ග‍්‍රහ දෝෂ සුව කිරීම සඳහා පැමිණි කට්ටඩියකු පූජා පිටියේ ව්‍යාපාරිකයකුගේ රුපියල් 80,000කට වඩා වටිනා රන් මාලයක් සමඟ අතුරුදහන් වී ඇති බවට කටුගස්තොට පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබේ.
සිද්ධිය මෙසේය.
පූජාපිටිය නගරයේ සුළු වෙළෙඳ සලක් අසළට පසුගියදා පැමිණි පුද්ගලයකු ටික වේලාවක් එම ව්‍යාපාරිකයා සමඟ කතාකර සිට ඇති අතර පසුව ඔහු එක්වරම ව්‍යාපාරිකයාගේ මුහුණ දෙස බලා ඔහුට ග‍්‍රහදෝෂ අපල තිබෙන බවත් එය ඉක්මනින් සුව කළහොත් ඉතා ඉක්මනින් දියුණු විය හැකි බවත් තමන් මේ ප‍්‍රදේශයේ බොහෝ දෙනකුට එවන් යන්ත‍්‍ර මන්ත‍්‍ර කර ඇති බවත් කියා තිබේ.
මේ ගැන පැහැදුණු ව්‍යාපාරිකයා ඒ සඳහා කැමති වී ඇත. පසුව දින කිහිපයකට පසු ව්‍යාපාරිකයාගේ දුරකතනයට ඇමතුමක් දී ඇත. මෙම පුද්ගලයා යන්තරය සූදානම් කර ඇති බවත් පසු දින එය රැුගෙන පැමිණෙන බවත් කියා තිබේ. ඒ අනුව පසුදින පස්වරුවේ වෙළෙඳ සලට පැමිණ ඇති කට්ටඩියා සකස් කර තිබූ යන්තරය සහිත සුරය ද ව්‍යාපාරිකයාට පෙන්වා තිබේ.
එම යන්තරය මැතිරිය යුතු බව පවසා ඇති ඔහු එය රත්තරන් මාලයකට සම්බන්ධ කළ යුතු බැවින් ව්‍යාපාරිකයාගේ ගෙලේ තිබූ රුපියල් 80,000කට වඩා වටිනා රන් මාලය ඉල්ලාගෙන එම අවස්ථාවේදීම ඒ මාලය යන්තරය තුළට දමා තිබේ. පසුව එය බුලත් කොළයක තබා ඔබා සෙම්බුවක් රැුගෙන එයට දමා වෙළෙඳ සලේ මුල්ලකට තනිවම ගොස් මතුරා තිබේ. ඉන් අනතුරුව යන්තරය සහිත මුට්ටිය රැුගෙන බෝධීන් වහන්සේ වටා 21 වරක් ගමන් කළ යුතු බැවින් එම ස්ථානයට යෑමට ව්‍යාපාරිකයාට කතා කර තිබේ.
ව්‍යාපාරිකයාට වෙළෙඳ සලෙන් යාමට නොහැකි නිසා ඔහුගේ ළඟම හිතවතකු මේ සඳහා යවා ඇත. එම හිතවතා යන්තරය සහ රන් මාලය ඇතුළත් මුට්ටිය රැගෙන 21ක් වරක් බෝධීන් වහන්සේ වටා ගමන් කර එම ස්ථානයේ සෑහෙන වේලාවක් නැවතී සිටිය ද කට්ටඩියා පෙනෙන්නට නොසිටි බැවින් වහාම වෙළෙඳ සලට පැමිණ තිබේ. ඒ වන විට ඔහු වෙළෙඳ සලෙත් නොසිටියේය. වෙළෙඳ සලේ දී මෙම මුට්ටිය ලිහා බැලූව ද එහි තිබුණු රන් මාලය සහ යන්තරය ද අතුරුදන්ව තිබූ අතර එහි තිබී ඇත්තේ පොල් කටු කිහිපයක් පමණි.
ඒ සමඟ මෙම කට්ටඩියා ද අතුරුදන්ව ඇත. පසුව සියලූ දෙනා එක් වී මුළු නගරයේම සෙව්ව ද ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර සිද්ධිය කටුගස්තොට පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මාතර යකදුරෙක් හොයගත්ත නම් වැඩේ හොර බොරු නැතුව කිරි ගහට ඇන්නා වගේ සිද්ධ වෙනවා, නැද්ද ජයා..(බ)
හැබැයි කට්ටඩියා දක්ෂයා. වෙළෙන්දාගේ මුහුණ බලලා අපලකාරයෙක් බව දැනගෙන ඒක තමාගේ ප්‍රයෝජනය සඳහා යොදාගෙන. (නි)
අපි තාම ගොන්කම් කරනවා නේද? මෙය කියවන හැම කෙනෙක්ම මේ වගේ හොරුන්ට අහුනොවෙන්න වගබලාගත යුතුයි. මමත් අහුවුණා දේකට. හැබැයි කට්ටඩියෙකුට නොවෙයි, සැළසුම් අඳින කෙනෙකුට. දන්නේ නමයි දුරකථන අංකයයි පමණයි. දැන් දුරකතනයට උත්තර දෙන්නෙත් නැහැ. (නි)
නියම මාතර යකැදුරෙක් හොයාගත්තා නම් වැඩේ හොර බොරු නැතුව කිරි ගහට ඇන්නා වගේ සිද්ධ වෙනවා, නැද්ද ජයා (නි)
CCTV කැමරාවක් හයි කර තිබ්බා නම් ලෙසියෙන් අල්ලගන්න තිබ්බා. (ර)
තවමත් මෙවැනි අන්ධ විශ්වාසයන් තියන මිනිසුන් ගැන අහන්න ලැබෙනවානේ (හේ)
ග්රහ අපලයට රන් මාලය පොල්කටුවලට හැරෙන්න ඇති. කට්ටඩියගේ වැරද්දක් නෑ. (ර)
මමනම් මේකේ වැරද්දක් දකින්නේ නෑ. ඇයි ඕවා පස්සේ යන්නේ හොදම වැඩේ... (ර)
වික්‍රම, මෙයා නියම මාතර යකැදුරෙක්. කිරි ගහට ඇන්නා වගේ වැඩේ දීලා තියෙන්නේ. ආයේ හොයන්න බැරිවෙන්න. (නි)
80 මාලයක් කරේ දාගෙන ඉන්න තරම් ආදායම් තිබෙන ව්‍යාපාරයක් ගොඩනැඟුවා නම්, ග්‍රහයෝ ගැන හොයන්න ගියේ මොකටද? (නි)
අනේ පවු! මෝඩපහේ මුදලාලි කෙනෙකුයි ගෝලයෙකුයි... මෙහෙම අයත් ඉන්න එපැයි (නි)
අද මුළු ලංකාවම අවිද්‍යාවෙන් මංමුල වෙලා. රජුන්ගෙන් ලැබුණු ආදර්ශය. මෙය නීතියෙන් තහනම් කරන්ට ඕන. (බ)