(තිහගොඩ උපසේන ලියනගම)
තමා සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන ඇඟලූම් කම්හලකට නව මෝස්තර දැමීම සඳහා පැමිණි අයියාගේ පෙම්වතියට ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් කළ නංගී කෙනකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ පිළියන්දල පැත්තෙනි.
නංගී පවත්වාගෙන ගිය ඇඟලූම් කම්හලේ රෙදිවලට යොදන මෝස්තර පැරණි නිසා තමා හඳුනන රෙදි මෝස්තර ශිල්පිනියක් ගැන අයියා කීවිට නංගී ඇය කැඳවා ගැනීමට එකඟ විය.
ඇය සේවයට පැමිණ වැඩ කරගෙන යාමේදී මේ අයියාගේ පෙම්වතිය යැයි සැක සිතූ නංගී ඇගෙන් විවිධ ප‍්‍රශ්න ඇසීම නිසා මේ මෝස්තරකාරියට එය මහා වදයක් විය.
ඇය මේ ගැන අයියාට කීවාය. ඇයි නංගි මොනවත් අහනවා දැයි අයියා ඇගෙන් ඇසූ විට ”ප‍්‍රශ්න එකක් දෙකක් නෙමෙයි ප‍්‍රශ්න පත්තරයක්” ඇය කීවේ කෝපයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් දුක හිතෙනවා.(හේ)
අයියෝ මට තදින් සිනා. ඉල ඇදෙනවා . (නදී)
චන්නගේ කතාව ඇත්ත. ඒ වගේ තැනකට ගියාම මුල ඉඳලා කෙළින් හිටියේ නැත්නම් පවුල් කන්න ලැබෙන්නේ නැහැ. නෑනලාට යටවෙලා ඉන්න වෙන්නේ. (නි)
ඉතින් අයියා මොකද කළේ? (අ)
හොඳයි මේක දැනගත්ත එක (නි)
මෙලෝ රහක් නැති කතාවක් (බ)
මාර හිනා ...(නදී)
මේක නම් නියමයි (නි)
අනේ පවු අසරණයා! (නි)
මෙලෝ රහකට නෑ අද නම්. (ස)
මොකක්ද මේකේ ඇති විශේෂත්වය ? (නදී)
පොඩ්ඩක් කිති කැව්වොත් නම් හිනා යයි (නදී)
අනේ කුමාරි නංගි අපිට මොකද ? (නදී)
විකාර වැඩක්.(හේ)
කුමාරි, නංගිලාගේ වැඩ පිළිවෙල ගැන හොදින් දනී.(හේ)
සමහර නංගිලා ඉන්නවා අය්යාලා කසාද බඳිනවාට කැමති නැහැ. ඒගොල්ලන්ට අයියලාගෙන් මෙතෙක් ලැබුන වාසි නෑනලා නිසා නැති වේවි කියල හරිම බයයි. අපේ අක්කා කෙනෙක් බැන්දේ නුවරට. එයාගේ නෑනාලාගේ වැඩේම උදේ ඉඳලා හවස් වෙනකන් ඔය පුවතේ වගේම ප්‍රශ්න කරන එකලු. අද ඔයාල කොහෙද ගියේ ? ඇයි ඔච්චර ඔය සාරියට වියදම් කලේ ? ඔයාල අද පිටින් කෑම කෑවද ? යනාදී වශයෙන්. (නදී)
මේ අයියා නංගිගේ කනෙන් රිංගන්න හදලා හැබැයි නංගි අයියට වඩා කට්ටයි වගේ. (නදී)
චිත්‍රපටියක් වගෙයි අනේ... (ර)
පිස්සුද? (නදී)