දිගු කලක සිට ඇසුරු කරන පෙම්වතාගේ යතුරුපැදියෙන් පෙම්වතිය උදේ වැඩට ගොස් සවස වැඩ ඇරී ගෙදර එන්නීය. හරියට දෙන්නාම කුරුල්ලයි කිරිල්ලියි වගේලූ. ඒ මෑතදී කැදැල්ල කැඩුනාලූ. ඇය යතුරුපැදියේ යන්නේ තනියමලූ. අසල්වැසියන්ගෙන් ඔවුන්ගේ පේ‍්‍රම සබඳතාවයට බාධා තිබී නැත. ඒ නිසා දෙදෙනාම ළඟදීම යුග දිවියට ඇතුළු වීමට දින ගණන් කරමින් සිටියාලූ.
පෙම්වතා දිනපතාම තම යතුරුපැදියෙන් ඇය රැකියාව කරන තැනට ගෙන ගොස් දමා වැඩට යන්නේය. වෙනදා මෙන් වැඩට ගිය පෙම්වතිය ඔහු හමුවීමට පසුදින නොපැමිණි නිසා පෙම්වතා ඒ ගැන සොයා බැලීය. ඇගේ ජංගමේ ද ගොළුවී ඇත. පෙම්වතා දහ අතේ කල්පනා කළේය. පෙම්වතියගේ නිවසින් ද විමසූ විට දුවට මොකද වුණේ කියලා අපි මේ ඔයාගෙන් අහන්න හිටියේ. කරදරයක් වෙලාද දන්නේ නෑ. එහෙනම් සොයමු කියා දෙපිරිසම එක්වී සොයා බලද්දී ඇය වැඩ කරන ස්ථානයේම තරුණයෙක් සමග ගිහින්ලූ. පරණ පෙම්වතාට හොඳ බූට් පාරක් දීලාලූ. කලබලයට පත්නොවූ උගත් පෙම්වතා උඹට එපානම් මට දහස් වරක් එපා යැයි කියමින් මිදි තිත්ත කතාව කාටත් කියා සැනැසෙනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ ගැණු ළමයින්ගේ හැටි!! (නි)
පෙරදිනයක මා පෙම් කළ තරුණිය වෙනකෙකු හා යනවා... මගේම කලිසම අගේට ඇදගෙන ඌගේ වගේ යනවා... (නි)
අමිල එහෙම නෙමෙයි. පෙරදිනයක මා පෙම්කළ යුවතිය රටකජු විකුනනවා මගේම ලියුමක රටකජු ඔතලා මාහට විකුනනවා රටකජු කනවද ලියුම බලනවද සිත මා විමසනවා මගේම ලියුමක මොනවා බලන්නද මා රටකජු කනවා (නි)
සමහර කෙල්ලෝ කරන මේ වගේ වැඩ මෙලොවදිම පළ දෙනවා. (නි)
අලුත් පෙම්වතාගෙන් පලිගන්න තියන හොදම විදිහ එයාට ඒ ගෑනි තියාගන්න දෙන එක (නි)
රට කජු කන කොට මා නලියනවා - නෝනා දකිනවා දත්මිටි කනවා මොනවා කොරන්නද කන් දෙක බේරන් -තැඹිලි බලන්නට මං පැන යනවා. (නි)
ඔය වගේ ගැණු තව කීදෙනෙක් එක්ක යාවිද කියල දෙවියෝ තමා දන්නේ.(නදී)
අනේ මන්දා මොනවා කියන්නද කියලා? තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වලු. (නි)
අලුත් කොල්ලා ටික කාලයක් බන්ධනාගාර ගතවෙලා වගේ ඉදිවී,අනේ පව් (නි)
වරුණ උඹ නියම කොල්ලෙක්. හරිදේ ඔයා කළා. (නි)
මිදි තිත්ත කථාව ගැලපෙන්නෙ නෑනේද?(නදී)
අළුත් කොල්ලා මෝඩයි. (නි)
මටත් අපේ දිවංගත ගුණදාස කපුගේ ශුරීන්ගේ ගීයක් මතක් වුණා. "ඔබ පෙම් කරනා, ඔබේ කුමාරි..මටද ආදරේ කියා තිබේ.." (නි)
මොනවා උනත් කොල්ලා ලක්කාරයා. රත්තරන් කෙල්ලො අතරේ ඔය වගේ වල් ගෑණුත් ඉන්නවා.........හී හී (නි)
ගැහැණු කොතනද වරදේ නොබැඳෙන, ඍෂිවරයෝ කිව්වේ කට කහනවට නෙමෙයි (නි)
දෙන්නගේ නොගැලපෙන මොකක් හෝ දුර්වලකමක් තියෙන්න ඇති. ඒක නිසා කෙල්ල ගත්ත තීරණය සමහරවිට සාදාරණ වෙන්න ඇති.(ස)
මෙයා හරියට ප්‍රේමකරලා නැහැ වගේ. ගෑනු බලාපොරොත්තු වෙන දේවල් නොදුන්නොත් ඕක තමයි වෙන්නේ. (නි)
නියම සීනි බෝල කතාව..(ස)
පෙර දිනයක මා පෙම් කල යුවතිය .....(ස)
පලතුර මාරු කරා නම් හරි...(ස)
බලන්න හසන්ත මහත්තයෝ ....අපේ රටේ හැදියාව...(ස)
වැදගත් මෙගා ටෙලි නාට්‍ය තව දාන්න. එතකොට අපිට පුළුවන් සුපිරි සාමාජයක් බිහිකරන්න. අම්මා, පුතා, දුව, තාත්තා, අයියා, නංගි, මල්ලි ඔක්කොම ඉදලා බලන්න පුළුවන්. ඒ වගේ අපිට නොගැලපෙන දේවල් අපේ සංස්කෘතියට මේ වගේ තමා බලපාන්නේ. කලාව තුලින් අපිට ලැබිය යුත්තේ යහපත් දේ පමණි. අද තත්වය ගොඩක් වෙනස්. (නි)
බිරිඳ "රූපවාහිනියක්" නම් පෙම්වතිය "ජංගම දුරකථනය" ගෙදර ඉන්නකොට බිරිඳව බලාගන්න පුළුවන්. එලියට ගියාම පෙම්වතිය.(නදී)
යතුරු පැදියක් තිබ්බොත් කාර් එකක් තියෙන මිනිහෙක් එක්ක යයි. කාර් අකක් තිබ්බොත් ගුවන් යානයක් තියෙන මිනිහෙක් එක්ක යයි. ගුවන් යානයක් තිබ්බොත්, රොකට් එකක් තියෙන මිනිහෙක් එක්ක යයි. හෙහ් හෙහ් හෙහ්... (නි)
කොල්ලෝ උබ 99න් බේරුනේ. ඔය කෙල්ල බැදගත්තා නම් උබට සොරිම තමා (දී)
නදී කොල්ලෝ කීදෙනෙක් බේරිලා තියනවද ?.(නු)
ඔබ නිවැරදියි. යනවා නම් කොහොමද තියාගන්නේ. අනෙක ඕක පුරුද්දකට යනවා සිකුරුයි. (නි)
අනේ මන්දා මේ අදහස් ලියන මිනිස්සුන්ගේ භාෂා දැනුම. කිරි හොදියි හැට්ටකටුයි වගේ ගැලපෙන උපමා තමා දෙන්න දන්නේ. (නි)
පරණ අයිතිකරුගේ පිනක් පල දීලා. අලුත් අයිතිකරුගේ පව පල දීලා. නාරිචිත්තන් නවිච්චති. (නි)
සීනී බෝලේ වගේ කෙල්ලන්ගේ ආදරේ, එයාලා ඇයි මේතරම් කොල්ලන්ට කෑදරේ, (ස)
පරණ පෙම්වතාගේ පිනක් පල දීල තමයි. කසාද බදින්න කලින්ම ගිහින් තියෙන්නේ නැත්නම් බැරි වෙලා හරි බැන්දට පස්සේ ගියානම් අර අහිංසක කොල්ල මාර අමාරුවක වැටෙන්නේ චපල කෙල්ලෝ . චපල කෙල්ලොන්ට වෙනදේ රොෂාන් ප්‍රනාන්දුගේ ඔය නිසා හඬලා හා පෙරදා හධවා ගිය ඔයා කියන සින්දු දෙකේ තියෙනවා.(ස)
උගත් බුද්ධිමත් කොල්ලෙක්. මෝඩ කෙල්ලන්ට මරාගන්නේ නැතුව ඉවසපු එක හොදයි. (නි)
" මිදී කොහෙද තිත්ත . . . නරි කියිද ඇත්ත " කිව්වලු (නි)
ඇත්තටම ආදරේ කලා නම් දාලා යන්නේ කොහොමද ? දාලා යන්න පුලුවන්ද ? (නි)
අර කොල්ලා බේරුනා... (නි)
දෙවෙනි පෙම්වතා එක්ක ගියාට කසාද බැදලා ගියා කියල නැහැනේ .කවද හරි ගණිකා මඩමක හරි මසාජ් සෙන්ටර් එකක හරි අවසානය සටහන් කරගෙන සමාජයට දොස් කියයි .(නදී)
ඔහොම තමයි කෙල්ලෝ..!(නු)
ඔය වගේ කට්ටිය ගැනනේ අර විජය කුමාරතුංගයන් මේ ගීතය ගායනා කළේ. එක වරක් ඔබට මා එපානම් ....... (නි)
පහන් කියනවා වගේ වෙච්ච සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලේ පුවත් පත් වල පළ වුණා. (නි)
මිදී කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත.(නදී)
අලුත් අවුරුද්දට කාන්තාවෝ හුඟක් දේවල් මාරු කරනවානේ .(නදී)
ඔය දෙන්නට අමතරව මේ තරුණියට තව පෙම්වතෙක් දෙන්නෙක් ඉන්නත් පුළුවන්.(නදී)
ඒ කොල්ලට මොලේ තියන හින්දා බේරුනා.(නදී)
මොලේ ඇති කොල්ලෙක් සහ කාලකන්නි කෙල්ලක්.(නදී)
කැදැල්ල විසල් ගස මුදුනක හදන්නේ නැතුව තුත්තිරි ගහක හැදුව නම් කුණාටුවට කඩා වැටෙන්නේ නැහැ.(නදී)
මැරෙනතුරා විස්වාස කරන්න බැරි එකම වස්තුව ගැහැණිය පමණකි.(නදී)
සියලු දෙය තාවකාලිකයි. ආදරෙත් එහෙම තමයි. ඒ සෙවනත් තාවකාලිකයි. ඒකනේ රට පුරා තාවකාලික සෙවනවල් හදන්නේ.(නදී) .
ඇත්තටම ඔහු වාසනාවන්තයි. බැදලා ගියානම් ඒක ලොකු දුකක් නේද?(නදී)
වරුණ, ඔබ හරියටම හරි. (නි)