණිලි කර පොලීසිය දැණුම්වත් කිරීමක් සිදුකර ඇත.
මේ අතරතුර රාගල නගරයේ මහමඟ ගමන් කරමින් සිටි ප්‍රදේශයේ තරුණයකුට මහ මඟ වැටී තිබූ මෙම රන් අත්පළඳනාව හමු වී ඇති අතර ඔහු මේ බව සිය හිත මිතුරන් පිරිසකටද පවසා මෙම රන් අත්පළඳානව රත්තරන් නම් එය විකුණා එම මුදලින් විනෝද වීමට කතා බහ කර ගෙන ඇත.
පසුව එම පළඳනාව රත්තරංද යන්න සැකය දුරු කර ගැනීම සඳහා එම බ්‍රේස්ලට් අත් පළඳනාව රාගල නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වෙත පැමිණ රත්තරංද යන්න පරීක්ෂා කිරීමටද දී ඇත.
වෙළෙඳ ව්‍යාපාරිකයා මෙම අත් පළඳනාව හොඳින් පරීක්ෂා කර බලා එය සිය අතේ පැළඳගෙන සිටිත්දී තමා නොදැනුවත්ව සිය අතෙන් ගිලිහී ගිය බ්‍රේස්ලට් අත් පළඳනාව බවට හඳුනාගෙන ඇත.
තමාගේ අත් පළඟනාව බවට ව්‍යාපාරිකයා හඳුනා ගෙන මේ බව තරුණයන්ට පැවසීමෙන් පසු තරණයන් මුහුණට මුහුණ බලාගෙන ලැජ්ජාවට පත්ව ව්‍යාපාරිකයාට මුහුණදීමට නොහැකිව ලැජ්ජාවට පත්ව දිවගොස් ඇත.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත් පළඳනාව රන් දැයි සොයන්න අයිතිකාරයා ළඟටම ගෙනැවිත්
ඇසිලින් නෝනා Sunday, 23 November 2014 10:28 PM
සාදාරන ලක්ෂ දෙක හමාරක් වෙන්නැති. එයාර් පෝර්ට් එකේදී නොවේ නම් අතෙන් වැටුණු එකත් හැබෑව. (නදී)
භානු Sunday, 23 November 2014 11:02 PM
සාධාරණව ජීවත්වෙන දුර්ලභ ගණයේ ව්‍යාපාරිකයෙකු විය යුතුයි. නැතිවුණ දේ ආපසු ලැබෙන්න වාසනාව ලැබුනේ ඒකයි. (නි)
සමන්ති Monday, 24 November 2014 12:22 AM
තරුණයින්ට තෑග්ගක්වත් නොදී ගත්ත එක නම් වැරදියි (නි)
අශේන් Monday, 24 November 2014 09:38 AM
මේවා නිකන් ඉන්දියන් ටෙලි නාට්‍ය වගේ.(හේ)
ශාන්ති Monday, 24 November 2014 05:42 AM
දුක් මහන්සියෙන් හරි හම්බ කළ දේවල් එහෙම ලේසියකට නැති නාස්ති වෙන්නේ නැහැ .(දිල්)
දාස Monday, 24 November 2014 02:53 AM
ඔහුට තිබුණේ තරුණයින්ට යම් දෙයක් තෑගිකරන්න. මොනවා වුණත් ඔහු වාසනාවන්තයෙක් (නි)
කැළුම් Monday, 24 November 2014 03:24 AM
අද අප්‍රියෙල් පළවෙනිදා නොවෙයි නේද. (අ)
නලින් සංජීව Sunday, 23 November 2014 07:56 PM
ඉතින් ඕකට මොකෝ ලැජ්ජා වෙන්නේ හොරකමක් කරලා නෙමෙයිනෙ අනෙක අහම්බෙන් වුනදෙයක්. (අ)