(උණවටුන - ඞී.ජී. සුගතපාල)
විවිධ අපල වෙනුවෙන් සහන ලබා ගැනීමට ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් පරිදි දුගී මගී යාචකයන්ට ආහාර පාන ලබාදීම බොහෝ දෙනාගේ සිරිතකි.
එසේ අපල දුරුකර ගැනීමට උපදෙස් ලැබූ මවක් බත් පාර්සල් කිහිපයක් රැුගෙන තම දියණිය ද සමග ගාල්ල නගරයට පැමිණියේ ඒවා බෙදා දීමටය.
ඒවා බෙදා දීමට පෙර ඇය පොලිසිය ඉදිරිපිට බැංකුවට ගොස් රුපියල් ලක්‍ෂයක් ගත්තේ හදිසි අවශ්‍යතාවකටය. එම රුපියල් ලක්‍ෂයම කලබලයට කෑම පාර්සල් තිබූ බෑග් එකටම දමා ගත් ඇය දියණිය සමග කෑම පාර්සල් බෙදා දීමට පටන් ගත්තාය.
නගරය පුරා ඇවිද සුදුසු අයට කෑම පාර්සල් බෙදා දුන් මව සහ දියණිය අවසාන වශයෙන් පැමිණියේ පොලිසිය ඉදිරිපිටටය. පොලිසිය ඉදිරිපිට තාප්පය අයිනේ සිටි පුද්ගලයකුට ඉතිරිවී තිබූ කෑම පාර්සලය බෑග් එක පිටින්ම ඇය දුන්නාය.
නෝනට පිංසිද්ද වෙන්න ඕනෑ. බුදු බව ලැබේවා. කියමින් ඔහු දෝතින්ම කෑම පාර්සලය සහිත බෑග් එක ගත්තේය. මවගේ සහ දියණියගේ සිත් සතුටින් පිරි ගියහ. මෙතෙක් තිබූ සියලූ අපල දුරුවූවාසේ ඔවුනට හැඟින.
ඔවුන් එම ස්ථානයෙන් පිටවූයේ හදපිරි සතුටිනි. එහෙත් ටික දුරක් ගියවිට රුපියල් ලක්‍ෂයද කෑම පාර්සල් තිබූ බෑගයේම දමා ගත් බව ඇයට සිහිවිය. අපලය දුරුවූවා නොව එය දෙගුණ තෙගුණ වූ බව ඇයට හැඟිණ. වහාම ආපසු පැමිණ බැලූවත් එම ස්ථානයේ ඔහු දක්නට නොවීය. පසුව ඇය දියණිය සමග පොලිසියට පැමිණ හැඬූ කඳුළින් සිද්ධිය පැවසුවාය.
එහෙත් ඇය කෑම පාර්සලය දුන් පුද්ගලයා සොයා ගැනීමට නොහැකිවිය. කෙසේ වෙතත් එම පුද්ගලයාගේ අපලය නම් දූරුවූ බව බලා අසාසිටි අය පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක් නේද වෙලා තියෙන්නේ?(හේ)
මේකට කියන්නේ නොසැලකිලිමත් බවයි. මේ නෝනට නම් ලක්ෂය ලොකු ගානක් වෙන්න පුළුවන්. නමුත් හිඟන මනුස්සයට නම් මේක සුලුගානක්[හිඟන මනුස්සයකුගේ දවසේ ආදායම රුපියල් 10000 කට වැඩියි (නදී)
තවමත් මෝඩ මිනිස්සු ඉන්නවා ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් ගන්න අය දන්න ජ්‍යෙතිෂයක් තියෙනවද කපටිකම මිසක.(හේ)
මේවා නම් මොනවද ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් නිසා මහින්ද මහත්තයට වු දේ එක්ක බලද්දී. (දිල්)
මානෙල්, ඔබ 100% ක් ම හරි. ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් නිසා අවරුදු 2ක් කලින් ගෙදර ගිය කෙනෙකුත් ඉන්නේ.(දිල්)
මනෝජ් , එ් මහත්තයාට නම් නැති වුනේ ජනතාව දුන්න දේවල්නේ,මේක එහෙමද මේ මනුස්සයෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්තු දෙයක්නේ.(හේ)
බුදු බණෙහි සිත පිහිටුවා ගන්න. ජෝතිෂ්‍ය බැහැර කරන්න. ඔබට සදා සහනයක්ම ලැබේවි. (හේ)
ඒ පිනම ඇති එලොවට.(හේ)
ඔබට මතක ඇති ජනාදිපතිවරනයට ජෝතිශ්‍යවේදින් කියපු එ්වා ඔබ තව තවත් එය විශ්වාස කරනවද ? එකම පුද්ගලයෙක් ගැන එකම හඳහනක් කි දෙනෙක් කි ආකාරයකට කිව්වද? එ් නිසා අපිට තවත් මේ අය ගැන විස්වාස කරන්න පුලුවන්ද? (නදී)
අපලය පලදිලා වාගේ.(හේ)