වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණි අයකු තම හිතවතකුට දුන් මත්පැන් බෝතලයක් මිතුරකු සමග පානය කිරීමට සැරසෙද්දී එය ඔලිව් තෙල් බෝතලයක් වීමේ අපූරු පුවතක් මහනුවරින් වාර්තා විය.
ඉතාලියේ වසර ගණනාවක් සේවය කොට ලංකාවට පැමිණි පුද්ගලයකුගේ සුවදුක් විමසීමට ඔහුගේ ළඟම හිතවතකු නිවෙසට පැමිණියේය.
කාලයකින් හමුවූ තම මිතුරාට ඉතා හොඳින් සංග‍්‍රහ කොට දීර්ඝ වේලාවක් ආගිය තොරතුරු ද කතා කිරීමෙන් අනතුරුව මිතුරා ආපසු යෑමට සැරසෙද්දී ඔහුට ඉතා ලස්සන කඩදාසියකින් ඔතන ලද බෝතලයක් ද තෑගි කෙරිණි.
බෝතලය තෑගි ලද මිතුරා පස්වනක් ප‍්‍රීතියෙන් පිනාගොස් අද නම් හොඳ දවසක් යැයි කියමින් නිවෙසට ආපසු යන ගමන්ම ඔහුගේ මිතුරෙකුගේ නිවෙසකට ගොස් අද සවස් කාලයේ තම නිවෙසට පැමිණෙන ලෙස ආරාධනා කරමින්ම නිවෙසට ගියේය. හොඳින් ලූණු ඇඹුල් එක්කොට කට කැස්මක් ද සකස් කැරිණි.
පැවසූ ආකාරයටම වේලාවට මිතුරා පැමිණියේය. බෝතලය ද කටගැස්ම ද මේසයට ආවේය. ආගන්තුක සත්කාර දත් මිතුරා තම මිතුරාටම බෝතලය කඩා වත්කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. බෝතලය කඩා වත්කර ගන්නා විට එය තෙල් වර්ගයක් මෙන් වීදුරුවට හැලෙන්නට විය.
බෝතලයේ ලේබලය පරීක්ෂා කිරීමට මිතුරන් දෙදෙනා පෙළඹුණේ එවිටය. එහි පිරිසුදු ඔලිව් ඔයිල් යනුවෙන් ඉංග‍්‍රීසියෙන් සටහන් කොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලා හරි බිවුවා නම් ඇගට හොදයිනේ. (නි)
ඔලිව් තෙල් බෙහෙතක්. (ස)
බේබදුකම ඉතාලි වල ලාංකික ප්‍රජාව තුළ දැවෙන ප්‍රශ්නයක්. (නි)
කමක් නැහැ අගුණයක් නැහැනේ (දී)
මත් බීම වලට වඩා ඔලව් තෙල් කොච්චර වටිනවද? තෑග්ග දීපු යාළුව නම් ගෙඩක් හොද කෙනෙක්.(නදී)
ඔලිව් තෙල් කියන්නේ බීමට හැකි පානයක්. (නි)
ඔලිව් තෙල් කියන්නේ හොද තෙලක් (නි)
අන්න මිනිස්සුන්ට පුරුදු කරනවානම් වැඩේ (දී)
සුවද දන්නේ නැද්ද (දී)
අපේ අයට බොන්න ගියහම සිහිය නෑ.. මේ රටවලත් ලංකාවේ අය ප්‍රසිද්ධ බීමට තමයි... (ස)
ගුනයිනේ, අනෙක් අයටත් පුරුදු කරමු (දී)
බේබද්දෙක් නම් කවදාවත් බෝතලයක් තෑගි කරන්නේ නැහැ කාටවත්. ඉතිහාසයේ එහෙම වෙලා නැහැ කවදාවත්. (නි)
ඉතාලි ඔලිව් තෙල් හරිම ගුණයි. හිස මසාජ් කරන්නත් නියමයි. (නි)
පේනවනෙ,නියම බුද්ධි පරීක්‍ෂණයක්,කට්ටිය චන්ද දෙන්නෙත් ඔහොම තමයි (ස)
බිවුවානම් ඉවරයි මොකද අගුනයකුත් නැහැනේ (දී)
මේක උනේ පානදුරේ ගෙදරකදී. ඉතාලි වලින් තමයි ඔලිව් ඔයිල් කියල ගහල තිබුනේ. අනිත් හැමදේම හරියටම හරි. (ස)
ඔලිව් තෙල් බොන්න පුළුවන් නම් හොඳයි. අරාබියේ මාමලා කෑමවලට දාන්නේම ඔලිව් තෙල්. (නි)