හෝමාගම නගරයට නුදුරු ගමක පෙන්වූ අපාය දර්ශන රැගත් බිංගෙයකි. බිං ගෙයට ඇතුළුවීමට තිබුණේ මකර කටකිනි.
බිංගෙට ඇතුළුවූ අවස්ථාවේ පටන් දක්නට ලැබුණේ අපායේ දර්ශනයන්ය. අපායේ දර්ශන දැක බියෙන් හා ත‍්‍රාසයෙන් ඇළලී ගියේ වැඩිපුරම කුඩා දරුවන් සහ තරුණියන්ය.
බිංගෙය අවසානයේ මහ වළකි. වළේ දර්ශනය වූයේ යම පල්ලන් වැරදි කළ නරයන්ට දෙන දඬුවම් ය. එම දර්ශන දුටු තරුණියන් පිරිසක් බියෙන් ඇලලී ඇස් වසා ගෙන යාමට සැරසෙනවාත් සමග වළ ඇතුළේ සිටි යම පල්ලන් පිරිසක් තරුණියන්ගේ අතින් අල්ලා ඇද්දාලූ. ඒ බව දුටු තරුණ පිරිසක් යමපල්ලන්ට නොසෑහෙන ලෙස අතින් පයින් සංග‍්‍රහ කළාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නංගිලාගේ අත්වල මොනවද තිබුනේ කියන්න කෝ? (ස)
මේක අපාය වෙසක් වලට කියලා හදන හැමතැනම කරන දෙයක්, අසංවරකම.(ස)
යමපල්ලොත් ගෑනු දැක්කම පිස්සු වැටෙන ජාතියක් වෙලා. එත් තරුණ ගෑණු ළමයින්ව යමපල්ලන්ගෙන් රැක ගන්න ඕනේ. ඇපයට නොයවා.(ස)
නිල්මිණි දන්නා හෝමාගම. ඊට වැඩිය කැළණිය හොදයි. (නි)
ඇසල, ඔයා වැරදියි. ඕකේ අනිත් පැත්තයි උනේ.(නදී)
සරසි, කැළණිය හොදයි අර කට්ටිය නැත්නම් (නි)
දැන දැන අපායට මොකට ගියද ? (නි)
යමපල්ලන්ට දන්කොටුවේ බඩු හම්බවෙලා, ඒවා පාවිච්චි කරලා තරහා ගිහින් ඇති (නි)
මදැයි කොර ගත්තා (දී)
අනේ හිතෙන්න ඇති නියපොතු ටික පාට කොරල දෙන්න.(ස)
හොමගමත් අපායක් වෙලාද? (ස)
යමපල්ලත් ලංකාවෙනේ... (නි)
නංගි ඔයා පරෙස්සම් වෙන්න. ඔතන ගහපු යමපල්ලෙක් ඔයාට බැල්ම දාගෙන ඉන්නවා.(ස)
බෙලෙඩ් තලයක් අරන් අපාය බලන්න ගියා නම් යමපල්ලන්ව කපන්න තිබුනා. (නි)
යම පල්ලන් ටිකක් බීල වෙන්නෙති නේද?(නදී)
එකනේ කියන්නේ ගැහැණියකගේ අතින් ඇල්ලුවා කියන්නේ අපායෙ ගීයා වගේ තමා.(නදී)
වල ඇතුලේ ඉඳන් අතින් ඇල්ලුවේ කොහොමද? ෂුවර් එකට කකුල් අතගාන්න ඇති. වනචර යමපල්ලෝ .... (නි)
අපායට යන්නේ කොහොමත් මේ වගේ අයනේ. (නි)
අපායේ සොමි කාරයෝ .(නදී)
අපරාදේ හරි හැටි කෙල්ලෝ එක්ක කතා කරලා තිබුනා නම් කෙල්ලෝ ටික මෙයාලව ස්වර්ගයට එක්ක ගෙන යයි. හැම දෙයකටම හදිස්සිය. කොහොම හරි මේ පුවතට වඩා මට පහන් ගේ කතාවට හිනා ගියා. (නි)
ළමයනේ දැන් ලංකාවම අපායක්නේ. ඕකට ඉස්සර ලේඛකයො කිවුවේ කාකදීපය කියලා (නි)
එහෙනම් ලංකාවෙන් ඇවිල්ලා අපිටත් ගහලා ගියා එහෙනම්.(නදී)
තරුණියො ටික සෑහෙන්න ලොකු පවක් කරල තියනවා.(නදී)
කෙල්ලන්ට මල්.අපිට ඉතින් පොල් මලුත් නැහැ. (නි)
ගහපු තරුණ පිරිස ලකුණු හඹා යන කට්ටියක් වගේ! මේ වගේ අයියලා තමා උගුරට හොරා බෙහෙත් බොන්නේ. සමහරවිට නංගිලා කැමතිත් ඇති අතින් ඇල්ලුවට (නි)
යම රජ්ජුරුවෝ හිටියේ නැද්ද ඒ වෙලාවේ? (නි)
මේක නම් හොඳ වැඩක් නෙමෙයි. යමපල්ලන්ටත් ලංකාවේ ම්නිස්සු ගහනවා කියලා අපායට ආරංචි වුනොත් එහෙත් ලොකු යම විරෝධී කැරැල්ලක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. (නි)
යමපල්ලෝ තරුණියන්ගේ අතින් ඇල්ලුවා කියන්නේ බොරු. අතින් අල්ලලා තියෙන්නේ තරුණියොත් එක්ක ආපු තරුණයෙක් වෙන්න ඇති. යමපල්ලන්ට ගහපු තරුණයෝ මේක දන්නේ නැහැ.අපරාදේ අපේ උන් හොයන්නේ බලන්නේ නැතුව අපායටත් ගිහිල්ලා යමපල්ලන්ට ගහනවා. (නි)
සමහර විට මේ ආත්මේ කරපු වැරදී යමපල්ලන්ට පේන්න ඇති එනිසා ඒ වෙලාවේම දඩුවමක් දෙන්න හිතල අතින් ඇදල ගන්න හිතෙන්න ඇති ? (දී)
ලකුණු දාගන්න කරපු වැඩක් හොල්මන් මන්දිර ඔහොම නැතිව කොහොමද කරන්නෙ ඇස් ගහන්නද කියන්න බයකරන්න (අ)
මේක ලේසියෙන් අරින්න නරකයි. වරෙල්ලකෝ යමලෝකෙට. (නි)
ඇයි දන්නෑ අතින් ඇල්ලුවේ.(අ)
යමපල්ලොත් මෙහෙන් ගීය අයමනේ. පුරුද්ද අත අරින්න අමාරුනේ.(අ)
අපේ කට්ටිය අපායට ගියත් ඔය ටික තමයි... දැන් අපාය වැඩ වර්ජනය කරේ අපේ කට්ටිය කොහේ ගියත් ඔහොම තමා (අ)
යම රජුරුවන්ට පැමිණිලි කළේ නැද්ද? (නි)
ඔන්න අපේ මනුස්සයෙක් අපායේ ගියාලු .යම රජ්ජුරුවෝ මෙයාට කිව්වලු කැමති දඩුවමක් තෝරාගන්න කියල .ඉතින් යම පල්ලෝ මෙයාව එක්කගෙන ගියාලු පෙන්නන්න .තැනක කටුඉඹුලේ යනවලු .තැනක ලෝදිය බොනවලු ,තැනක කියතෙන් ඉරනවලු ඔහොම බලාගෙන යනකොට එකතැනක මිනිහෙක් අසූචි වලක දුම්වැටියක් පානයකරමින් ඉන්නවලු .දැක්කගමන් අපේ මිනිහ ඒ දඩුවම තොරගත්තලු .දැන් අපේ මිනිහ වලට බැහැල දුම්වැටිය දල්වාගෙන ඉන්නවලු .මෙන්න යමපල්ලෙක් ඇවිත් කිව්වලු විවේක කාලය ඉවරයි දැන් ඔලුවෙන් හිටගන්න කියල (අ).
යාම පල්ලොත් ගැණු ළමයින්ගේ අත් වලින් අල්ල්ලන්න ආසයි වගේ. එහෙනම් අපට එහෙත් ඉඩ නැහැ වගේ. (නි)
මමනම් කියන්නේ හොද වැඩේ
පහන් හැමදාම අලුත් විහිළුව ක් ලියල අපිව හිනස්සනව (දී)
හැම රටකම අපාය වල ආරක්ෂකයෝ ඉන්නවලු. ලංකාවේ අපායෙ විතරක් ආරක්ෂකයෙක් නැහැ.අහලා බලපුවම යමරජ කිව්වලු ඒකට ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ. උඩට එන එකාව පල්ලෙහා ඉන්න එකා අදිනවා කියලා. (නි)
ගැහැණු යම පල්ලෝ ඉන්න අපායක් එහෙම නැද්ද දන්නේ? ආසය් යන්න එහෙ. ලෝදිය බොන්නම්. ගින්දර කන්නම්. කටු ඉඹුලේ නගින්නම්. (ස)
වෙස් වලාගෙන හිටිය නිසා කවුද කියලා අදුර ගන්න බැරි වෙන්න ඇති (දී)
යමපල්ලොන්ටත් ඉතින් හැගීම් ..දැනීම් තියෙනවනේ ඉතින්...(අ).
ඒ යමපල්ල ....යමපල්ලියක්වත් දැක්කද දන්නේ නැ...... (අ)
අයියෝ යමපල්ලා (දී)
මට ආරංචි වුන විදියට නම් යමපල්ලන්ට ගහලා තියෙන්නේ පළාත් සභාවේ මන්ත්‍රීල කට්ටියක් කියලා. (නදී)
මම දන්නා විදිහට හෝමාගම කියන්නේ ලංකාවේ තියෙන හොදම නගරයක්, සමහරවිට අර යමපල්ල වෙන ප්‍රදේශයකින් එන්න ඇති රගපාන්න.(ස)