මොරගොල්ලාගම සිසිර කැලේගම
අයියා මල්ලි පැටලැවිල්ලකින් අමුතු තාලයට අමාරුවේ වැටුණ ව්‍යාපාරික ස්ථානයක් පිළිබඳව අවුකන ප්‍රදේශයේ ගම් පෙදෙසකින් අසන්නට ලැබෙයි.
මෙය බැංකු ණයක් ලබාගෙන දියුණුවට පත් ව්‍යාපාරික ස්ථානයකි.
දිනක් හුරු පුරුදු මුහුණක් ඇති අයෙක් එතැනට ගොඩ විය.
“සර්... බැංකුවේ මහත්තයා නේද?” ව්‍යාපාරිකයා විමසීය.
“ඔව්, ඔව් මම තමයි ඒ.” අමුත්තා පිළිතුරු දුන්නේය.
“අනේ සර්ට පින් සිද්ධ වෙන්න තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. සර් බැංකු ණය අනුමත නොකළා නම් මට අද මෙහෙම තැනක ඉන්න බැහැනේ.
යමු සර් පොඩි අඩියක් ගහන්න... එදා සංග්‍රහයක් කරන්න හදන කොටත් පස්සේ එනවා කිව්වානේ.” ව්‍යාපාරිකයා ආයාචනා කළේය.
පෙරැත්තය ඉවතට දැමීමට බැරි යැයි කියූ ඔහු කැමැතිම වර්ගය කිව්වේය. ඒ අනුව නිමේෂයකින් බෝතලයක් මේසය මත තබා ඉහළින්ම සංග්‍රහයක් බුක්ති විඳීමට සැලැස්වීය. පදම ඉක්මවා ගිය ඔහු දැඩි අපහසුවෙන් ඉන් නික්ම ගියේය. එතැනින් නොනැවතුණු ඔහු ඉඳ හිට එහි පැමිණීමට ද අමතක නොකළේය. ඒ එන හැම වතාවකම ව්‍යාපාරිකයා ද යහමින් සංග්‍රහ කළේය.
එලෙස පැමිණ සාදයකට සෙට් වී ගීයක් ගයන අතරවාරයේ තවත් අමුත්තෙක් පැමිණ ඔහුට පහර දීමට තැත් කළේය.
“එපා, එපා අපේ සර්ට ගහන්න. මේක මගේ තැන.” ව්‍යාපාරිකයා පවසද්දී හෙතෙම කිසිත් නොකියා එතැනින් පලා ගියේය.
ඒ සැණින්ම එබඳුම මුහුණක පෙනුමක් ඇති අයෙක් එතැන වාඩි විය.
“යකෝ, මෙන්න බැංකු මහත්තයා... අර එයාගේ මල්ලියෙක් නේ. අපි මෙච්චර කාලයක් අයියා කියා රැවටිලා තියෙන්නේ මල්ලිටනේ...”
ව්‍යාපාරිකයා සිද්ධිය වටහා ගන්නා විට වෙස්වලාගත් මල්ලි ව්‍යාපාරිකයාගෙන් අවස්ථා කිහිපයකදීම දත ගලවලා අවසන්ලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයියා මල්ලි පැටලැවිල්ලකින් මුදලාලිගේ දත් ඇන්දම ගැලවිලා