මේ සිද්ධිය දැනගන්නට ලැබුණේ ඇතුගල්පුරවරයේ කුඩා ගම්මානයකින්. මේසන් වැඩ කරන ඔහු බිරිඳ සහ තම එකම දියණිය සමග සතුටින් පවුල් දිවිය ගත කළත් නොසිතූ ලෙස ඔහු මියගියේ හදිසි අනතුරකිනි. මේ නිසා මව සහ දියණියට ඇතිවුණේ බලවත් දුකක් මෙන්ම පාඩුවකි. ආර්ථික අතින්ද බිංදුවට වැටුණ නිසා මව ගෙදරක මෙහෙකාරකමට ගිය අතර දියණිය නගරයේ ඇඟලුම්හලක සේවයට ගියාය. මවගේ වයස අවුරුදු හතළිහක් පමණය. දියණියට දහ අටක් පමණය.
මව වැඩ කරන නිවසට යන එන කිරිගෙන එන ළාබාල තරුණයා සමග සම්බන්ධකමක් ඇති කරගත් ඇය සැමියා නැති නිසා ඔහු සමග විවාහවීමට අදහස් කළේ පවුලේ අනාගතය ගැන සිතමිනි. වයස ගැන සිතුවේ නැත. (තරුණයා දියණිය ගේ වයසේ) මෝරා වැඩෙන ප්‍රේම සම්බන්ධයට මේ ගෙදර අයගේ සහයද ලැබුණා. දිනක් ඔහුගේ ඡායාරූපයක්ද ලබාගත් ඇය පරෙස්සමට අල්මාරියේ තබා ගත්තාය.
දියණිය වැඩ ඇරී නිවසට එන අතර බොහෝ විට මේ තරුණයා හමුවෙයි. ඔහුද යතුරුපැදිය නවතා මද වේලාවක් කතා කරයි. මේකත් දුරදිග ගිය සම්බන්ධයක් වුණා. තමාට වඩා වයසින් වැඩි ගැහැනියක් හා සම්බන්ද බව ඔහු සිතුවේ නෑ. විනෝදයට බර මේ තරුණයා රූමත් දියණිය සමගද හාද වුණේ මව සහ දුව යනු නොදැනයි. දියණියද මවගේ සම්බන්ධය දන්නේ නෑ.
දිනක් මේ දියණිය ගවුමක් සොයන්නට අල්මාරිය අරින විට මුල්ලක තිබෙනු දුටුවේ කුඩා ඡායාරූපයක්. එය අතට ගත් ඇය අන්දුන් කුන්දුන් වුණා. මගේ බෝයි ප්‍රෙන්ඩ්ගෙ පොටෝ එක මෙතෙන්ට ආවේ කොහොමද? උබතෝකෝටික ප්‍රශ්නයක් දැන්. ඡායාරූපය අතට ගත් ඇය දිවගියේ මව සිටින කුස්සියටයි. කාගෙද අම්මේ මේ පොටෝ එක. අල්මාරියෙ තිබිල මට අහුවුණේ.
මව කලබල වුණේ නෑ. උඹට බොරු කියන්න ඕන නෑ දුවේ ඔය ඉන්නෙ මම යන ගෙදරට එන කිරිගේන කොලුව. ඌ හොඳ ගුණයහපත්. තාත්තා නැති එකේ මම හිතා ගත්ත එකලාසයක් වෙන්න. වයස ගැන බැලුවෙත් නෑ මම. ඉතින් උඹ මොකද කියන්නේ?
මට කලන්තේ වගේ අම්මේ. මේව අහල දැකල. මමත් මේ කොල්ල එක්ක යාළුයිනෙ. මටත් පොටෝ එකක් දුන්න. අපි දෙන්න බැඳල රට යන්නයි හිතා හිටියෙ.
අම්මට තරු පෙනුනෙ දැන් තමයි. ලැජ්ජාවෙන් සලිත වූ ඇය ‘‘ඒකත් එහෙමද දුවේ?’’මේ ගැන කටක් හොල්ලන එපා ඔන්න. මේක වෙච්ච නැති හැටියට ඉන්න ඕන තේරුණාද? අපි මේක අමතක කරල හිටපු විදියට ඉම්මු.
මව ඊට පස්සේ ගෙදර වැඩට ගියේ නෑ. දියණිය මහ මගදී තරුණයා සමග විස්තර කීවට පස්සේ සිද්ධිය ගම පුරාම ප්‍රසිද්ධ වුණා? අම්මටයි දුවටයි කාලයක් යනතුරු හැංගිලයි ඉන්න වුණේ.
(කරුණාදාස සපුතන්ත්‍රී, නිකදළුපොත)
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අම්මයි දුවයි දෙන්නම පෙම් හබයක හිරවෙලා