වියපත් රජයේ විශ්‍රාමික නිලධාරියකු වන මම පසුගිය සති අන්තයේ දෛනික කටයුතු සඳහා නගරයට ගියෙමි. ආපසු නිවසට පැමිණි විට මාගේ මුදල් පසුම්බිය අස්ථානගතවී ඇති බැව් දුටුවෙමි. මාගේ ලියකියවිලි කාඩ්පත් ජාතික හැඳුනුම්පත මුදල් ජංගම දුර කථනය ආදිය එහි විය. මට කළ හැකි එකම දේ වූයේ එම පසුම්බියේ තිබූ මාගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් දීම පමණි. එය නාද වුවත් ප්‍රතිචාරයක් නොවුයෙන් මම තව තවත් නොසන්සුන්තාවට පත්වීමි.
එහෙත් ඊට ටික වෙලාවකට පසු මාගේ නිවසේ දුර කථනයට ඇමතුමක් ලැබුණි. ඉන් කියවුණේ මාගේ නැතිවූ පසුම්බිය මා නිවසට ආ ත්‍රිරෝද රියෙහි තිබූ බවය. එය රැගෙන පැමිණෙන බැව් එම රියදුරු මහතා මට දැන්වීය. කී පරිදිම ඔහු එම පසුම්බිය මා නිවසට රැගෙන විත් එය මා අතටම බාර දුන්නේය. ඔහු මහනුවර නුවරවෙල අම්පිටිය පාරේ පදිංචි ජී.පී.ඒ.ඒ. බණ්ඩාර නම් විය. ඔහු බුදු දහම පිළිබඳ මනා දැනුමක් ඇති බොදු වත් පිළිවෙත් සුරකින යහපත් ගුණධර්ම ඇති පුද්ගලයකු බව මට වැටහිණි. මිනිස් ගුණධර්ම ගිලිහී ගිය මෙවන් යුගයක අවංක මිනිසුන් අගය කළ යුතු බැවින් ඔහු පිළිබඳ රටට කියන්නට මෙසේ ලියා දන්වමි.
සිරිල් වික්‍රමසිංහ
මහනුවර.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමතක වූ පසුම්බිය ගෙදරටම ගෙනැවිත් දුන් ත්‍රිරෝද රථ රියැදුරෙක්
pradeep Saturday, 16 May 2020 02:30 AM
විශිෂ්ටයි බණ්ඩාර මහත්තයෝ. නැතිවී යන අපේ මානුෂිය ගුණ දම් රැක්කාට ඔබට පින්. පුද්ගලයින්ගේ චරිතය කරනා රැකියාවෙන් මනිනා මෙවන් අවධියක ත්‍රි රෝද රථ රියදුරන් ගැන සමාජයේ පවතින්නේ හොඳ දැක්මක් නොවේ. නමුත් "ගිලි මලෙත් ඇත දත සුද්දෝ" යන උපහැරණය නැවත මතක් කළ ඔබට ජය.
de silva Saturday, 16 May 2020 08:56 AM
මෙවැනි මනුෂ්‍යයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ තවම ඉන්නවා
Lal Saturday, 16 May 2020 09:33 AM
සත්පුරුෂයෙක්....