(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
හොර අරක්කු මුදලාලිගේ ගෝලයා යැයි සිතා යාචකයකුට සැලකූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. ඔහු තදින් මත් වතුරවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. විවාහක දෙදරු පියෙකු වන ඔහු ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නේද මුලින් අරක්කු මිලදී ගෙන ඉන් පසුව අතේ ඉතුරු වන මුදලිනි. මේසන් වැඩ කරන හෙයින් දිනපතා ඔහුට මුදල් ලැබෙන අතර එම මුදලින් දිනපතා ඔහු සිය අරක්කු අවශ්‍යතාව සපුරා ගනී.
තැබෑරුම් වසා තබන දිනවලට කලින් ඔහු අවශ්‍ය අරක්කු කලින් මිලට ගනී. ගෙදරට අවශ්‍ය බඩු මිලදී ගැනීමට සතිපොළ වෙත ගිය විට වෙළෙඳුන්ගෙන් කේවල් කර බඩු මිලදී ගන්නා ඔහු මිල කීයක් වුවත් හොර අරක්කු වලට වැය කිරීමට පසුබට නොවේ.
බිරිය ඔහු යහමගට ගැනීමට කොතරම් උත්සාහ කළද ඔහුගෙන් ඇයට ලැබුණේ ගුටි බැට පමණකි. එම නිසා ඇය එම උත්සාහය අතහැර තිබේ.
පසුගිය සංචරණ සීමා කාලයේදී තැබෑරුම් වසා තිබූ අතර ඔහු හොර අරක්කු සොයා ගොස් ඇත. ඔහුගේ මිතුරෙකු දුරකතන අංකයක් ලබාදී එයට කතාකර අරක්කු ලබා ගන්නා ලෙස පවසා ඇත.
එම දුරකතන අංකයට කතා කළ විට හොර අරක්කු මුදලාලි නගරයේ ස්ථානයක් පවසා එතැනට පැමිණෙන තම ගෝලයාට මුලින් මුදල් ලබා දෙන ලෙසත් පැය භාගයක් තුළ අරක්කු ලැබෙන බවත් පවසා ඇත. ඔහු එම ස්ථානයට ගොස් බලා සිටින විට පුද්ගලයකු පැමිණ ඔහුගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඔහු රුපියල් පන්දහසක් දී තිබේ. ප්‍රීතියෙන් මුදල් ලබා ගත් එම පුද්ගලයා පසුපසම නොබලා ගොස් ඇත.
ඔහුගේ පෙනුම පිළිබඳව ඔහුට සැකයක් මතුවුවද අරක්කුවලට ඇති ආසාව හා හදිසිය නිසාත් හොර අරක්කු වෙළඳාම් ජැන්ඩියට හැඳ පැළඳ සිදු නොකරතැයි සිතා අරක්කු පැමිණෙන තෙක් බලා සිට ඇත. ටික වේලාවකට පසුව හොර අරක්කු මුදලාලිගේ සැබෑ ගෝලයා යතුරුපැදියකින් පැමිණ ඇති අතර අන්දුන් කුන්දුන් වූ ඔහු කලින් ආවෙ ඔයාලගේ කවුරුවත් නොවේ දැයි අසා තිබේ.
මොහු තමන් රස්තියාදු කිරීමට මුදල් නොමැතිව බොරු කරන බව සිතූ හොර අරක්කු මුදලාලිගේ ගෝලයා ඔහුට බැන වැදී ආපසු ගියේය. ඔහු කලින් මුදල් ලබා දුන් පුද්ගලයා නගරයේ අස්සක් මුල්ලක් නෑර සොයා ගියද ඔහු ඒ වන විටත් අතුරුදන්ව ඇති අතර අරක්කු නොමැතිව පිස්සු වැටුණු ඔහු නැවත ගෙදර ගොස් ඇත්තේ තමන්ගේ හදිසිය පිළිබඳව තමන්ටම සාප කර ගනිමිනි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අරක්කු මුදලාලියි හිඟන්නයි මාරුවී පන්දාහක් අපතේ