කරන්දෙණිය එම්.සුසිල් පි්‍රයන්ත
වැරදි කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ නගරයකින් වාර්තාවේ.
දෙදෙනාම එකම නගරයේ දෙතැනක රැකියාව කළහ. සැමියා වැඩ කරන තැනින් ඔහු පිළිබඳ ලැබුණු තොරතුරු ඒතරම්ම යහපත් වූ ඒවා නොවීය. එය කනින් කොනින් ලැබුණු තොරතුරු නිසා ඇය ඒවායේ නොඑල්ලුණාය. එහෙත් ඒවා බැහැර නොකර යටි සිතේ ගබඩා කරගෙන සිටීමට ද අමතක නොකළාය.
එදා දහවල සිය ආයතනය ආසන්නයේ ඖෂධ අලෙවි සලකට ගොඩවීමට ඇය ගියේ හදිසි අවශ්‍යතාවක් සඳහා යම් දෙයක් මිලදී ගැනීමටය. එසේ යන දිහාවේ තමා යන දිහාවට මුහුණලා සිය සැමියා නතර කරගෙන සිටි යතුරු පැදියට ඖෂධ අලෙවි සලෙන් කඩිමුඩියේ එළියට පැමිණි කතක් හිස් ආවරණයක් ද පැලද ගොඩවනු දුටු කළ දෙඇස් පැටළුනු ඇයට දෙලොව සිහිවිය.
ඒ සමගම මරු විකලෙන් මෙන් ඉදිරියට දිව ගිය ඇය අත මිට මොලවා ගෙන සිටි කුඩයෙන් සැමියාගේ යතුරු පැදියේ පිටුපස වාඩිවී යාමට සූදානම්වූ කාන්තාවට අත දිගහැර නෙළුවේ අද අතටම අසුවුණා යයි කියමිනි.
සැමියා යතුරු පැදිය හරවාගෙන සිටි අන්තයේ කුලියට කාමර දෙන තැන් අනන්තවත් ඇති හෙයින් සහ තමා සහේට ගත් දා සිට තමා හැර වෙනත් කාන්තා පරාණයක් ඔහු යතුරු පැදියේ නංවාගෙන යනු නොදුටු නිසාත් ඖෂධ අලෙවි සලට කාන්තාව ගොස් ඒමත් සමගම ඇය තව තවත් අවේශවී මේ කතට කුඩෙන් ගැසුවාය.
‘‘ඕයි මොකද මේ අඳුනන්නේ නැද්ද? මේ මගේ නංගි.... අපේ තාත්තාට අමාරුයිලු නංගියි මායි මේ පාමසියෙන් බෙහෙතක් අරන් ඉස්පිරිතාලෙට යන්න යනවා. ඔහේටවත් කියන්න වෙලාවක් වුණේ නැහැ. නංගි මට තාත්තාගේ තත්ත්වය කිව්වේ නංගි බෙහෙත් ගන්න පාමසියට ආපු වෙලාවේ. මමයි කිව්වේ නංගිට මම එනකම් ඉන්න කියලා, යැයි ඔහු කීවිට ඇය දෙවරක් නොසිතා නෑනාගෙන් සමාව අයැද සිටියාය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනියම් බිරිය යැයි සිතා සැමියාගේ යතුරු පැදියේ ගිය නෑනාට කුඩෙන් තඩි බාලා
rK Thursday, 02 March 2023 03:40 AM
පොඩ්ඩක් නෝනාටත් කීවා නම් හොඳයි නේද?මොබයිල්ස් තියනවනේ