දේවහුව - ප්‍රසාද් ජයකොඩි
දිනපතා චූන් පාන් රථයෙන් පාන් හා කෑම වර්ග ලබාගත් තරුණියක මාස කිහිපයකදී ඇති කරගත් සම්බන්ධතාවක් දුර දිග ගොස් මාස දහයක් දීග කෑමේ පුවතක් මහවෙල පොලිස් වසමෙන් වාර්තා විය.
ඉතා දුෂ්කර ප්‍රදේශයක පදිංචි මෙම තරුණිය අධ්‍යාපනය ලැබීම සඳහා කිලෝ මීටර් ගාණක් දුර පාසල් යාමට තිබූ නිසා කඩින් කඩ පාසල් ගොස් ඇත. ඇගේ මව්පියන් හේන් ගොවිතැන් කිරීම නිසා පාසල් යන ලෙස බල කිරීමක් කර නැති බව ගම්මු පවසති.
වයස අවුරුදු දාසයයි මාස දහයක් වූ ඇය තම ගමට පැමිණෙන චූන් පාන් රථයෙන් දිනපතා පාන් හා බනිස් මිලදී ගැනීමට පුරුදු වී සිටියාය. අතේ මුදල් නොතිබුණත් චූන් පාන් කොලුවා ඇයට අවශ්‍ය පාන් හෝ බනිස් ලබා දී විනාඩි කිහිපයක් කතා කරමින් සිට යාම පුරුද්දක් කරගෙන ඇත.
මේ අයුරින් ඉතා ළඟින් ඇසුරු කිරීම නිසා උදේ සවස චූන් පාන් විකිණීමට යාමේදී ටික දිනකදී ඇගේ නිවෙසට ගොස් ඇයට අවශ්‍ය බනිස් හෝ පාන් ලබා දී එම නිවෙසින් තේ බී පැයක් පමණ ගත කිරීම මෙම චූන් පාන් රියැදුරුගේ දින චරියාවේ කොටසක් විය. මේ වන විට වයස අවුරුදු 17 වූ දැරිය හා චූන් පාන් විකිණීමට පැමිණෙන පුද්ගලයාගේ ප්‍රේම සම්බන්ධතාව නිවෙස් දෙකටම ආරංචි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නිවෙස් දෙකේම නිවැසියෝ මොවුන් දෙදෙනා පිළිබඳව කතිකා කරගෙන වයස 18 වන විට නීත්‍යනුකූලව විවාහ වනතුරු වෙනත් නිවෙසක එකට වාසය කිරීමට අවස්ථාව ලබාදීමට එකඟ වූහ. ඒ අනුව චූන් පාන් අලෙවි කරන පුද්ගලයාගේ නිවෙසේ දීග කෑමට දෙදෙනාට අවස්ථාවක් උදා විය.
මෙම තරුණිය හා තරුණයා මාස දහයක් පමණ අඹු සැමියන් ලෙස එකට එක නිවෙසේ ජීවත් වී ඇත. මාස දහය තුළ ඉතාමත් සහයෝගයෙන් ජීවත් වූ අතර, ඒ වන විට මෙම දෙදෙනා මව්පියන්ගෙන් ලැබුණු ඉඩමක නිවෙසින් අඩක් ඉදිකර ඇත.
නිවෙස් දෙකේම මව්පියන්ගේ ආශිර්වාදය තුළ කසාද නොබැඳ මාස දහයක් දීග කෑ අතර, මෙම දීගයට තිත තැබීමට චූන් පාන් අලෙවි පුද්ගලයා කල්පනා කර ඇත. ඒ අනුව මෙම තරුණිය ඇගේ මව්පියන් වාසය කරන නිවෙසට ආපසු යවා ඇත.
තරුණියගේ මව්පියන් මහවෙල පොලීසියේ පිහිට පතා පවසා ඇත්තේ, චූන් පාන් අලෙවි කළ පුද්ගලයා තම දියණියට විවාහ කරගන්නා බවට පොරොන්දු වී මාස දහයක් දීග කා ඇති බවත්, විවාහ වීමට කල වයස සම්පූර්ණ වූ විට නීත්‍යනුකූලව විවාහ කරගන්නා බවට පොරොන්දු වී එක්ව ගිය බවයි.
මව්පියන් පොලීසියේ පිහිට පතා ඉල්ලා ඇත්තේ, චූන් පාන් අලෙවි කර පුද්ගලයා කෙසේ හෝ තම දියණියට විවාහ කර දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස යැයි තරුණියගේ ගමෙන් වාර්තා විය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමුතුම තාලේ චුන් පාන් දීගයක්