කාර්යාලයේ වැඩකරන අයකුගේ නැන්දා හදිසියේ මියගොස් ඇතිබව දැන්වීම නිසා ඔහුගේ හිතවතුන් ශෝක ප‍්‍රකාශ හා බැනර් රැගෙන සවස අවමඟුල් උත්සවය තිබෙන තැනට ගියවිට එය හිතවතා අපේ‍්‍රල් පළමුවනදා ඔවුනට කළ විහිළුවක් බව දැනගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණි සිද්ධියක් කොළඹට ආසන්න රජයේ කාර්යාලයකින් අසන්නට ලැබුණි. සිද්ධිය සැකෙවින් මෙසේය.
සේවකයා තම නැන්දා ලෙඩින් පසුවෙන බව ඔහුගේ කාර්යාලයේ අයට කියා තිබී ඇත. මේ අතරේ ඔහු අපේ‍්‍රල් පළමුවැනිදා සේවයට නොපැමිණි නිසා මිතුරෙක් ඒ ගැන විමසූවිට මචං අද මට එන්න වෙන්නේ නෑ. අපේ නැන්දා මියගියා අනෙක් අයටත් කියපන් පුළුවන්නම් වරෙල්ලා කියා ඇත.
මෙය ඇසූ මිතුරා ඒ බව කාර්යාලයේ අනෙක් අයට ද කීය. ඔහුගේ පණිවිඩය විශ්වාස කළ සෙසු මිතුරන් දුකට පත්ව අවමඟුල් නිවෙසට යාමට කතිකා කරගෙන අවශ්‍ය බැනර් ශෝක ප‍්‍රකාශ හා කවිකොළ ආදිය ද සකසාගෙන අවමඟුල් උත්සවය තිබෙන තැනට ගිය විට සුදු කොඩියක්වත් පේන මානයක දක්නට නැති නිසා ඒ ගැන විපරම් කර බලද්දී එය මිතුරු සේවකයා අපේ‍්‍රල් පළමුවැනිදා කළ විහිළුවක් බව වටහාගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණ ඇත්තේ ගමන රහසක් ලෙස තබාගන්නා මෙන් ගිය අයට පවසමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මිනිස්සු හිතන හැටි? අන්තිමට අර කොටි ආවෝ කිව්ව ගොපල්ලට වෙච්ච වැඩේ තමා වෙන්නේ? (නි)
අනේ ඇත්තටම ද ආ (ස)
මේකත් විහිලුවක්ද? එයාගේ විහිලුවට රැවටුන අය ඇත්තටම එහෙම දෙයක් වුන දවසට මොකද කරන්නේ? ඉල්ලා ගත්තේ නැද්ද ගමන් ගාස්තුවවත් අඩු ගණනේ? (ස)
අන්නුන්ව රවට්ටන්ඩ හැදුවට රැවටෙන්නේ තමන්ම විතරයි කියල මතක තිය ගත්තොත් හොඳයි. (ස)
අප්‍රියෙල් 1 වැනිදා විතරක් නෙමෙයි, රැවටීම කොහොමත් හොද දෙයක් නෙමෙයි. මම දන්නා කෙනෙක් අප්‍රියෙල් 1 වැනිදා අනතුරකට ලක්වුණා. නමුත් රෝහල් ගත කෙරුවා කියලා කිව්වට කවුරුවත් පිළිගත්තේ නැහැ. අප්‍රියෙල් 1 වැනිදාට යෙදෙන මේ බොරු කීම නවත්තනවා නම් තමයි හොඳ (නි)
අනිත් රටවල් වලට සහ අනිත් මිනිස්සුන්ට කොහොම වුණත්,ලංකාවේ අයට නම් හැමදාමත් අප්‍රියෙල් 1 තමයි. (නි)
චින්තක ඔය හරි . අප්රිඅල් 1 පළවෙනිදට නොව ජීවීත කාලයටම මිනිස්සුන්ව රවට්ටනේ නැතුව ඉන්න එක හොදයි .මිනිස්සු නැති කරගන්නේ නැතිව . (අ)
අප්‍රේල් 01 දා දැන් කවුරුත් ගණන් ගන්නේ නැති එකේ මොන වටද තවත් රැවටෙන්නේ.(නදී)
මාර විහිළුව.(නදී)
මුසාවාදා වේරමණී සිඛ්කාපදං සමාධියාමී කිව්වළු....!(නදී)