ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
කලකට පසුව අනියම් බිරියකගේ පහස ලබන්නට ගිය අනියම් සැමියකුට පස්ස නොබලා දුවගොස් සැඟව සිටින්නට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.
ඔහු පෞද්ගලික ආයතනයක රියැදුරෙකි. තිදරු පියකු වූ ඔහු ගමේ ඇහැට කනට පෙනෙන තරුණ කාන්තාවන් දැලේ දාගෙන ඔවුන් හා අනියම් ඇසුර පවත්වාගෙන යමින් පෙම්සුව විඳීම ගමේ කොයිකාටත් එතරම් රහසක් නොවීය.
කලක් යද්දී මෙය ඔහුගේ බිරිය ද දැනගත් අතර ඇය කෙතරම් උත්සාහ කළත් සැමියාගේ මේ නොමනා හැසිරීම නතර කරන්නට ඇය සමත් නොවූවාය. අවසානයේ ඇය කළේ විදේශගතව සිටින වැඩිමහල් සොයුරා ලවා තම සැමියාට ද එම රටේ රැකියාවක් සොයා දී ඔහු එහි පිටත්කර යැවීමය.
අවුරුදු පහකට පමණ පසුව පසුගියදා සැමියා යළි මෙරටට පැමිණියේය. පැමිණ ටික දිනකින්ම සැමියාට හොර අඹුවන්ගේ පහස මතක් විය. තමා වැඩියෙන්ම ඇලුම් කළ ගමේ අනියම් බිරියකගේ සැමියා රැකියාව කළේ ඈත පළාතකය. එනිසා ඔහු නිවසට ආවේ ගියේ සති අන්තයක පමණි. එනිසා සුපුරුදු පරිදි එක්තරා රාත්‍රියක ඔහු එම අනියම් බිරිය සොයා ඇගේ නිවස වෙත ගියේය.
වෙනදා මෙන් ඇය නිදා සිටින කාමරයේ ජනේලය අසලට ගොස් පුරුදු සංඥාව කළේය. වෙනදා නම් ඒ සංඥාව ඇසුණු සැණින් ඈ කාමරයේ ජනේලය විවර කරන අතර කිසියම් බාධාවක් නැති ජනේල් කවුළුවෙන් ඇතුළුවන ඔහු එළිවන ජාමය වනතුරු ඇය සමග පෙම්සුව වින්දේය.
එහෙත් මෙදින ඔහු කිහිප වරක්ම ජනේලයට සුපුරුදු සංඥාව කළ ද ජනේලය විවර නොවීය. සිදුවූයේ වෙනත් දෙයකි. එකවරම විදුලි පන්දමක් දල්වාගෙන පොල්ලක් අතින් ගත් ඇඟපත හැඩි දැඩි පුද්ගලයකු නිවෙසින් එළියට ආවේ කෑගසාගෙනය. වැඩේ වැරදුන බව දැනගත් මේ හොර සැමියා පස්ස නොබලා දුවගොස් ඊට මඳ දුරකින් පිහිටි කැලෑ රොදකට වී හති ඇර සියල්ල සන්සුන් වූ පසු සිය නිවෙසට ගොස් කිසිවක් සිදු නොවූ අයුරින් නිදාගත්තේය.
පසුදා උදෑසන අවදි වූ ඔහු අනියම් බිරිය ගැන සොයා බලද්දී දැනගන්නට ලැබුණේ ඇය සැමියා රැකියාව කරන ප්‍රදේශයේම පදිංචියට ගොස් ඇති බවය. දැන් එම නිවසේ සිටින්නේ එම නිවස කුලියට ලබාගත් පවුලක් බවය.
එහෙත් ඒ වනවිට පෙරදා රාත්‍රී සිදුවූ සිද්ධිය ගම පුරා පැතිරී ගොස් තිබූ අතර අතීතය දත් ගම්මු එම නිවසේ පිටුපස සිට දුවගිය පුද්ගලයා හරියටම අනුමාන කළහ. මේ නිසා ගම්මු “මේ සැරේ හොරා කන්න ගිහින් වැඩේ වැරදුණා නේදැයි” කියා අසද්දී ඔහුට මළ පනිනවාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනියම් බිරිය හොයාගෙන ගියාම මැරතන් දුවන්න වෙලා