IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අනියම් පෙමට බාල්දි ප්‍රහාරයක්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අනියම් බිරිය යැයි සිතා සිදු වූ වැරැදීමකින් ලොකු ඇබැද්දියකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳව මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු උපන් ගෙයි අනංගයෙකි. ඔහුට යන යන තැන කාන්තාවන් සිටින බවට බිරියට ආරංචි වුව ද ඇය ඔහුට අවවාද කර ඇත්තේ කවුරුන් කීවත් ඔහුට දැඩි ලෙස තමන් විශ්වාස කරන බවත් එම නිසා එම වැරැදි නොකරන ලෙසය.


එහෙත් ඔහු බිරියට හොරෙන් අනියම් සබඳතා පවත්වාගෙන ගිය අතර, ඒවා බිරියට හසු නොවූයේ ඔහුගේ සූක්ෂමභාවය නිසාය. ඔහු සිය නිවෙසට ගෙවල් කිහිපයකට එහායින් විවාහක කාන්තාවක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එය ගෙවල් දෙකටම රහසක් විය. ඔවුන් නිතර මුණගැසී ඇත්තේ තානායම්වල වුව ද පසුගිය දිනවල තානායම් වසා දමා ඇති හෙයින් ඔවුන්ට බාධාවක් විය. 


ගමේ හමුවීමට ද තැනක් නොවූ අතර ඔවුන් දස අත කල්පනා කරන්නට වූයේ තම අනියම් ප්‍රේමයට බාධා කරන කොරෝනාවලට ද සාප කරමිනි. මෙලෙස කල්පනා කරන අතර ඔහුට කදිම අදහසක් ඔළුවට පැමිණ තිබේ. මෙම ගමේ පවුල් හතරක් පමණ එක වැසිකිළියක් භාවිත කරන අතර එය ද යන්තම් පොල් අතුවලින් වටකර තනාගත් එකකි. ඔහු යෝජනා කළේ වැසිකිළියේදී හමුවෙමු කියාය. නිදහස් තැනක ඇති වැසිකිළිය හා ඔහු පැවැසූ වේලාවල්වල කිසිවකු වැසිකිළිය තුළ නොමැති නිසා ඇය එයට එකඟ වී තිබේ. 


නියමිත වෙලාවට වැසිකිළිය වෙත යාමට ඇයට නොහැකි වූයේ අතරමගදී හමු වූ වෙනත් කාන්තාවක සමග කතාවට වැටීමෙනි. එහෙත් ඔහු නියමිත වේලාවට එම ස්ථානයට ගොස් ඇති අතර, වැසිකිළියේ දොර වසා තිබෙනු දුටු ඔහු සිතා ඇත්තේ වැසිකිළියේ ඇත්තේ තම අනියම් පෙම්වතිය බවය. ඔහු වැසිකිළියේ පොල් අතු දොර වෙතට යද්දී ‘ඉන්නවා’ යැයි පැවැසූ විට ඇය පැමිණ ඇති බව සිතූ ඔහු ‘මම දන්නවා’ යැයි පවසමින් දොර හැර ඇතුළට ගොස් තිබේ.


ඇතුළේ ඇත්තේ තම අනියම් ප්‍රේමය නොව අල්ලපු ගෙදර කාන්තාව බව දුටු ඔහුට හීන් දහඩිය දමා තිබේ. වැසිකිළියේ යකඩ පනිට්ටුවෙන් දමා ගැසූ ඇය පොල් අතු බිත්ති කඩාගෙන දිව ගොස් ඇති අතර, අන්දුන් කුන්දුන් වූ ඔහු, ගමේම පිරිසක් රෝහල්ගත කර තිබේ. ඔහුගේ බිරිය වෙත ගිය ඇය පවසා ඇත්තේ තමන් වැසිකිළිය තුළ සිටින බව පවසද්දී ඔහු බලෙන් මෙන් එහි පැමිණි නිසා තමන් පහරදුන් බවය. 


ඔහුගේ හැටි බොහෝ දෙනකු පවසා ඇති හෙයින් ඇය එම කීම පිළිගෙන තිබේ. ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලය සුළු නිසා බෙහෙත් දමා නිවෙසට යාමට පුළුවන් යැයි දොස්තර මහතා කීව ද ඔහු බොරු අමාරු ගෙන රෝහලේම නැවතී ඇත්තේ බිරියගෙන් ලැබෙන්නට නියමිත දඬුවම ටික දිනකට කල් දමා ගන්නටය.



අදහස් (0)

අනියම් පෙමට බාල්දි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 295 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 545 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 582 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 687 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 680 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1104 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site