බස්රථයේ වැටී තිබූ මුදල් පසුම්බිය අහුලාගත් පුද්ගලයාට තම පොකට්ටුවේ තිබූ මුදලත් අහිමි වූ පුවතක් පෑලියගොඩින් පසුගියදා අසනන්ට ලැබුණි. සිද්ධිය මෙසේය. ඉකුත් 18 වෙනිදා දහවල් 11.30 ට පමණ ඇත.
බියගම සිට කොළඹ දෙසට ගමන් කරන පෞද්ගලික බස්රථයකි. එයට බොල්ලෑගලින් ගොඩවූයේ 70 වියැති රජයේ විශ‍්‍රාමිකයෙකි. ටික දුරක් යන විට බස්රථයේ වැටී තිබූ කාන්තා මුදල් පසුම්බියක් අහුලා එවෙලේම බසයේ කොන්දොස්තර මහතාට ලබාදීමට ඔහු කාරුණික විය.
අනතුරව බස් රථය පෑලියගොඩ 4 කණුව බස් නැවතුමේ නතරවිය. විශ‍්‍රාමිකයා ඇතුළුව තවත් කාන්තාවෝ කීපදෙනෙක් එම නැවතුවේදී බස් රථයෙන් බැස්සාහ. ඒ එක්කම විශ‍්‍රාමිකයා අසලට පැමිණියේ කටකාර සිහින් සිරුරක් ඇති කාන්තාවකි. මගේ මේ පර්ස් එක ඇහුලූවේ ඔයා නේද? යැයි ඇසුවාය. ඔව් මම බිම වැටිලා තිබුණ දැකලා අහුලලා කොන්දොස්තරට දුන්නා. අයිතිකරු හොයලා දෙන්න කියලා විශ‍්‍රාමිකයා පැවසීය.
මේකේ තිබුණු රුපියල් 750 නැහැ. දෙනවා මෙහාට නැත්නම් පොලිසියට යනවා. ගන්නවා පර්ස් එක බලන්න යැයි කටකාර කාන්තාව පැවසුවාය. විශ‍්‍රාමිකයා අන්දුන් කුන්දුන් විය. බස් නැවතුමේ සිටි තවත් කාන්තාවෝ කීපදෙනෙක්ද සිද්ධිය බලා සිටියහ. විශ‍්‍රාමිකයා තම සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය රැගෙන විවෘත කරමින් මේ බලන්න මගේ ළඟ තියෙන්නේ දාහේ කොලයක් සහ සීයේ කොළ කීපයක් විතර යැයි පවසා කාන්තාවට පර්ස් එක පෙන්වීය.
ක්ෂණකින් පර්ස් එක උදුරාගත් කාන්තාව දාහේ කොලය හා සීයේ කොල කීපය රැගෙන පර්ස් එකේ තිබූ අනෙක් ලියකියවිලි විසිකර දුවන්නට වූවාය.
විශ‍්‍රාමිකයා වටපිට බැලීය. බස් නැවතුමේ සිටි අයද මෙය බලා සිටියහ. බිම වැටී තිබූ ලියකියවිලි අහුලාගත් විශ‍්‍රාමිකයා මුදල් පසුම්බියට දා ගත්තේය. ඔහු අසලට පැමිණි කාන්තාවන් කීපදෙනෙක් සිදුවූදේ අපිත් බලාගෙන හිටියේ. අපි මොනවා කරන්නදැයි පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන විදිහට මේක හිතාමතාම කරන දෙයක්. මීට කලිනුත් කොන්දොස්තර මහත්මයෙකුට වුණා නේද මේ වගේම වැඩක්? ලස්සන කපටි නෝනලට අහුනොවී ඉමු මහත්වරුනේ. (නි)
රූපවතී, ඔබ චන්දිගේ පිට කසා ගත්තාට කමක් නැහැ. ඵල ඇති රුක ගැන කතාකරන්න එපා. ඔබ දෙදෙනා ගැන මේ පාඨක සභාවේ හැමකෙනාම හොඳින් දන්නවා. (නි)
මම සති ගණනකින් දෙවියෝ සාක්කියට නොලීවෙමි. ඒ වුණත් මගේ නමින් සමහරු ලියලනේ? කමක් නැහැ ලංකාවේ මිනිසුන් ඔහොම තමයි කියලා හිත හදා ගන්නවා (නි)
චන්දි මෙතන ගොඩක් කලක සිට ලියන මහත්මියක්. එයාගෙ හිත හොඳ වැඩියි. ඒ හොඳකමට ගරහන, එයින් ප්‍රයොජන ගන්න කට්ටියකුත් මෙතන ඉන්නවා. නමුත් චන්දි ඒවායෙන් සැළෙන්නේ නැහැ. ඵල ඇති රුකටනෙ ගල් වදින්නෙත්. (නි)
මනෝජ්, සුපුන් ඔබ දෙපලට මම ඉතාමත්ම ගරු කරමි. මොකද ඔබ දේපල මම ගැන ඇත්ත ඇතිසැටියෙන් ලියා තිබෙනවා. මම එය නිවැරදි කරන්න යනවට වැඩිය පාටක සභාවෙන්ම නිවැරදි වීම චන්දිට හොදම පිළිතුරක් යැයි මා විස්වාස කරමි. ඇත්තටම මා විහිළුවක් කලේ. කෙසේවෙතත් මා ඔබට වෛර නොකරමි. (අ)
මෙහි බොහෝ කලක සිට ලියන අජිත් මහතා ගැන චන්දි ලියා තිබෙන දෙය ඉල්ලා අස්කර ගන්නේ නම් මැනවි. ඔහු විහිළුවට කැමති බව ඇත්තකි.නමුත් වෙනකාගේ හෝ නමින් ලියන්නට තරම් පහත් කෙනෙක් නොවෙයි. ඔය ගැණු හුටපට වලට වැදගත් මහත්වරුන්ට අපහාස නොකරන මෙන් චන්දිට මතක් කරන්නට කැමතියි. (බ)
චන්දි,ඔයාගේ නමින් වෙන කව්රුහරි ලියනවානම් කනගාටුවෙමි. නමුත් ඔබ හිතන විදිහට අජිත් ගැන ඔබට තියෙන්නේ වැරදි අදහසකි.අජිත් මෙහි බොහෝ කලක සිට ලියන වැදගත් මහත්මයෙකි.ඔහු ඔබට විහිළුවට යමක් ලීවත් ඔබ හිතන විදිහේ කෙනෙක් නොවන බව කියන්නට. කැමැත්තෙමි. (බ)
චන්දී කරුණාකරලා ඔය විගඩම නවත්ත ගන්න. සවුත්තු කමෙන්ට් ලියලා බැනුම් එනකොට මම ලිව්වේ නැහැ කියනවා. එහෙනම් අපේ නම් වලිනුත් හොර කොමෙන්ට් දාන්න එපැයි. මොකක්ද ඔයාට තියෙන විශේෂය, (රේ)
මනෝජ් සොයුර, ඇත්තම කිවුවොත් ගාමිණී සොයුර කියලා අමතමින් ලිවුවේ මමයි. අනෙක් දේවල් මම නොදනිමි. අජිත්ම ලියන නිසා වෙන්න ඇති ඒ ඇදකුද එයාම දකින්නේ. එකක් ලියා මා නිහඩව ඉන්නේ හිතේ හැටියට අනෙක චන්දිට ලියන්න ඉඩදීලයි (නි)
මනෝජ් සොයුර ., මම දැන් එක අදහසක් ලියනවා ඒක දැක්ක ගමන් බොරු චන්දි උඩ දාගෙන ලියනවා ඔයාල ටිකක් කල්පනාවෙන් බලන්න හැම තැනම චන්දි ලියපු ගමන් සමන්., අජිත් දෙන්නම විතරයි මට විරුද්දව ලියන්නේ ඒක ටිකක් අවිස්වාසයි මට මනෝජ් ඔයාට මොකද හිතෙන්නේ (බ)
අජිත්,චන්දිට ඕවා සුළු දේවල්. පස්සේ ලියයි මම නොවෙයි කියලා. පව්,මේකේ ඇත්ත නැත්ත හොයන්න චන්දි නගෝ. (නි)
පවු අහිංසක මනුස්සයා! (නි)
පුදුම වැඩේ කියන්නේ අජිත්ටම මේවා පෙනෙන එකනේ. (නි)
මට නම් පෙනෙන්නේ චන්දීගේ වයර් මාරුවෙලා වගෙයි. (නි)
විශ්‍රාමිකයෙක් හින්දා ඇත්තටම සල්ලි ගත්තද දන්නේත් නැහැ (ම)
මේ සෙල්ලම අර බස් කොන්දොස්තර කෙනෙකුටත් පොලිසියකදී වුණාලු නේද? මුදල් පසුම්බිය අනවශ්‍ය තැන්වලදී එළියට ගන්න එපා. අනුන්ගෙන් බිම වැටුණු දේවල් අල්ලන්න යන්නත් එපා. (නි)
මෙහෙම අමනුස්සකම් කරන කාන්තාවන්ට මෙලොවදීම නිසි දඩුවම් ලැබෙනවා (ම)
මෙවැනි අවස්ථා වල නීතියට වැඩකරන්න ගියා නම් එයාලට බේරාදෙන්න තිබුනා මේ අවනඩුව.... (නි)
අපරාදේ මුදල් පසුම්බිය දුන්නේ, මේ කපටි අම්මණ්ඩිට. පොලීසියට ගියා නම් ඉවරනේ (නි)
ගාමිණි සොයුරාට මතක නැද්ද මන්දා. දෙයියෝ සාක්කියේ මෑතකදී තිබුනා ඔයවැනි වැඩක් වෙලා කොන්දොස්තර මල්ලිට මුදල් ගෙවන්න වුණා. දැන් බලාගෙන යද්දී ප්‍රවේශම්වෙන්න ඕනෑ (නි)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
අපි ඉන්න රටේ නම් බස් වල කැමරා සවිකරලා තියෙන්නේ. ඒකහින්දා ඔය වගේ වැඩ කරන්න බැහැ මෙහේ. (නි)
මගේ අවවාදය නම් මේ වගේ කපටි ගැහැනුන්ට නොරැවටෙන්න. මෙවැනි දෙයක් දුටුවහොත් බස් රථයක් තුලදී නම් කොන්දොස්තොරට පවසන්න. (ර)
වැඩේනම් හරිම කැතයි. පව් අසරණ මනුස්සයා. (ර)
දැන් මේ කාන්තාවගෙන් ඊළඟ පරම්පරාවට ලැබෙන ආදර්ශය නම් බොහොම භයානකයි. අම්මා කෙනෙක් නම් ළමයින්ට යන කල ගැන මට බොහොම කණගාටුයි. (ර)
දැන් දැන් කාන්තාවන් සමාජ ආචාර ධර්ම නොතකා ජිවත් වෙන ක්‍රම උපාය මාර්ග සොයා ගෙන බව පේනවා. භයානක වෙන්නේ මොවුන් ගේ දරුවන්ට ලැබෙන පුර්වාදර්ශයේ නොහොබිනා ප්‍රතිපල . ඔවුන් සොරුන් මං පහරන්නන් මහා පරිමාණ වංචා කාරයන් ලෙස සමාජයට කලඑළි බහින්නේ නැද්ද ? (බ)
මේ ගැන ගැන ප්‍රවේශම් වුනොත් හොඳයි. ගේම් දෙන කෙනෙක් වගෙයි (බ)
සමස්ත කාන්තා පරපුරටම නින්දාවක්.......අපේ රටේ විශ්‍රාමිකයෙක් කියන්නේ මොනතරම් අසරණ පුද්ගලයෙක්ද...?.......අහල පහළක කව්රුවත් ඉඳලා නැහැනේ අසරණයාට පිහිට වීමට.....මෙවැනි පුවත් දකින විට සිතෙන්නේ අපේ සමාජය ගුණ දහම් අතින් මොනතරම් පිරිහී තිබෙනවාද කියලා. (ම)
මම බවලතෙක් වුනත් කියන්නේ ලංකාවේ සමහර බවලතුන් දැන් ජිවත් වෙන්නේ අන්තිම කැත විදියට සල්ලි හොයලා. මේවාට සමාජයට දොස් කියලා ඒ අයව සුද්ධ කරන්න බැහැ. ඒ මොකද අතේ සතේ නැති වුනත් පහත් වැඩක් නොකර බඩගින්නේ දවස ගෙවන කාන්තාවන් අපේ රටේ තවමත් ඉන්න නිසා. (බ)
ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. මෙලොව පොඩි වාසියකට දෙලොවටම අවැඩක් කර ගන්නවා. මොකද ඔය සල්ලිවලින් රජකම ගන්නද? පව් අසරණයා...(ම)
මොකට උදව් කරන්න යනවද මන්ද මිනිස්සුන්ට.උදව්වක් කරලාත් හොඳක් නෑනේ (ම)