දකුණු පළාතේ උප නගරයක් අසල මහ මග වූ රිය ගැටුමකි. රාජ්‍ය සංස්ථාවකට අයත් ජීප් රථයක ගැටී තිබුණේ පාපැදිකරුවෙකි. වඩු කර්මාන්තයේ නිරතව සිටි මේ පාපැදිකරු බොහෝ දෙනකු දන්නා හඳුනන මැදිවියේ වූ සැදැහැවත් කෙනෙකි.
මේ නිසාම එතැනට එක්වූ තරුණ පිරිස පාපැදිකරු ඔසවාගෙන විත් පසෙක තබා ජීප් රථයේ වූවන්ට දැඩි සේ චෝදනා කොට පොලිසියට ද දුරකථන ඇමතුමක් දුන්හ.
බයිසිකලයට තරමක අලාභ සිදුව තිබූ අතර පසෙකට විසිවී තිබුණු ඔහුගේ බෑගය ගෙන ඒමට ගිය තරුණයකුට තරු පෙනුණේ ඒ තුළ සිට ගල් ඉබ්බන් දෙදෙනකු එළියට එන ආකාරය දුටු හෙයිනි.
පොලිසිය පැමිණ පරීක්ෂණ පවත්වන අතර ගෙන ආ ඉබ්බන් ගැන විමසන විට ඔහු කීවේ තම මිදුලට ආ මේ ඉබ්බන් දෙදෙනා වතුර ඇළකට දැමීමට බෑගයේ දමාගෙන ආ බවක්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පින්කම් කරන්නේ වාසි බලාපොරොත්තුවෙන් නම් ඔහුට පව මෙලොවදීම පලදුන්නා වෙනවා.(දිට්ටධම්මවීදනීය කර්මය.)මෙය සැදැහැ සිතින් කලා නම් ලාබෙට පහසුවට පින්කම් කරන්න අපහසු බව ඔහු ඉගෙනගනී. (නි)
ලදු කැලෑ මඩ වගුර වැනි තැන් වලට මිනිස්සු යනවා කැලෑ ඉනි කපන්න, පන් උගුල්ලන්න ඔවැනි තැන්වල වැසිකිලි නැහැ. මලපහ කරන්නෙත් ඒ අසලමයි. ඉබ්බෝ මිනිස් මල බුදින වග දන්න මිනිස්සු අඩුයි කාරණාව ඇත්ත වුවත් ලියන්නත් අප්‍රසන්නයි. ඒ අනුව මිනිස්සුන්ට කට තිබුණත් හිතන්න මොළය නැහැ.(නදී)
ඔය කියන මනුස්සයව මම දන්නවා. මිනිහ ඉබි සුප් බොන්න දෙවියා. ඉන්ජෙක්ෂන් ගහන්න බැරි තරමට හම හයියයි ඉබි සුප් බීලම (නි)
මේ මනුස්සයා දීලා තිබෙන පිළිතුර දෙකෙන්ම පේනවා වඩුවා ගල් ඉබ්බෙක් කියලා. වතුර වලකට දාන්න ඉබ්බෝ මල්ලක් ගෙන ගිහින්. හක් හක් හක් දෙපත්තෙන්ම හිනා මට.(නදී)
පසු ගිය දිනක ලංකාදීප පත්තරේ තිබුන එංගලන්තයේ ඉබ්බෙක් අවුරුදු සිය ගානක් ජීවත් වෙලා මිය ගිය සිද්දියක්. අනේ අපේ ඉබ්බෝ ඒ තරම් පින් කරලා නැහැ.(නදී)
ඉබ්බා දියේ හිටියත් අරගෙන දෙකට කපනවා දොරක එල්ලා තිබුනත් දෙකට කපනවා. ඒක තමා ඉබ්බාගේ ඉරණම.(නදී)
පහන් මල්ලියේ මම අහල තිබුණු කතාව ඉවර උනේ ඉබ්බා බිම වැටෙන්න ඔන්න මෙන්න කියල කිව්වලු "චෙරියෝ මචන් සී යු කියලලු. කොයි එකද ඇත්ත.(නදී)
ඉබ්බා කිව්වලු ස්තුතියි පොලිස් දැන් අපි නිදහස් කියලා.(නදී)
බයිසිකළේ හොරකම් කරනවා වලක්වන්න දාපු පිටත්තල ඉබ්බෝ කොහොමද ගල් ඉබ්බෝ උනේ? පව් දෙය්යනේ මොනවද මේ ඉබ්බෝ කියන්නේ.(අ)
ඉබි මස් කන කට්ටියට එන්නත් දෙනවිට කටු කැඩෙනවලු. ඒ අය අඩු වයසෙන් යනවලු. (නි)
වරුණ කිව්වාවගේ හරියටම කියන්න බැහැ එයාගේ හිත තමා.(නදී)
ඉබ්බා දියේ දැම්මහම ඈන්නෑවේ කිව්වලු... ලනුවක් තිබුනේ නැද්ද ළඟ පාතක.. (නි)
පහන්, පරණ කතාවට වඩා අලුත් දෙයක් කියලා මාව හිනැස්සුවට ඔයාට තෑන්ක්ස් (නි)
ඉස්සර කාලේ ඉබ්බෝ කියා ඇමතුවේ. දැන් කාලේ කොලු ගැටව් කියන්නේ " පැඩ් ලොක් "කියලා. කව්ද දන්නේ වඩු මල්ලී මාමගේ ගෙදර ඉස්සරහටත් ,පිටිපස්සටත් සවි කරන්න රැගෙන ගියාද කියලා!!(නි)
ඉබ්බන් දෙන්නා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වාලු (නි)
මේ ඉබ්බෝ දෙන්නගෙන් පොලිසිය ප්‍රශ්න කරලා තියෙනවා.ඉබ්බෝ දෙන්නාම පාපොච්චාරණය කරලා තියෙනවා. කවුද කිව්වලු මේ මනුස්සයා මේ මල්ලත් අරගෙන ඕස්ට්‍රේලියාවට යනවා කියලා. ඉබ්බෝ දෙන්නත් ඔස්ට්‍රේලියාවට යන්න විදියක් හොය හොයා තමයි ඉඳලා තියෙන්නේ. මේ ලැබිච්චි චාන්ස් එකට ඈන්නාවේ කියල ඉබ්බෝ දෙන්නා මේ මල්ලට රිංගා ගත්තාලු. අවාසනාවට මෙහෙම දෙයක් වුනේ නැත්නම් අපි දැන් ඕස්ට්‍රේලියාවේ කියලා එක ඉබ්බෙක් කඳුළු සලමින් කිව්වලු. (නි)
කල කම් පලදේ
රජ ඉබ්බෝ... ඕක තමයි කියන්නේ ඉබ්බන්ගේ පණ හයියයි කියලා (නි)
ඉබ්බගේ මස් වලට කියන්නේ දිය කුකුළු මස් කියලා. මේවට කෙළ හළන අය අපේ රටේ ඕනෑතරම්. එහෙම කෙනෙකුට දෙන්න අරගෙන ගියාද දන්නෙ නැහැ (නි)
ඒ මනුස්සයා කියපු කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. (තමන් තමන්ටම ගහ ගන්න මේජර්ල ඉන්න, තමන් තමන්වම ගස් බැඳ ගන්න මිනිස්සු ඉන්න රටක මේ කතා මොනවද) (නි)
මේ ඊයේ පෙරේද දවසක වතුර හිදුනු වලක ඉබ්බෙක් හිටියලු. මාලුකන්න කොක්කු දෙන්නෙකුත් ආවලු. ඉබ්බා කිව්වලු අනේ යාලුවනේ මාව වතුර තියන විලකට ගෙනියන්න කියලා. ඒ පාර කොක්කු කිව්වලු අපෝ අපෝ අපිටනම් බැහැ ඔයාලගේ මුත්ත කෙනෙක් එහෙම ගෙනිහිල්ල කට වරද්දගෙන වැටිලා මරුන අපිටනම් බැහැ ආයේ ඒවගේ වැඩ කරන්න කියලා. ඒ පාර ඉබ්බ කිව්වලු මම එහෙම අපේ මුත්තා වගේ මෝඩ නැහැ මම කටවහගෙන ඉන්නම් මාව ගෙනියන්න කියලා. එහෙනම් හා කියල කොක්කු දෙන්නා කෝටුවක් ගෙනල්ලා ඉබ්බව අරන් අහසට නැග්ගලු දැන් යනවලු. අර ඉස්සර කොල්ලෝ හිටපු වෙලේ දැන් කොල්ලෝ කිරිකට් ගහනවලු. මේක දැකපු කොල්ලෝ"' මෙන්න කොක්කු දෙන්නෙක් ඉබ්බෙකුට මුට්ටිය අල්ලනවෝ කියලා කෑගැහුවලු කොක්ක්කු දෙන්නට මල පැන්නලු එපාර කොක්කු දෙන්න කිව්වලු කොක්කු කවදද බොලව් ඉබ්බන්ට මුට්ටිය ඇල්ලුවේ කියලා. මෙන්න දැන් කොටුව කටේ තියාගෙන ඉබ්බා වටෙනවලු. කොක්කු දෙන්නා ඉක්මනට පහලට පියාබල කොන්දෙක කටවල් වලින් අල්ල ගත්තලු. ඉබ්බා කිව්වලු "'තෑන්ක් යූ මචන් කියලා.(නදී)
වෙසක් සතියේ, අනේ ඉබ්බෝ ටික! (නි)
මම ඔය කියන කෙනා දන්නවා.. එයා බොහොම හොද කෙනෙක් (නි)
හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්ෙන ඕවට තමයි (නි)
ඉබාගාතේ ප්‍රාදේශිය රැස්වීමකට යනගමන් වෙන්නැති.(නදී)
හැබැයි ඕකේ දෙපැත්තක් තියනවා. මිදුලට ආවානම් පාරේ අරගෙන යන්නේ නැහැනේ මරන්න ඕනා නම් ගෙදරම ඒක කරන්න තිබුනා. ඒත් ඇත්ත මොකක්ද බොරුව මොකද්ද කියලා සොයලා බැලියි යුතුයි. බොරුවට චෝදනා කරන්නත් නරකයි නේ?(නදී)
ඇයි ළඟපාත දිය අගලක් නැද්ද ඔය ඉබ්බෝ ටික දාන්න? (නි)
ඔය තරුණයා කියලා තියෙන්නේ බොරුද කොහෙද? දෙවියන් දීපු දඩුවමක් ඕක (නි)