මනාල යුවළගේ මධුසමය ඡායාරූප ගැනීමට සහ වීඩියෝ ගත කිරිමට පැමිණි ශිල්පීන් දෙදෙනකු එම හෝටලයේම පැවැති වෙනත් මංගල සාදයකට සහභාගී වී සොරෙන් ආහාර ගෙන පලායෑමට තැත් කිරීමේදි අල්ලා මුදල් අයකර ගැනීමේ සිද්ධියක් අවිස්සාවේල්ලට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
අවිස්සාවේල්ලට නුදුරු හෝටලයකි.
මෙදින නැකත් දිනයකි. එනිසා එහි වැඩකටයුතු අධිකය උත්සව ශාලාවේ පෙර අපර දිග ක‍්‍රමයටම මිශ‍්‍ර වූ මංගල උත්සවයකි. ඇතැම් අයගේ මුවින් ඉංග‍්‍රිසි වචනද සිංහල වචනද පිට වෙමින් කාලයත් අනුව නර්නයේදී යෙදී සිටින පිරිසක්ද වූහ. යුවළ හෝටලයේ කාමරයක මධුසමය ගත කරමින් සිටින අතර එම යුවළ හැඩ ගැන්වීම සඳහා යුවළක් පැමිණ කාමරයතුළ ඒ කාර්යයේ යෙදී සිටියහ. කාලය කෙමෙන් ගෙවී යයි. යුවළ නිවෙස වෙත කැඳවාගෙන යාම ප‍්‍රමාද වන බව ඔවුන්ගේ ඥාතියෝ පැමිණ මේ ශිල්පීන්ට දැන්වීය. සාදයේ ඇතැම් පිරිස් හොටලය තුළ කෑම ගනිමින් සිටිති. තවත් පිරිසක් මධුවිතින් සප්පායම් වෙති.
දැන් හරියට බඩගිිනියි. අපි හීන් සැරේ කාටත් නොදැනෙන්න අර වෙඩින් එකෙන් කෑම කමු. ඒ අය කොහෙත්ම සැක හිතන්නේ නැහැ. අපි ඒ අයගේ වැදගත් ඥාතින් වගේ ටයි කෝට් ඇඳලනේ ඉන්නේ. බැහැ මචං කාටහරි අසුවුනොත් පටි රෝල්.
ඒ ඡුායාරූ හා වීඩියෝ ශිල්පීන් දෙදෙනාගේ දෙබසකි. මේ දෙබස ඒ මංගල සාදයට සහභාගි වෙමින් සිටි ඥාතියකුට ඇසුණි.
එහි පුටුවල වාඩිවී පසුව කෑම බෙදාගත් මේ දෙපළ අමුත්නන් අතර අමුත්තක් නොවන ආකාරයෙන් කටයුතු කළහ.
හදිසියේ ඔවුන් ඉදිරියට පැමිණි අමුත්තෙක් මෙසේ පැවසීය.
අපි වෙනත් ඡුායාරූප හා වීඩියෝ ශිල්පීන් ගෙන්නුවේ නැහැ. අපේ අය ඉන්නවා. ඔයාලාට එන්න කීවේ ආරාධනා කළේ කවුද?
ඔවුන්ගෙන් පිළිතුරක් නැත.
අපි සීමිත ප‍්‍රමාණයකට ආරාධනා කළේ. ඒ අයට විතරයි කෑම ලෑස්ති කළේ. දැන් කෑම මදිවෙලා ඇත්තේ. උවමනවටත් වැඩි පිරිසක් මේ සාදයට අද සහභාගි වෙලා ඉන්නවා. ඒක නිසා කරන්න දෙයක නැහැ. කරුණාකර ඔය දෙන්නා අර කවුන්ටරයට රුපියල් 3000 ගෙවන්න යැයි පැවසීය. කලිසන් සාක්කුවල මුදල් පසුම්බි වලට අත යැව් දෙදෙනා බිල ගෙවා පිටවූයේ තමන් කරන්න පැමිණි කාර්යද අමතක කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න තේරුනේ දැන් තමයි (දී)
නන්දන, අදහස් ලියන්න කලින් කතාව තේරුම් ගන්න. (නි)
සමන්තගේ කතාව හරියටම හරි . ඒව ගේම සෑම් කියන කතාවත් හරි. මේවා මොන මගුල්ද? මේක උඩ බලාගෙන කෙල ගැස්සීමක් වගේ දෙයක් නේද ? (නි)
ඇයි මොකද වැඩේ අවුලක් වගේ පේනවද ? (නි)
මේ කාලයේ මගුල් ගෙවල් වලට වියදම් කරන සල්ලි පොතක දාලා හදපානේ යන එක තමයි හොදම (නි)
චන්ද්‍රසිරි,හොටෙල් එකේ කෑම පිගානක් රුපියල් 6000ක් වෙනවා නම් කෙනෙක් මගුල් ගෙදර ගිහින් කාලා කීයක් දෙන්න ඕනෑද...?නොදන්නාකමට ඇහුවේ (නි)
ලෝකෙට පරකාසේ පෙන්නන්න රට වටේම ණය වෙලා ගන්න මගුල් සාදවල තත්වය ඔහොම තමයි. සමහර තැන්වල කෑම මදිවෙයි කියල පන බයේ ඉන්නේ. උත්සවය ඉවර වෙනකල් පවුලේ අය කන්නෙත් නැහැ.මෙතන ලජ්ජා වෙන්න ඕනේ කාපු අය නොවෙයි. මුදල් ඉල්ලපු අයයි. කොහොමද ආරාධනා ලැබිලම පැමිණි කෙනෙකුට එන්විලොප් එක දෙන්න අමතක වෙලා එහෙම ගියානම්? සමන්තගේ අදහස මමත් එහෙමපිටින්ම අනුමත කරනවා.(අ)
බඩගින්නට කෑවම සල්ලි ගන්නේ මොන මගුල් ගෙවල් වලද? මනමාලයට හෝටල් බිල ගෙවන්න බැරුව කාමරයට වෙලා ඉන්න ඇති. ණයට මගුල් කන අයගේ හැටි ඔහොම්මම තමයි. මේ ගොල්ලො තමයි බස් වල විරිඳු කාරයන්ට සියයේ කොළ දෙන්නේ (නි)
පොඩි පැටලැවිල්ලක් නේද? (නි)
ඕවා නම් මොනවද කිවුවලු. (නි)
මට නම් පෙනෙන්නේ කතා දෙකක් හෝ තුනක් එකට කලවම් වෙලා වගේ. (අ)
අපේ ලංකාවේ සමහරක් මිනිස්සු ඇයි මෙපමණ කෑමට පෙරේත? සල්ලි හොයනවා.එහෙත් ඉන්නේ බඩගින්නේ. ඒ සල්ලි වලට මොකද කරන්නේ? දුප්පතා නම් එදා වේල කොහොම හරි කරගෙන කනවා, ඒත් තියන මිනිස්සු හොරෙන් කොහාට හරි ගිහින් බඩ පුරා කනවා. එසේත් නැත්නම් යාලුවොත් සමග තනියම කාලා බීල සතුටුවෙලා රෑ වෙලා ගෙදර යනවා. ගෑනියි දරුවෝ ටිකයි ගෙදර බඩගින්නේ. එහෙම නෙමෙයි. තමන් හොයනා දෙයින් ගෙදරට අවශ්‍ය දේවල් කළමණා ටික රැගෙන ගිහින් නෝනයි දරුවොයි සමග සති අන්තේ හොදට අලුත් කෑම වට්ටෝරුවක් උයාගෙන කන්න. ඒ කෑම වේල දිව්‍යය බෝජනයකටත් වඩා රසයි, ඒ මගේ දැනුමයි. (නි)
අද කාලයේ මළගෙයක් මගුලක් තියෙන තැන්වලට ගිහින් කෑම කන වැදගත් කියාගත් පිරිසක් හැදිලා ඉන්නවා. (නි)
සමන්ත, ඔයාගේ කතාව හරි. නමුත් අද මංගල්‍යයක් හෝටලයක ගන්නකොට කෑම පිගානක් 6000ක් වෙනවා. ඒ කාලේ සතියක් ගමේ මගුලක් ගන්න යන්නේ 3000ක් වගේ ගානක් (නි)
සමන්ත..!! ඔයා හරියටම හරි දැන් මගුල් කනවා නෙමෙයි තමයි ඉස්සර අපේ ගම්වල මගුල් නම් කොච්චර ලස්සනද දැන් හෝටල් කාරයෝ පොහොසත් කරනවා විතරයි
මෙ ටික කිසිම ගැල පිමක් නැහැනේ යුවළ හෝටලයේ කාමරයක මධුසමය ගත කරමින් සිටින අතර එම යුවළ හැඩ ගැන්වීම සඳහා යුවළක් පැමිණ කාමරයතුළ ඒ කාර්යයේ යෙදී සිටියහ.
අපේ ගම් වල ගමටම කන්න දීලා, පාරේ යන දුගී මගී යාචකයන්ටත් දීලා, අවට ගම් වල ඉන්න දන්නා අයටත් දීලා, ගෙදරට වෙලා තව සතියක් විතර යන එන අයට කන්න බොන්න දීලා, අන්තිමට වලියකුත් දාගෙන ගුටිත් කන්න දීලයි නතර වෙන්නේ. ඔන්න ඔහොමයි අපි මගුල් කෑවේ.දැන් මගුල් කනවා නෙමෙයි හිගා කනවා (නි)