මවට සමාන වචනයක් කී දරුවකු නිසා මුළු දහම් පාසලක්ම සිනා ගැස්සූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
එය ඉරිදා දිනයකි. ගමේ විහාරස්ථානයේ පවත්වාගෙන ගිය දහම් පාසල දහම් දරු දැරියෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මේ දහම් පාසලේ තුන වසරේ පන්තිය පවත්වාගෙන ගියේ උසස් පෙළ හදාරා රැකියා විරහිත තරුණියක්.
එදා තුන වසරේ පන්තියේ පාඩම මවුපියන්ට වන්දනා කිරීමය. මේ තරුණිය මවුපියන් යනු කවරේදැයි පන්තියේ සිසු සිසුවියන්ට කියා දුන්නාය. ඉන් අනතුරුව ඇය අම්මාගේ ගුණ වර්ණා කිරීමට පටන් ගත්තාය. ඒ අතරේදී තරුණිය අම්මාට කියන සමාන පද මොනවාදැයි දරුවන්ගෙන් ඇසුවාය. දරුවෝ කිහිපදෙනෙක් අත ඔසවාගෙන ඒ සඳහා උත්තර දීමට පොරකෑහ. එක් අයෙක් අම්මාට ජනනී කීවේය. තවත් සිසුවෙක් ගෙදර බුදුන් යයි කීය. මාතා, මෙන්ම මව කී අය ද මේ අතර සිටියහ.
මේ සිසුන් අතර සිටි සිසුවෙක් ඕවාට වඩා අම්මාට කියන සමාන වචනයක් මම දන්නවා යයි කියමින් තමන් දන්නා උත්තරය කීමට අත ඔසවාගෙන අත කඩාගන්න හැදුවේය. හා හොඳයි ඔයා කියන්නකෝ බලන්න අනෙක් අයට වඩා වෙනස් අම්මාට කියන සමාන වචනය යයි තරුණිය කීවාය. ඒ සැණින් පන්තියෙන් නැගිටගත් සිසුවා අම්මාට කියන සමාන වචනය ඕයි යයි කීවේ මුළු පන්තියම දෙවනත් වන ලෙසය. පන්තියේ උගන්වන තරුණියගේ ඇස් උඩ ගියාය. පන්තියේ අනෙක් ළමයින්ගේ ඔල්වරසන් හඬ හා හූ හඬ මුළු දහම් පාසල පුරාම පැතිර ගියහ. මේ කලබෑගෑනිය මොකක් දැයි බැලීමට එම පන්තියට දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියෝ ද පැමිණියහ. උන්වහන්සේට ද පන්තියේ උගන්වන තරුණිය මේ අනිසි කෑ ගැසීමට හේතුව කීවාය.
ප්‍රධානාචාර්ය හිමියන් දරුවා නැගිට්ටුවා ඇයි පුතා අම්මාට කියන සමාන වචනය “ඕයි” වෙන්නේ කියා කරුණාවෙන් ඇසූහ. ඒ සමඟම අයෙත් මුඛරි වූ මේ ශිෂ්‍යා හාමුදුරුවනේ අපේ තාත්තා හැම වෙලේම අපේ අම්මට කතා කරන්නේ ඕයි, ඕයි කියලානේ යයි කීය.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා තම පළමු සමාජයෙන් අහුලාගත් වචනයක්. තව ඒ වගේ ගොඩක් එයාගේ ශබ්ද කෝෂයේ ඇති (නි)
ඕක අපේ බොහෝ පවුල් වලට සිදුව ඇති විපත්තියක්. ඒ පියා හොඳයි කියලා හිතෙනවා අද පෙම්වතුන් ආමන්ත්‍රණය කරන වචන ඇහුවහම. (නි)
ඕයි, ඔහේ ,උන්නැහේ... මේ වදන් ඉතින් දකුණට ආවේණික වදන්නේ. (නි)
ඕයි කියන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් අපට ලැබිච්ච දෙයක්. ඉංග්‍රීසියෙන් ඕ අයි කියල අදටත් කෙනෙකුගේ අවධානය යොමුකරන්න භාවිත කරනවා. එය නරක වචනයක් නොවුවත් ලංකාවේ එය එසේ සලකනවා.(බ)
මට වයස 10/11 පමණ කාලයේ බොරැල්ලේ ලේඩි රිජ්වේ එකේ නතරව ප්‍රතිකාර ගත්තා. මා සිටි වාට්ටුවේ සිටි වසර තුනක පමණ ළමයෙකු අම්මාට අමතන්නේ මේබෝ කියලයි . අම්මාගේ නම මේබල් . තාත්තා කියන්නේ මේබෝ කියලා නිසා මොන විදියකටවත් පොඩි එකා අම්මා කියන්නේ නැතිලු .(බ)
දෙමාපියන් නිවසට ආදර්ශමත්වීම තුළින් අනාගත පරපුරම හොඳ පුරවැසියන් වනු නියතය (නි)
ඇයි අර සිංදුවකුත් තියෙන්නේ "ලංකාව කියල රටක් තියෙනවා ඕයි"කියලා. එහෙව් එකේ ඕක මොකක්ද....? (නි)
ඕකට එච්චර කලබල වෙන්න එපා. අපේ බන්දුල මහත්තයා ඕකෙ නියම තේරුම හොයලා කියයි (නි)
මගේ නැන්දා සහ බාප්පා ඒ දෙන්නට කතා කරගන්නේ "තමුසේ" කියලා. පුංචි අම්මයි බාප්පයි කියන්නේ "ඒයි" කියලා. (නි)
මේක ඉතා ඛේදනීය තත්ත්වයක් අපේ පවුල් පරිසරයේ. හිනාවිය යුතු නෑ. වැඩිහිටියන් තීරණය කළ යුතුයි කොහෙද මේ යන්නේ කියා (බ)
ඕයි කියලා සමහරු ආකර්ශනය දිනාගන්නත් පාවිච්චි කරනවා (නි)