IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපොයි...​ දෙයියනේ ඒ කනේ ලෙඩේ

(මාවරල පී.එස්. මද්දුමගේ)
දකුණු පළාතේ රෝහලක අක්ෂි සායනයකි.  


ගම්මානයක මාපිය දෙපළකට සිටි එකම පිරිමි දරුවා අක්ෂි ආබාධයකින් පෙළෙන්නෙක් විය.  


වයස 18 ක් වූ මොහු හැඩිදැඩි පෙනුමකින් යුත් ලස්සන තරුණයෙක් විය. 


ඇසේ ආබාධ තත්ත්වය නිසා හරි අධ්‍යාපනයක් ද ලබා ගැනීමට නොහැකි වී තිබිණි.


මෙම තරුණයාට, ආයුර්වේද ප්‍රතිකාර කොපමණ කළත් පැවැති ඇසේ ආබාධය ඉවත් කර  සුවයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා, තරමක දුර බැහැරක පවත්වාගෙන යන රජයේ රෝහල් අක්ෂි සායනයකට තම දරුවා සමග යාමට මව තීරණය කළාය. 


අක්ෂි සායනයට ගොස් පුරුදු අසල්වැසියකුගෙන් තොරතුරු අසා දැන ගෙන, දිනක් මේ මව සහ පුතා අක්ෂි සායනයට ගියහ.
කොපි පොතක් ද රැගෙන සායනයට උදේ පාන්දරම ගිය මව සහ පුතා, පැමිණි අනුපිළිවෙළට අනුව සායන අංක ලබාදෙන තුරු පුටු පේළියක අසුන් ගත්හ. මේ අය සායනයට යන විටත් සෑහෙන පිරිසක් පැමිණ සිටි නිසා, රෝගීන්ගේ ආසන අසලින් බාර කරුවන්ට අසුන් ගැනීමට ඉඩක් නොවීය. පුතා ලෙඩුන් අතර පුටු පේළියක ද මව පිටත පුටුවක ද වාඩි වූහ.


තරුණයාට ඉදිරියෙන් වූ පුටුවක ඉදගෙන සිටියේ සායනයට පැමිණි තරුණියකි. ඇය තුවායකින් එක් ඇසක් ආවරණය කරගෙන සිටියාය. තරුණයා සහ තරුණිය එක එල්ලේ බලන විට මුහුණට මුහුණ ගැටෙන දර්ශනයක් පැවැතුණි. 


     තරුණියගේ මව ද ඒ අසලම සිටියාය. තරුණයා තරුණිය දෙස බලන සෑම අවස්ථාවකදීම ඇස් පිල්ලන් ගසා හිස හරවා ඉගි කරන විලාසයක් පෑවේය. මේ ගැන විපරමින් සිටි තරුණියගේ මව තරුණයා ළඟට පැමිණ  නුරුස්නා බසින් යමක් කියනු තරුණයාගේ මව බලා සිට, එම ස්ථානයට පැමිණියාය.


    “ඇයි නෝනා. මොක ද?” තරුණයාගේ මව  ඇසුවාය.


   “මේ ළමයා අපේ දූගෙ දිහා බලල ඇස් පිල්ලන් ගහල, හිස හරවල මොනවද කියනව” තරුණියගේ මව කීවාය. “ඒ ගැන අහන්නයි මම ළමයට කතා කළේ”.


    “අනේ නෝනා. සමාවෙන්න. ඒ ළමයට තියෙන ලෙඬේ තමයි ඒක. මගේ කොලු‍වා එහෙම නරක එකෙක් නෙවෙයි.  ඔහේගෙ දූට මොනවත් කියල නෑ. ඉගි කරල නෑ. එයාගෙ ලෙඬේ ඇස් පිල්ලන් ගසන එකයි, හිස හරවල ඉගිකරන එකයි. අපි දන්න වෙද මහත්තුරුන්ගෙන් වෙදකම් කළා. බලි තොවිල් නැටුවා. ඒත් හරි ගියේ නෑ. මේ සායනයට ආවෙ ඒක නිසයි. වරදවා හිතන්න එපා නෝනා. ඒක ලෙඩක්. තරුණයාගේ මව එසේ කියා පිංසෙණ්ඩු වූවාය. 


සායනයට පැමිණ සිටි අනෙක් රෝගීහු ද ඒ මවටත් තරුණයාටත් අනුකම්පා දක්වමින්  කතා බහ කරන්නට වූහ. 
ඒ සමඟම තරුණියගේ මව ලජ්ජාවට පත්ව, “ඔයා නෙවි එහෙනම් මමයි සමාව ගත යුත්තේ” කියා  ඉදගෙන සිටි අසුනට ගියාය.

 



අදහස් (0)

අපොයි...​ දෙයියනේ ඒ කනේ ලෙඩේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site