දිගු කලක සිට පැවති ආදර සබඳතාවක් බිඳ වැටීම නිසා දැඩි කලකිරීමට පත්ව සිටි ඔහු සේවය කළේ අගනුවර සෞඛ්‍යයට සම්බන්ධ සේවා ආයතනයක ය. පසුගිය දා ස්ථාන මාරුවක් ලැබ එහි පැමිණි තරුණ ලිපිකාරිනියක නිසා ඔහුගේ මියැදුණු සිතිවිලි යළි අවදි විය. සිනාවෙන් කතාවෙන් දිගු ගමනකට යා හැකි යැයි සිතූ ඔහු බලාපොරොත්තු ඇති කර ගත්තත් දිගු නිවාඩුවකට පසු අපේ‍්‍රල් පළමුවැනිදා තමාට නොදන්වා ඇය සේවයට නොපැමිණීම ඔහුගේ සංවේගයට හේතු විය. මේ ගැන විමසූවිට හිතවතකු කීවේ ‘‘අද එයාගෙ ගෙදර පාටියක්. දන්නේ නැද්ද?’’ කියාය. ඔහු තිගැස්සිණ ‘‘එයාගෙ උපන්දිනේ බං. උඹත් කෝල් එකක් දීල සුබ පතපන්.’’
ඔහු ක්‍ෂණිකව දුරකතන ඇමතුමක් ගෙන සුබ පැතුවත් මොහොතකින් එය විසන්ධි විය. පසුව ඔහුට තේරුම් ගියේ අපේ‍්‍රල් පළමුවැනිදා යහළුවා තමාට ලණුවක් දී ඇති බවය. කෙසේ වෙතත් ඇය පසුවදා සේවයට ආ පසු ඔහුගේ මුහුණවත් බලන්නේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ විහිළුවලින් ලජ්ජාවට පත් වෙලා ජීවිතයක් නැති වුණොත් සදාකාලිකවම විඳවන්න වෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ලන්ඩන් වලට කළ විහිළුවක් නිසා ඉන්දියාවේ කාන්තාවක් මාස කීපයකට කලින් සිය දිවි නහගත්තේ අනෙක් අයට මුහුණ දෙන්න අපහසු නිසා. (නි)
අනේ නංගි, ඕවා ගණන් ගන්න එපා. (නි)
මේ කතාව මම දන්නවා. මොකද මම වැඩ කරන්නෙත් ඒ ආයතනයේ. ඒ දෙන්නා පෙම්වතුන් වෙන්න දැන් ගොඩක් ලඟයි (නි)
ඇයි තව කෙනෙකුට වෙච්ච දෙයකට හිනා වෙන්නේ.. ? (ස)
ප්‍රේමයට කොහෙද බාධා නැත්තේ. ඉදිරියටම යන්න. ජය නියතයි. (නි)
පුදනකොටම කාපි යකා (නි)
ඔහොම තමයි අප්පා කෙල්ලෝ. අහන කොට බැහැ කියල, ආයෙමත් පස්සෙන් ඇවිල්ල අපිව අමාරුවේ දානවා. (ස)
අද මැයි 2 දා ඒ දෙන්නා එක්වෙලා. මම දැක්කා බස් හෝල්ට් එකේ අත් අල්ලන් කතා කර කර ඉන්නවා. හරිම ලස්සනයි (නි)
තාම මූහුන නාහේ කා ගෙන නැහැ නේ? කරුනෝ....මුදේ නාමු ගිලීලා..... (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
උපසේන අයියේ, අප්‍රියෙල් මැයි වුණා වගේම මැයි ජුනි වේවි. තව තව සෙල්ලම් ඉස්සරහට... ආයුබෝවේවා! (නි)