රැයක් ගතකිරීමට තම නිවසට පැමිණෙන ලෙස අනියම් බිරිඳගෙන් ලැබුණු ඇරැයුමක් අනුව පසුගිය දිනක එහි යන අතර ඒ අසල අලුතින් කපමින් තිබූ ළිඳකට ඇදවැටුණ අනියම් සැමියාට පසු දින පහන්වන තුරු එම ළිඳ තුළටම වී ඉන්නට සිදුවූ පුවතක් හිරියාල ප්‍රදේශයේ එක්තරා ගමකින් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
‘‘වයස අවුරුදු තිස් පහක් පමණ වන ඇය වසර හයකට පමණ කලින් සැමියා මියගිය එක් දරු මවකි. තම දරුවා සමග නිවසෙහි තනිව සිටි ඇය, අල්ලපු ගමේ, වයස අවුරුදු හතළිහක් පමණ වන විවාහකයකු සමග අනියම් හාදකමක් ඇතිකරගත්තාය.
මෙය රහසක් ලෙස තබාගැනීමටද ඇය වගබලා ගත්තාය.
මාස කීපයක් ගත වූ නමුත් ඇයට ඔහු සමග හරිහැටි කතාබස් කරන්නට වත් ඉඩක් නොලැබීම නිසා බොහෝ දුර කල්පනාකොට සිය නිවසෙහි රැයක් ගත කරන්නට පැමිණෙන ලෙස ඔහුට ඇරයුම් කළාය.
ඒ අනුව ඔහු පසුගිය දිනෙක තම විවාහක බිරිඳට හා නිවසෙහි සෙසු අයට දුර ගමනක් යන බව පවසා පිටත් වී ඇත.
හොර ගමන යා යුතු නිවසට කිලෝ මීටරයක් පමණ යායුතු වූ නමුත් කිසි දිනක එම නිවසට ගොස් නොමැති ඔහු එහි යන්නට අදහස් කළේ ඇගෙන් ලැබුණු මාර්ග විස්තරය අනුවය.
එහෙත් ඔහුට පාර වැරැදී වෙනත් නිවසකට රිංගන්නට සූදානම් වෙද්දී, එම නිවසෙහි පසුපස ගෙවත්තේ අලුතින් කපා බඳින්නට ඔන්න මෙන්න කියා තිබූ ළිඳකට ඇදගෙන වැටිණි.
බරපතළ තුවාලයක් නොවී ඔහු බේරුණේ අනූනවයෙනි. එහෙත් තමන් ආවේ හොර ගමනක් නිසාත් ගොඩට එන්නට මගන් නොවූ නිසාත් පසුදින එළිවන තුරු නිහඬව සිටින්නට ඔහුට සිදුවිය.
පසුදින උදේම ළිඳ බඳින අදහසින් පැමිණි මේසන් බාස්වරුන්ට ළිඳ තුළ අමුත්තකු සිටීම ප්‍රහේළිකාවක් විය.
ළිඳ පිහිටි නිවස හිමිකරු ඔහු හොඳින් දන්නා හඳුනන අයකු නිසා කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්විය.
මේ අතර ‘මිනිහෙක් ළිඳට වැටිලා’’ යන ආරංචිය පැතිර යාමක් සමග අසල්වාසිහු රැස්ව ඔහු ගොඩට ගත්හ.
එතැනින් කෙසේ හෝ මාරු වූ නමුත්, ඔහු තම නිවසට යන තෙක්, ඔහුගේ විවාහක බිරිඳ බලා සිටි බව දැනගන්නට ඇත.
(හිරියාල රත්නසිරි හෙට්ටිගේ)
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනියම් බ්රිඳට යුතුකම ඉටු කරන්න ගිහින් රැයක් පුරා ළිඳක් ඇතුළේ