කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල නගරයට නුදුරු අර්ධ නාගරික ප්‍රදේශයකි. මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයෙන් මෙම ප්‍රදේශවල ජනතාවට ද එමට ගැටලු ඇති වී තිබේ.
මෙම ගමේ සමාජ සේවකයෙක් විය. මොහුට යතුරු පැදියක් තිබූ අතර අසල්වැසියෙක් මෙම යතුරු පැදියට තෙල් ලබා ගත්තාදැයි මෙම පුද්ගලයාගෙන් නිතරම විමසන්නට විය.
මේ ගැන කිසිම සැකයක් තමාගේ සිත තුළ පහළ නොවූයේ පෙරකී පුද්ගලයා තමාගෙන් මෙම ඉන්ධන ගැන විමසන්නේ මේ දිනවල ඉන්ධන ලබා ගැනීම අසීරු කරුණක් වීම හේතුවෙන් බව ඔහු සිතූ නිසාය.
දින ගණනාවක් ගෙවිණි. එක් දිනක් මෙම සමාජ සේවකයා අසල ටවුමේ පිහිටි ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන එදින බෙදාහරින බවට ලද තොරතුරකට අනුව ඒ අසල පිහිටි දිගු පෝලිමට එක්වීමට ගියේය.
පැය හතරක් පමණ පෝලිමේ සිටි සමාජ සේවකයා එදින තම යතුරු පැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හැකිවීම හේතුවෙන් සතුටට පත්ව නිවෙස කරා එන අතර මග දී ඉන්ධන ගැන විමසන සුපුරුදු අසල්වැසියා හමුවී අදවත් තෙල් ලබාගත්තා දැයි විමසා තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ පාන්දර සිට පැය හතරක් පමණ පෝලිමේ සිට තම යතුරු පැදියට තෙල් ලබාගත් බවයි.
එදින රාත්‍රියේ තම නිවස අසල සිටින දඩාවතේ යන සුනඛයන්ගේ උඩුබුරු ලෑම මධ්‍යම රාත්‍රියේ ඇසීමත් සමගම නින්දෙන් අවදි වූ මෙම සමාජ සේවකයා තම යතුරු පැදිය නිවෙසේ ඉස්තෝප්පුවේ තිබෙන බැවින් ඒ ගැන විපරම් කිරීමට සිතා නිවස ඉදිරිපසට පැමිණියේය.
මේ අවස්ථාවේ දුටුවේ කළු කබායක් ඇදගත් මුහුණ ආවරණ කළ එක් පුද්ගලයෙක් යතුරු පැදියේ යට තිබෙන බටය ගලවා එයින් ඔහු ගෙනවිත් තිබූ භාජනයකට තෙල් ඉවත් කරන අයුරුයි.
තමන්ගේ යතුරු පැදියෙන් තෙල් ඇදගන්නා පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි විය. ඒ මෙකී පුද්ගලයා වහාම දණි පණි ගසා තෙල් ඇදීම නවතා ඒ වනවිට ඇද තිබූ තෙල් භාජනය ද රැගෙන එම ස්ථානයෙන් පැනයාම හේතුවෙනි.
පසුව කළ සෝදිසියේ දී සමාජ සේවකයාට ඒත්තු ගියේ තම යතුරු පැදියේ තිබූ තෙල් වලින් බෝහෝ ප්‍රමාණයක් ඒ වනවිට ඇද ගෙන ගොස් තිබූ බවය.
තම යතුරු පැදියේ තෙල් ලබාගත් පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවීමට මත්තෙන් හැකි වූයේ තමන්ගෙන් නිතරම යතුරු පැදියට තෙල් ලබා ගත්තාදැයි විමසූ පුද්ගලයාගේ හැඩ රුව පිළිබඳව මනා අවබෝධයක් තිබූ හෙයින් ඒ වනවිට පැවැති සඳ එළියෙන් මෙකී පුද්ගලයාගේ හැඩ රුව අනුව හඳුනා ගැනීමට වැඩි අපහසුවක් නෙමැති වූ නිසාය.
මෙම සිද්ධිය ගැන පොලීසියට පැමිණිලි කිරීමට සමාජ සේවකයා තීරණය කළත් තම බිරිඳගේ පෙරැත්තය මත අහළ පහළ අය තරහ කර ගැනීම සුදුසු නොවන බව සිතා එය සිදු නොකළේය.
එදින සිට යතුරු පැදියට තෙල් ගැසුවේ දැයි සොරකම සිදුකළ පුද්ගලයා විමසීමක් සිදු නොකිරීම හේතුවෙන් සොරා සම්බන්ධයෙන් වූ සැකය තවදුරටත් ස්ථිර වූ බව සමාජ සේවිකයාට කියා සිටියේ දැඩි කනස්සල්ලෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්දවා තොරතුරු දැන අසල්වැසියා කනෙන් රිංගලා