කොළඹ මරදාන දුම්රියෙන් 13 වැනි දින සවස 2.15 පිටත්වූ ගාලූ කුමාරි දුම්රියට පිටකොටුව දුම්රිය පොළෙන් ගොඩවූ යුද හමුදා ආබාධිතයකුට තුන්වැනි පන්තියේ අසුනක් ලබා ගැනීමට යෑමේදී මහත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවී ඇත. ගාලූ කුමාරි දුම්රියට මරදාන දුම්රිය පොළෙන් ගොඩ වූ දුම්රිය මගියාගෙන් තමාට වාඩිවීමට අසුන දෙන ලෙසත් ආබාධිත යුද හමුදා සෙබළා ඉල්ලීමක් කරන ලදී. වාඩිවී සිටි මගියා පැවසුවේ තමා මෙම අසුන ගැනීමට කොටුව සිට මරදාන දුම්රිය පොළට ගොස් ආසනය ලබාගත් බවත්, මාතර දක්වා ගමන් කරන නිසා සිටගෙන යෑමට අපහසු බවත්ය. මේ අතර ගාලූ කුමාරි දුම්රියේ සිටගෙන සිටි මගීන් පැවසුවේ රට, ජාතිය බේරා ගැනීමට කැපවී කටයුතු කළ ආබාධිත රණවිරුවකුට වාඩිවීමට අසුනක් ලබා නොදීම සදාචාරයට නොහොබිනා කරුණක් බවයි. එම දුම්රිය මගියාගෙන් අසුන නොලැබුණත් අනික් මගියා ආසනය පරිත්‍යාග කළේය. ආසනය නොදුන් මගියාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයයි සිතා ගත් ආබාධිත හමුදා සෙබළා තම ආබාධිත කකුලේ සවිකරන ලද සපත්තුව ගලවා අත්වාරුව සමඟ අසුන නුදුන් මගියාට භාරදී තමා අලූත්ගමින් බසිනතුරු උකුල මත තබාගෙන අල්ලා ගෙන යායුතු යයි නියම කරන ලදී. ඔබ සමග මාගේ කිසිම තරහක් නොමැති බවත්, මෙය ආබාධිතයන්ට ගරු සැලකිලි ලබාදීම උදෙසා සිදු කරන ලද්දක් බව පවසන ලදී. ආබාධිත රණවිරුවා අලූත්ගමින් බැස යෑමට පෙර අසුන ලබා නොදුන් මගියාට මේ ගැන තව තවත් කරුණු පැහැදිලි කරදී මින් ඉදිරියට ආබාධිත සෙබළුන්ට මෙන්ම, වැඩිහිටි, ගැබ්බර මව්වරුන්ට ආසන පරිත්‍යාග කිරීම බුදු දහම අදහන ඔබ තේරුම් ගත යුතු යයි පැහැදිලි කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම වැරදියි. වැඩිපුරම රණවිරුවා... (නි)
සිද්ධිය ඇසින් නොදැක මට නම් මුකුත් කියන්න අමාරුයි. (නි)
මිනිසා හදා රට හදමු කියලා මඩිහේ පඤ්ඤාසීහ ලොකු හාමුදුරුවන් කිව්‍වෙ නිකං නෙමෙයි..... ඕකෙන් පේන් නෙ රට ආශ්චර්යයටම ළගා වන බවයි..!(නු)
සෙබලාගේ ක්‍රියාව නිවැරදියි..!(නු)
ආභාධිත රණවරුවන් වෙනුවෙන් සීට් එකක් දිග දුර ධාවනය නරන දුම්රිය වල වෙන්කරලා තියන්න බලධාරීන් පියවරක් ගත්තොත් හොදයි නේද? කරුණා කරලා කවුරුහරි මගෙැන අදාළ බලධාරීන් දැනුවත් කරන්න..?(නු)
එහෙම කරන්න වටින්නේ නැහැ (දී)
මගියාගේ ක්‍රියාව හෙළාදකිමි. තව කාරණයක් මතක් කිරීමට කැමැතියි ,ආසනයක් දුන්විට එය දුන් තැනැත්තා බසයේ ඉදී නම්, බසිනවිට ආසනය නැවත ඔහුට දීම ලංකාවේ කෙරෙනවා අඩුයි. වෙන කෙනෙක් එතන ඉදගැනීම තමයි වෙන්නේ. (නි)
දැන් මිනිස්සු ජීවත්වෙන්නේ හිතක් පපුවක් නැති ගාණට. (නි)
ආබාධිතයන්ට වෙනම ආසන පනවලා තිබෙනවා. අනික ආසනය නුදුන්නා කියලා අඩම්තේට්ටම් කරන්න බැහැ. (නි)
කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු ටික ටික තියෙනවානේ , නමුත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක මතක තියාගන්න (ස)
රණවිරු ආබාධිතයෙක් වුවත් පලි ගැනීමේ චේතනාවෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා ධර්මය දේශනා කරන එකේ තේරුමක් නෑ (ස)
එතකොට ඔය දුම්රියේ ආසන දෙකමද තිබුණේ (ස)
මම නිරන්තරයෙන් දුම්රියේ ගමන් කරන අයෙක් නෙවෙයි නමුත් මම දන්නවා ආබාධිත අයට වෙ න්කළ අසුනක් ඇති බව... ඔබට අසුනක් වෙනත් අයගෙන් ඉල්ලීමට අවශ්‍ය නැත..!(නු)
ෆොන්සේකා මහත්තයාට වුණ දේ දැක්කනේ. ඉතින් කොහේද රණවිරුවන්ට ගෞරවයක්? (නි)
මේ දෙන්නම මම හිතන්නේ වැරදියි කියලා. (නි)
ආබාධිත අයට වෙන්වූ ආසනය ඉල්ලා ගන්න තිබුණනේ. (නි)
සෙබළා මෙතනදී 100%ක්ම වැරදියි. (නි)
දුරගමන් කෝච්චිවල ආසනවලට තියෙන පොරය කොච්චියෙ ගිහිපු අය දන්නවා. අර මගියා කොටුවෙන් නගින්නෙ නැතුව මරදානටම ගියේ සීට් එකක් ගන්න ඕන නිසා තමයි, කොහොමහරි රට වෙනුවෙන් එම සෙබලා කළ කැපකිරීම ගැන හිතල ආසනය දෙන්න තිබුණා. එම ආබාධිත සෙබලාත් තමාට ආසනයක් අවශ්‍ය යැයි අසල සිටි අයට කිවුවා නම් එම මැදිරියෙ වෙනකෙනෙකුගෙන් ආසනයක් ගන්න තිබුණා (ස)
ප්‍රසාද් ඇයි රණවිරුව වැරදි කියන්නේ, ඔය වගේ වැඩ කරන අයට ඔහොම තමා කරන්න ඕන (ස)
ශාමලී , ඔයා කියන්නේ රණවිරුවා ගැනද ? (ස)
මගියා නිවැරදියි. රණවිරුවකු, වැඩිහිටි, ගැබ්බර මව්වරුන් යන අයට අසුන් දීම ස්වේච්ඡාවෙන් කරන්න ඕන දෙයක්. ඒක බලෙන් ලබා ගන්න අයිතියක් නෑ. ඒක නිසා තමයි ඒ වගේ අයට අසුන් වෙන් කර තියෙන්නේ. අසුනක් ලබා ගන්න එතරම් මගීන් දුක් විඳින්නේ යම් අවශ්‍යතාවයක් හෝ අමාරුවක් ඇති නිසයි. ඒක වෙන කෙනෙකුට විනිශ්චය කරන්න බෑ. (ස)
රණවිරුවන්ට ගරු කළ යුතු බව සැබෑ වුවත් මෙතන සිදු වී ඇති දෙය නම් සම්පූර්ණයෙන්ම වැරදියි. (නි)
මම නම් කියන්නෙ දෙන්නාම වැරදි. සෙබළා කරලා තියෙන්නෙත් පණ්ඩිත වැඩක්. (ස)
වෙන රටවල කවුරුත් ආසන දෙන්නේ නෑ පහන් (ස)
ලෝකය ගෝලාකාරයි.. මිනිසුන් එකිනෙකාට වෙනස්.. එක්කෙනෙක් සීට් එක දෙන්න පුළුවා තවත් එක්කෙනෙක් ආසනය දුන්නා.. (නු)
දෙන්නම දකුණේ.. මුකුත් කියලා වැඩක් නෑ (ස)
රොෂාන් වෙන රටවල හොද දේ පමණක් ගන්න.. ඔබ ගැන මට කණගාටුයි.. ආබාධිත අයට ආසනයක් දීම යුතුකමක් මෙන්ම සෙබලා කළදේ අනුමත කරන්නටද බැරිය..(නු)
සෙබලා වැරදි නැහැ (ස)
මම හිතන්නේ ඒ දෙන්නම වැරදියි (නි)
චන්ද්‍රා නෝනේ අලුත්ගම දකුණෙද .? (ස)
රණවිරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)
කෝ මගේ රට ? (ස)
අසංක සෙබලා දකුණේ නොවුනත් මේ මගියා නම් අනිවාර්යයෙන්ම දකුණේ. එක සහතිකයි. (ස)
පහන් ඔයාගෙ කතාව හරි.. මමත් ලංකාවෙ ඉද්දි හැමදාම වගේ මගේ රැකියාව නිසා ගොඩක් දුර පළාත් වල යනවා.. ගොඩක් වෙලාවට සීට් එකක් බලාපොරොත්තුවෙන් මම ළගම තැනින් නැතිව අමතර ලොකු දුරක් ගිහිං ගමන් ආරම්භයෙන් බස් එකට නගිනවා.. හැමදාම වගේ මහෙම ගන්න සීට් එක කවුරුහරි වයසක කෙනෙක් හරි සීට් එකක් ඕන කියලා හිතෙන කෙනෙක්ට දෙන්න වෙනවා..ඒත් ගොඩක් එමෙ දුරගමන් බස් වලට අතර මගින් නගින මේවගේ අය යන් පොඩි දුරයි.. බහින විට නිකමටවත් කියන් නෙ නැහැ නැවත ඉදගන්න කියලා.. ඒකෙන් ඒ ළග ඉන්න වෙන කෙනෙක් වාඩිවෙනවා.. මට නම් මේදේ හැමදාම උනා.. ඒකෙන් සීට් නොදී ඉන්න හිතෙනවා. ! ඒත් මට නම් මගේ අම්මා වගේ වයස කෙනෙක් දැක්කත් සීට් එක දෙන්න හිතෙනවා..!(නු)
රොෂාන් වෙන රටවල ආසන දෙන්න දෙයක් නැහැ.. එයාටල වෙන් කරලා තිනෙ ආසන වල වෙන අය වාඩිවෙන් නෙ නැහැ..!(නු)
සෙබළා වැරදියි. මගියෙක් අසුනක් ලබාගන්න කොතරම් මහන්සි වෙනවාද කියලා දන්නේ නිතර බස්වල යන උදවිය. එයා යුද්දෙට ගියේ අපි වෙනුවෙන් කියන කථාව වැරදියි. මාත් හමුදා සෙබළෙක්. අපි කවුරුත් යුද්දෙට ගියේ වැටුපට. අපිට වැටුප් ගෙව්වා. කැපවීමක් කළාම කියමුකෝ. ඒක අන් අයගේ පිට පටවනවා නම් ඒක කැපවීමක් නොවේ. අධිකාරීයක්.. සෙබළා කර ඇත්තේ නින්දිත ක්‍රියාවක්. (නි)
සෙබලා නෙමෙයි කකුල නැති එක ගැන හිතන්න..!(නු)
දෙදෙනාම වැරදියි..! මම හිතනවා සෙබලා අනවශ්‍ය විදියට හැසිරිලා තියනවා..!(නු)
ආයෙමත් ඇදල ගත්ත දකුණ කතාව. දකුණෙ ආරංචි වලට තරහයන කට්ටියක් ආයෙමත් වැඩ පටං අරගෙන.(නු)
චන්ද්‍රා, මුකුත් කියලා වැඩක් නැත්නම් ඇයි මෙතන අදහස් ඇතුලත් කරේ. ඔයා අළුත්ගම තියෙන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ නිකන් ලංකාව බේද කරන්න හදනව.(නු)
අපේ ගොඩක් අයට දකුණෙ මිනිස්සුත් එක්ක පුදුම ඉරිසියාවක් තමයි තියෙන්නෙ. තමන්ට වඩා දක්ෂ උන පලියට ඉරිසියා කරන එකේ තේරුමක් නෑ, තමනුත් ඒ තත්වයට එන්න උත්සාහ කරනවා මිසක.(නු)
මමත් සේවාමුක්ත සෙබළෙක්.. කරුණු දැක්වීමේදී බෙලා වැරදියි...!(නු)
චාන් වැඩක් ඇති දෙයක් කියන්න..!(නු)
පුදුම වැඩක්නේ මේක. ඇයි හැමෝටම දකුණ පෙන්නන්න බැරි? (නි)
කකුල කැඩිල මෙහෙමනම් කකුල හොදින් තියෙද්දි කොහොමද කියල හිතාගත්තහැකි(නු)
එයා ආබාධිතයි කියලා අනෙක් මිනිස්සු පළි නැහැනේ. (නි)
ආසනය නුදුන්නා කියලා අඩම්තේට්ටම් කරන්න බැහැ.(නු)
රොශාන් මම අවුරුදු 15 තිස්සේ රට ඉන්නේ මේ ඉන්නේ 3 වෙනි රටේ අපේ රටේ මිනිසුන්ට වඩා උතුම් මිනිසුන් මට හමුවී තිබෙනවා .බස් පිරෙන්නේ අබදිතයෝ ඉන්නේ ලංකාවේ විතරක් නෙමේ ඔයා ලංකාවේ නම් ඉන්නේ ඔයගැන මම පුදුම වෙන්නේ නැහැ .(නු)
නිදහසේ බියක් නැතිව ගාලු කුමාරි මාතර යන්‍නෙ මේ අහිංසක සහෝදර හමුදා සෙබලුන් නිසා බව අපි හැමෝම මතක තියා ගමු අදහස් දක්වන සහෝදර සහෝදරයිනේ..!(නු)
මෙයා හොදට හිටපු කාලෙ මොන තරම් දේවල් කළාද දන්නෙ නැහැ..!(නු)
අපි කවුරු උනත් උඩින් නේනනන ලස්සනට ඒත් සියයට කී දෙනාටද අසනීපයක් නැත්‍තෙ? තමුන්ට තියෙන අපහසුතාවය තව කෙනෙක් දන් නෙ නැහැ.. ඒ මනුස්සයත් බැරි කමටනෙ මරදානට ගිහිං ආසනයක් අරගෙන තියෙන්‍නෙ? එයාට දොස් කියන්න බැහැ.. වෙන කෙනෙකුනේ ඉල්ලගන්න තිබුණානෙ?(නු)
රණවිරුවන්ගෙ පිහිටෙන් යන්තං පන කෙන්ද ගැට ගහගත් මිනිස්සු කරන වැඩ සහ ඒව අහලා මිනිස්සු කියන කතා නම් පුදුමයි.ඉස්සර කෝච්චියක තියා ලඟම තියෙන හන්දියට උනත් අපි හැමෝම ගියේ කොයි වෙලේ කොතන පුපුරලා මැරෙයිද කියන මරණ බයේ නෙවෙයිද?කොටියො තමා අපෙ ජීවිත පාලනය කලේ.ඒ තත්වයෙන් අපි මිදුනේ රණවිරුවො නිසා.දැන් මරණ බය නැති නිසා ලැජ්ජා නැති මෙහෙම කරනවා,කියනවා.අර හමුදා සොයුරා උනත් එහෙම දෙයක් නොකර හිටිය නම් අර මනුස්සයත් පසුතැවිලිවෙයි අහිමි වුණු කකුළ දැකලා..(නු)
ආබාධිත කෙනෙකුට ආසනය දෙන නොදෙන එක මගියාගේ අයිතියක්. ආබාධිත වුණත් නොවුණත් වාඩිවෙලා යන්න කාට වුණත් අයිතියක් තියනවා. එහෙම වුණා කියලා රණවිරුවා කියලා කියන කෙනාට අනෙක් කෙනාට දඩුවම් දෙන්න තියන අයිතිය මොකක්ද?? ඒ මනුස්සයා කොටුවේ ඉදලා මරදානට ගියේ සීට් එකේ වුවමනව එයාට ඒ තරම් තදින් අවශ්‍ය නිසා නේද?? ආබාධිතයන්ට වෙනම ආසන වෙන් කිරිමක් තියනවානේ? රණවිරුවා සම්පුර්ණයෙන් කරපු දේ වැරදියි. අනෙක් කෙනාත් මීට වඩා අනුකම්පා සහගතව බැලුවනම් හරි. (නි)
ඒ වැඩේ අනුමත කල නොහැක (දී)
මමත් එම දුම්රියෙ යන කෙනෙක්..! මේක පොල් පටවලා වගේ යන්නෙ පෙට්ටි මදි? දෙවන පන්තියේ වුනත් ඒ වගේ තමයි..! එයාගෙ කකුල් රිදෙනවා ඇති.. වෙන කෙනෙකුගෙන් අහන්න තිබුණෙ..! මේක ලොකු අපහාසයක් නෙවෙයි..!(නු)
බලාගෙන යනකොට මාර දේශප්‍රේමියෝනේ ඉන්නේ. සිවිල් පුරවැසියෙකුට අඩම්තේට්ටම් කරන්න කිසිම අවස්ථාවකදී කිසිම හේතුවක් උඩ හමුදා සොදදුවෙකුට බැහැ. නමුත් දැන් දැන් ඊනියා දේශප්‍රේමියේ නාමයෙන් එය වෙනබව තේරෙනවා. එය ඉතා බරපතලයි. හැබැයි, දකුණේ අපි තවමත් යුධ මානසිකත්වය අහවර කර නොගත්තොත්, දැන් හමුදාව විසින් උතුරේ දියත්කර ඇති භිෂණය දකුණට වඩම්මා ගැනීමක් වෙනවා. (නි)
එයාටත් මරදානෙන්නේ නගින්න තිබුණේ. (නි)
මගේ මතය නම් හැකි හැම වෙලාවෙම තව කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වීම තමයි උතුම්ම කියලා (ස)
මෙතනදි නිලධාරීයා සම්පූර්ණයෙන්ම වැරදියි (ස)
චන් ඔයාට මොකද වෙලා තියෙන්නේ (ස)
අපේ රට බේරා දුන් නම්බුවට අසුන දෙන්න තිබ්බා (දී)
රංජිත් ඔයා හමුදාවට ගියේ වැටුපට උනාට හැමෝම එහෙම නොමෙයි.. ඒ අය අත පය දං දීලා තියෙන්නේ රට වෙනුවෙන්.. වටුප නිසා හැමෝම හමුදාවට ගියේ නැහැනේ.. කීදෙනෙක් රස්තියාදු ගහමින් සිටියාද? (නු)
රණවිරුවන්ට නොසැළකීම ඉගැන්වීම ආරම්භ වූයේ කොතැනින්දැයි දන්නෝ දනිති. (නි)
හමුදාවේ අයට සිවිල් අය ගරු කරන්නේ එයාලගේ විනයට මිසක් බයකට නෙමෙයි. මගියත් 100% නිවැරදිමයි කියන්න බෑ (ස)
පුදුම නිතියක්නේ ඒක (දී)
ආබාධිත සෙබලෙක්ට පාතාල නායකයෙක් වගේ හැසිරෙන්න කිසිම අයිතියක් නෑ (ස)
අනේ මන්දා කකුල් දෙකම තිබුණනම් මගියාව එළියටම විසිකරන්නත් ඉඩ තිබුණා (ස)
මට මැවිලා පේනවා (දී)
මමනම් කියන්නේ අපි අද ජිවත් වෙන්නේ මේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න, ඒ නිසා අසුන දෙන්න තිබ්බ (දී)
කොච්චර රණවිරුවෙක් උනත් අනුමත කරන්න බැහැ කරපු වැඩේ (දී)
ඇති ඇති කියෙවුවා. අපි මේක දෝෂාභියෝගයක් දාලා විසදමු. (නි)
ප්‍රභාකරන් කියපු දේ හරි. හැමදේම සිංහලයාට මතක තියෙන්නේ දින හතයි. (නි)
අද මිනිසුන් බොහෝ දෙනෙකු තම තමන් විසින් කරන්නාවු වැරදි ක්‍රියාවන් නිවැරදි කර ගැනීම සදහා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්මයේ කුමක් හෝ කොටසක් ඉදිරිපත්කර තමන් විසින් කරන ලද එම වැරැද්ද වසාගැනීමට උත්සාහ දැරීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. ධර්මය ඇත්තේ ඒ අනුව පිහිටා ක්‍රියාවට නැංවීමට මිස එය අන් අය ඉදිරියේ ආයුධයක් කරගැනීමට නොවනබව අප තේරුම් ගත යුතුය. (නි)
සෙබළාටයි, මගියාටයි මාරුවෙන් මාරුවට වාඩිවෙලා යන්නනේ තිබුණේ. (නි)
සෙබළා වැරදියි. (නි)
එයා රට රැකපු එක ඇත්ත. මගියා අසුන නොදුන එකත් වැරදි. නමුත් ඒ විදිහට මෝඩ විදිහට ක්‍රියා කරන එක වැරදි (දී)
අභීත සෙබළුන් මිනිසාගේ කරපිටින් යාමට තැත් කිරීම වැරදියි. (නි)
සෙබළා කරලා තියෙන්නෙත් පණ්ඩිත වැඩක්. මෙතනදි සෙබළා සම්පූර්ණයෙන්ම වැරදියි. (නි)
ආබාධිත අයට සැළකීම පිළිබද විවාදයක් නැති වුණත්, මෙතනදී සෙබළා අනිසි විදියට හැසිරී තිබේ. (නි)
ඔය රණවිරුවො අනෙක් ආණ්ඩු කාල වල හිටියෙ නැද්ද? (නි)
උතුරේ දාන සෙල්ලම් දකුණේත් දාන්න එනවා. නැගිටපල්ලා ! (නි)
රණවිරුවෙක් උනත් අනුමත කරන්න බැහැ කරපු වැඩේ. ඔය වගේ ඉහල මානසිකත්වයක් තියෙන්නෙ යුද්දෙදි ආබාධිත වෙච්ච කෙනෙක් වෙන්න බැහැ. අපේ හමුදා නිළදාරීන් මීට වඩා කාරුණිකයි (ස)
එක කකුලක් නැතිව ඔහොම නම් හොදට ඉද්දි?(නු)
පළමුව රන්ජිත් මහත්මයා පඩියට යුද්දෙට ගියා කියනවනම් ඇත්තටම ඔයා යුද්ධය කාලය පුරාවටම කොළඹ හිටපු කෙනෙක්. ඒ වගේම ඔයා පුහුණුවකදිවත් වෙඩි ශබ්ධයක් අසපු නැති කෙනෙක් බවත් පේනවා. මමත් අබාධිත හමුදා සෙබළෙක්. මගෙත් ඔය වගේම කකුල නෑ දණහිසෙන් පහල. හොරකමක් කරන්න ගිහින් කාගෙවත් මාන්න පාරකට කැපුන නෙමෙයි මුහමාලේදී බට්ටෙක් පෑගිලා තමි නැති උනේ. මටත් මේ අත්දැකීම තියනවා. සමහර අය ඉන්නවා දැකපු ගමන් සීට් එක දෙනවා, සමහරු අහක බල ගන්නවා, සමහරු ඉල්ලුවත් දෙන්නේ නෑ. අපි මහා ලොකු පඩියක් ගන්න අය නෙමෙයි. පාරේ බස් එකේ කෝච්චියේ යන්නේ වාහනයක් ගන්න සල්ලි නැති නිසා. අනික කකුල් නැති යට යතුරුපැදි වලට රියදුරු බලපත්‍ර දෙන්නෙත් නැති නිසා අඩුම ගැනේ මෝටර් බයිසිකල් එකක්වත් ගන්න බැහැ. මේකේ මම දැක්ක ගොඩක් අය එක එක විදිහේ කමෙන්ට් දාල තියනවා. රණවිරුවා කල දේ හරි කියල මම කියන්නේ නෑ. ඒත් කොටුවේ ඉඳන් අලුත්ගමට යනකන් සීට් එක දුන්නනම් මොකද වෙන්නේ ගොඩක් අම්මරු දෙයක් නෙමෙයි ඒක. මම තම වයසක අම්ම කෙනෙක් අමාරු කෙනෙක් දැක්කම මගේ සීට් එක දෙනවා. 2009 ඉවර වෙලා දැන් අවුරුදු 3ක් නිසා මෙහෙම දේවල් වෙන එක ආශ්චර්යයක් නෙමෙයි. මොනවා උනත් මටනම් බස් එකේදී මෙහෙම උනහම ගොඩක් දුක හිතෙනවා ඇයි මම මේ වගේ ගුණමකු මිනිස්සු ඉන්න රටක් බේරගන්න යුද්දෙට ගියේ කියල. ප:ලි - රන්ජිත් ඇත්තටම හමුදාවේනම් ඔයා ආමි එකට ආවේ පඩියටනම් තමුන් මහා අසත්පුරුෂයෙක්. අපි පඩියටනම් යුද්දෙට ගියේ ඇයි අපි 'අපේ පඩි වැඩිකරවූ' කියල උද්ඝෝෂණ නොකලේ? කවුරු මොනවා කීවත් කලත් අන්තිමට දුක අයිති උනේ යුද්දෙදි මරුන අයගේ නාදැයන්ටයි තුවාල වුන අයටයි, එයාලගේ නෑදෑයන්ටයි විතරයි. ඒක නේද ඇත්ත?(නු)
මේ වගේ වැඩ සම්පුර්ණ හෙලා දැකිය යුතයි (දී)
මේක නෙවෙයිනේ විය යුත්තේ...!(නු)
ලංකාවේ හමුදාවට ගිය කිසිම කෙනෙක් ගියේ රට රැකගන්න නොවේ. පඩිය වෙනුවෙන්. එකේ අපහු දෙකක් නැහැ. පසුගිය සියලුම රජයන් විසින් නිර්මාණය කරපු යුද්ධෙට ලංකාවේ දුප්පත් දරුවෝ ගියේ ආර්ථික අමාරුකම් මත. එහෙම නොමැතිව රට රැකගන්න නොවේ. නමුත් එයාලගේ කාර්යභාරය අගේ කල යුතුයි, ඒගැන තර්කයක් නැහැ. නමුත්, මෙසේ සොල්දාදුවන් විසින් සිවිල් පුරවැසියන් වෙත අඩත්තේට්ටම් කිරීම කිසිම නිත්‍යානුකුල හෝ සදාචාර සම්පන්න රටක සිදුනොවෙන්නක්.හමුදාව විසින් සිවිල් පුරවැසියන්ට වන ඕනෙම අඩත්තේට්ටම් කිරීමක් හෙළාදකිය යුතුයි. (දී)
අභීත සෙබළාට මාගේ ප්‍රණාමය! (නි)
කොච්චර ගුණමකු මිනිස්සුද අද ඉන්නේ කියලා අදහස් දිහා බැලුවහමම පෙනෙනවා. (නි)
ආබාධිත හමුදා සෙබලා.. කතාව ඇත්ත මගෙත් ඉන්නවා ආසයෙන් හමුදාට ගිය අය..ඒත් මෙව් වගේ වැඩ වලින් ඔයාලගේ ගෞරවය නැතිවෙනවා මිසක් වැඩි වෙන්නෙ නැහැ..!(නු)
මේ වගේ අවස්ථාවක ආසනයක්වත් ලබාදීමට මැලිවීම ජාතියක් වශයෙන් අපි කණගාටු විය යුතුයි (ස)
කකුලක් නැති කෙනයි කකුලක අගය දන්නේ. (නි)
රංජිත් මහතා ඔබ හරි
කවරැ කොහොම කිවුවත් අපේ හිතේ ගෞරවය කවමදාවත් නැතිවෙන්නෙ නෑ රණ විරුවන් කෙරෙහි. අපේ මේ වීරයන් නිසා තමයි අද අපි ආඩම්බරෙන් ජීවත් වෙන්නෙ හිතේ ගින්දරක් නැතිව. අතීතය අමතක කරන ගුණමකු ජාතියක් නෙවේ සිංහලයා. ඔය ගුණමකු කම් කියන්නෙත්, අසත්පුරුෂකම් කරන්නෙත් සිංහල ලේ කැක්කුම නැති අධමයින්. දයාබර රණ විරුව... ඔබ බේරාගත්තේ ගුණමකුවන්ගේ රටක් නෙවේ. කරුමෙට මේ රටෙත් ගුණමකුවන් සිටීම ඔබගෙත් මගෙත් වරදත් නෙවේ. ඔබට තෙරුවන් සරණයි ! (ස)
රංජිත් මහතා ඔබ සමග මමත් ඒකඟයි. අනික නියම හමුදා සෙබලෙක් නම් මීට වඩා හොද විනයක් තියෙන්න ඕන.ඒයා ෂීට් ඒකක් ගන්න මරදානට ගිහින් තියෙන්නේ හිටෙගන යන්න බැරි නිසානේ .බලෙන් ෂීට් ගන්න කාටවත් අයිතියක් නෑ. මනුස්සකමට පුළුවන් කෙනෙක් දුන්නොත් ස්තුති කරල ගන්නව මිසක්. (ස)
මමත් රංජිත් මහත්මාට එකඟයි. විනයගරුක හමුදා සෙබලෙක් නම් මෙහෙම හැසිරෙන්නෙ නැහැ. මොහු රැකියාව නිසා හිත උදුම්මවා ගත් කෙනෙක්. (ස)
සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ ටික කාලයයි කියලා ප්‍රභාකරනුත් කිවුවනේ. (නි)
මම ඒ හමුදා සෙබලා කල වැඩේ අනුමත කරන්නේ නැත, (දී)
සෙබළා සම්පූර්ණයෙන් වැරදියි මහත්තයෝ. (නි)
ඔබ හමුදා භටයෙක් නිසා ඉවසන්න තිබුණා. අපට අයිතියක් නැහැ කෙනෙක්ගෙන් අකමැත්තෙන් උදවු ගන්න. ඔබට අවශ්‍යම නම් ආබාධිතයින් සදහා වෙන්කළ අසුන වැදගත් විදියට ඉල්ලා ගන්න තිබුණා. ආබාධිතකම ආභරණයක් කරගන්න ඵපා. මමත් විනයගරුක සටනේදි ආබාධිත රණවිරුවෙක්. (නි)
රණවිරුවන් වෙනුවෙන් අපේ රට මොනවද කරලා තියෙන්නේ? (නි)
කොහොම වුණත් මේ ප්‍රශ්නෙදි මගියටත් මීටවැඩිය හිතන්න තිබුණා. රණවිරුවටත් මීටවැඩිය දරාගන්න හැකියාව තියෙන්න ඕනෑ. (නි)
දෙන්නම වැරදියි. (නි)
හමුදා සෙබලෙක්ගෙන් ඔවැනි තත්ත්වයක්?? හරිම කණගාටුදායකයි. (නි)
ලක් අම්මට ජිවය දුන්නු ........... තම ඇට මස් ලේ ජාතිය රට වෙනුවෙන් අහිමි කරගත් විරුවණනි අපි ඔබ තුමාලා නිසයි යහතින් කල්ගේවන්නේ ????? ඔබ අපි නිසයි සදා දුක් වේදනා විදින්නේ ලක් පොලවේ පයගහලා ඉන්න පාපතරයන්න්ට ඔබලාගේ දුක වේදනාව නොදැනෙන්නේ හරි රට වැසියන් නොවෙන නිසාත් හරි අම්මෙකුට තාත්තා කෙනකුට ධාව උපන් කෙනකු නොවන නිසාය (නු)
ඔබ වැනි ජාතියේ විරුවන්න්ට අඩා පාලි ලියා ඇති අය තව වරක් හිතා බලන්න..!(නු)
අර මගියා පපුවේ අමාරුකාරයෙක්ද කියලා කවුද දන්නේ? දැන්වත් අපි ගින්නට පිදුරු දැමීම නතර කරමු. (නි)
වැටුපක් ලබා හෝ නොලබා ඔබ පාදය අහිමි උනේ රට වෙනුවෙන්.. ඊට මගේ ප්‍රණාමය.. මීට පස්සෙ බසයකට හෝ දුම්රියකට නැගලා කාගෙන්වත් සීට් ඉල්ලන්න එපා.. නිහඩව ටිකක් හිටගෙන ඉන්න.. අඩුම තරමින් තුන් හතර දෙනෙක්වත් ඔබට ආසයක් දෙනබව මගේ හැගීමයි.. අපේ රටේ තවමත් කළ ගුණ දන්න ටික දෙනෙක් හරි ඉන්නවා..!(නු)
දැන් ඉතින් හැමෝටම හොඳටම ෂුවර්ද ඔය නැගල තියෙන්නේ හමුදා සෙබලෙක්මයි, කකුල නැතිවෙලා තියෙන්නේ යුද්ධෙදිමයි කියලා ..මොකද කකුල් නැති හැමෝම හමුදා සෙබළු වෙන්නත් බැහැනේ ..මට නම් පේන විදිහට කවුරු වුනත් ..හමුදා සෙබලෙක්නම් වෙන්න බැහැ .. (ස)
සෙබලු නැතිවු කකුල පෙන්වනවා. හාමුදුරුවො සිවුර පෙන්වනවා. තවත් අය තව තව දේවල් පෙන්වා තමන්ගේ වැඩේ කරගන්නවා. අපි බලන් ඉන්නවා. රට යන අත... (නි)
අපේ හැමෝටම දැන් මුල අමතක වෙලයි තියෙන්නේ. (නි)
සෙබළා මෙතනදී 100%ක්ම වැරදියි. කාගෙන්වත් කිසිම දෙයක් බලෙන් ලබාගන්න අයිතියක් නැහැ..!(නු)
සෙබලා මොනවාටද මෙයාට ඒවගේ දේවල් කරන්න ගියේ.. තමන්ගේ තත්ත්වය තබාගෙන ඉන්න තිබුණා..!(නු)
සෙබළා මෙතනදී 100%ක්ම වැරදියි, ලක් අම්මට ජිවය දුන්නු ජාතියේ විරුවන් රටට ආභරණයක් රණවිරුවෙක් උනත් අනුමත කරන්න බැහැ කරපු වැඩේ. ඔය වගේ මානසිකත්වයක් තියෙන්නෙ යුද්දෙදි ආබාධිත වෙච්ච කෙනෙක් වෙන්න බැහැ. අපේ හමුදා නිළදාරීන් මීට වඩා කාරුණිකයි (ස)
දෙදෙනාම වැරදියි. අර මනුස්සයාට මනුස්සකමක් තිබුණා නම් සෙබළෙක් වුණත් නැතත් ආබාධිතබව ගැන හිතලා සීට් එකක් දෙනවා. මොකද තමනුත් අබාධිත වුණොත් ඒකේ වේදනාව දැනෙන නිසා. එහෙම දුන්නේ නැහැ කියලා සෙබළා ඒක උපේක්ෂාවෙන් දරා ගත්තා නම් හොඳයි. අඩම්තේට්ටම කරන්න ගියාම තමන්ගේ මනුස්සකමත් බල්ලට යනවා. මේ ලෝකේ හොඳ මිනිස්සුත් ඉන්න නිසා නිසි දෙය ලැබෙයි. කොහොම වුණත් සමහර වේලාවට නිල ඇඳුම ඇඳගෙන ඇවිල්ලා පෝලීම පැනලා යන ලොකුකමක් ඔළුවට ගත්ත ආරක්ෂක අංශයේ අයත් ඉන්නවා. යුද්දේ කාලේ නම් හදිස්සයි කියන්න පුළුවන්. එතකොට මොන දෙය වුණත් ඉඩ දෙනවා. ඔය විදිහට කරන්න ගියොත් ආරක්ෂක අංශවල ගරුත්වය නැති වෙනවා. (නි)
රංජිත්, ඔබගේ කතාව නිවැරදියි. (නි)
සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුයි. (නි)