සිය නෑ කෝරලයේ ලී ඉරුම් පට්ටලයක වැඩ කරන මේ යහළුවන් පිරිස හැම වැඩක්ම කළේ එකටය. පසුගිය දා එක් යහළුවකු වැඩට නොපැමිණි නිසා ඒ ගැන විමසූ ඔවුන්ට දැනගන්නට ලැබුණේ යතුරුපැදියෙන් එන ගමන් රිය අනතුරකට ලක්ව ඇති බවකි. වහාම ඔහුගේ තත්ත්වය සෙවීමට යාම සඳහා එක් අයකුට පැවැරුණ අතර තම කමිසය පරණ නිසා වෙනත් යහළුවකුගේ කමිසයක් ඇඟලාගෙන ඔහු කඩිනමින් පිටත්ව ගියේය. මොහොතකට පසුව ඔහුගෙන් දුරකතන ඇමතුමක් ආවේ කමිස සාක්කුවේ තිබුණු ගංජා පැකට්ටුවක් සමග තමා පොලීසියට කොටුවී ඇති බවකි. කමිසය අයිති යහළුවා හෙමිහිට එතැනින් ලිස්සා ගියත් තම කණ්ඩායම අතර ගංජාකාරයකු සිටීම ගැන අනෙක් හැමදෙනාම මවිතයට පත්වී සිටිනවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි මල්ලී.උසාවියටයි, කූඩුවටයි ගිහිල්ලා පොඩි විවේකයක් අරන් එන්නකෝ. (නි)
මාර වැඩේ නේද ??? (ස)
මේ මනුස්සයා වැරදි නෑ...(ස)
මේ පුද්ගලයා වැරදි නැත. (නි)
මේ කතාව ඇහුවහම මා මවිතයට පත්වුණා. (නි)
අසේවනාච බාලානං - පණ්ඩිතානන්ච සේවනා බුදු දහම සැමදා සත්‍යයි. (නි)
මේ පුද්ගලයාව හිරේට යවන එක නම් මහ අපරාධයක්. මොකද ඔහු වැරදිකරුවකු නොවේ. (නි)
එයාට විහිළු කරන්න එපා.පවු. නැති බැරි කමටනේ අනුන්ගේ එකක් අදින්න ඇත්තේ. (නි)
අනුන්ගෙ දේ අනුන්ගෙමයි.. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොද පාඩම්...!!(නු)
අනුන්ගේ 1 ඇඳට මැරෙනවද (දී)
පාප මිත්‍ර සේවනයේ ආනිසන්ස.... (ස)
මරු වැඩේ නේද? (නි)
අනුන්ගේ ඒවා ඇඳගෙන යනවට හොඳ පාඩම.... (ස)
ගංජ බිව්වත් එකයි, බොන අය ආශ්‍රය කරත් එකයි.....බොන අයට එහි ආදීනව කියා නොදුන්නත් එකයි...මල්ලී ඕකට කියන්නේ කරුමය කියලා....දැන් ඉතින් දවස් 14 ක් බෝඩිමේ ඉඳල එන්න.... (ස)
ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ....කොල්ලෝ මේ වගේ දේවල් කරනවා..... (ස)
ඒ දුප්පත් කොල්ලා තමන්ගෙ ඇදුම් ඉරිලා නිසා වෙන්න ඇති යාලුවගෙ එකක් ඇදගෙන ගියේ.. කරන්න දෙය්ක නැහැ... ඕවට තමයි කියන්නෙ කරුමය කියලා..(නු)
පොලීසිය කොහොමද හරියටම ඇල්ලුවෙ මෙයාව.... (ස)
ගණන් ගන්න එපා රටේ කොච්චර අපරාධ තියෙනවද .....මේ ආශචර්‍යකරා යන ගමනේ අපි ඉන්නේ....රටම විනාසයි... (ස)
අන්න දැක්ක නේද අනුන්න්ගේ දේවල්වලට ඇගිලිගහන්න ගියහම තමන්ට වෙනදේ ?? තමන්ගේ ෂර්ට් එක ඇදගෙන ගියානම් අනුන්ගේ පව් කිරන්න වෙන්නේ නැහැනේ . දැන්වත් ඉගෙනගන්න ලද දෙයින් සතුටුවෙන්න සහ සරල ජීවිතයකට පුරුදුවෙන්න .. (ස)