(ඉංගිරිය - නිමාලි කහවල)
අරාබියේ රැකියාවක නිරතව සිට සතියකට පමණ පෙර මෙරටට ආ මොහු පිටරට රැකියාවේ රස්නය ඕනෑවටත් වඩා පෙන්වීමට ගිය අයෙකි.
ඉනිමඟක් නැතිව කුඩා ළමයකුට නැගිය නොහැකි තරමට උස යතුරුපැදියේ නැගී මොහු ගමේ අතුරු පාරවල්වල රවුම් ගැසුවේ තාර නැති පාරවල දුහුවිලි අවුස්සමිනි.
මෙසේ එන ගමනකදී පාර අයිනේ ආප්ප කඩයක හොඳට කහපැහැ ගැන්වී ඉදී තිබුණු කෙසෙල් කැනක් එල්ලා තිබෙනු දැක සිය යතුරුපැදිය හඬ නංවමින් නතරකළ මොහු ඉන් බැස කෙසෙල් කැන ළඟට ගොස් එහි ගෙඩියක් කඩාගැනීමට හැදූ නමුත් එය ලෙහෙසියෙන් ගැලවී නැත.
අඟල් 8 ක් පමණ දික්වූ එම ආනමාලූ ගෙඩිය අමාරුවෙන් කඩාගත් ඔහු තවත් එකක් කඩාගැනීමට යළි මහ සටනක යෙදුණි.
එය දුටු කඩය හිමි වයස්ගත කාන්තාව,
”හා හා දරුවෝ, ඔය ආනමාලූව අමුයි, අද උදෙයි ගත්තේ. අර ඉදිච්ච කෙසෙල් කැනක් අතන තියෙන්නෙ” යැයි පසෙක වූ කෙසෙල් කැනක් පෙන්වන විට ඔහු දෙවන ගෙඩියද කඩාගෙන හමාරය.
”එහෙනම් මේ හොඳට කහපාටවෙලා තියෙන්නේ” ඔහු මතුකළ ගැටලූව විය.
”කහපාටට පේන්නේ ඔය දරුවාගේ අව් කණ්ණාඩියේ පාටට වෙන්න ඇති. ඕක ගළවලා බැලූවා නම්” ඒ මහලූ කාන්තාවගේ පිළිතුර විය.
තමන් පැළඳ සිටි අව් කණ්ණාඩියේ කහපාට වීදුරුවේ පාටින් මුළු පරිසරයම කහපැහැ ගැන්වී ඇති බව ඔහුට වැටහිණි.
මෙය දැක ගමේ තරුණයින් දෙතුන් දෙනෙක් එතැනට එනු දුටු ඔහු කෙසෙල් ගෙඩි දෙකේ ගණන ගෙවා යතුරුපැදියේ පිහිටෙන් විගසින් එම ස්ථානයෙන් මාරුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන්, ඔහෙට පිටරටකට යන්න තාමත් බැරිවුණාද? තව ටිකක් ට්‍රයිකරලා බලන්න (නි)
කිරි ගමරාල උන්නැහේ, ඔය අප්‍රිකා රටවල කරන ඒවා මෙහාට ගෙනෙන්න එපා. (නි)
මමත් ඉන්නේ පිටරටක. මේ කියන විදියට කටුනායකින් බහිනකොටම මම අමුඩය ගහන්නද ඔයාලට ඕනෑ? (නි)
ජීවිතේට පිටරටකට යන්න නොලැබුන අයගේ කතා දකිද්දී හරි සතුටයි (නි)
අැත්තටම කියනවනම් , මේ මැදපෙරදිග යන අයට , මුල හරියට අමතක වෙනවා , සමහරුන්ට අපි ඉන්නරට අමතකවෙනවා , තව අයට භාෂාව අමතක වෙනවා, මම හිතන්නේ එහෙමයි (බ)
චන්ද්‍ර වීරසිංහ, ඔබ කටුනායකින් බහිනකොට ඔබට පුරුදු පරිදි බහින්න. ඔබට සුබ අනාගතයක්! (නි)
මෙහෙමයි නාලිනි, ඒක මනුස්සයාගේ ගතියක්නේ. නැතුව රටේ වරදක් නෙමෙයි. ඔය කොයි රටේ ඉදලා අාවත් විවිද ගති පැවතුම් තිබෙන මිනිස්සු ඉන්නවා. (නදී)
කාටවත් හානියක් නැත්නම් ඒ අහිංසකයින් කොහොම හැසුරුණාම අපිට මොකෝ. අනුකම්පාවෙන් ඔවුන් දෙස බලන්න. ඒ නොගැළපෙන හැසිරීම ගැන හොඳ අවස්ථාවක් බලා ආදරයෙන් කියා දුන්නොත් ඔවුන් එයට සවන්දේවි. (නි)
දැන් මැද පෙරදිග රටවල වැඩකරලා ඔය කියන දේවල්, සෝබන වැඩකරන්න අමාරුයි. ඉතාම අඩු වැටුපක් ලැබෙන්නේ. යුරෝපයේ රැකියා නැති ලාංකිකයන් ලක්ෂයකට වැඩියි.ඉතාලියේම 30000 ක් පමණ ඉන්නවා. (නි)
මෙහෙම සෝබනකාරයෝ අද වැහිවැහැලා (නි)
සරසි මොනවා කියනවද, දියුණු රටවල ඉන්න සමහර නෝනලා බලන්න ඕනේ, ඉන්න රටේම දාන සෝබන විකාර.හරියට ඉපුදුණේ එහෙ වගෙයි හැසිරීම.කිව්වට තරහා වෙන්න එපා, කාගේ හරි හිත රිදුනොත්....මෙවැනි සියලුම සෝබන කරන්නේ ලංකාවේ ඉතාමත් දිළිඳු පවුල් වලින් මේ රටවල් වලට පැමිණි අයයි. (ම)
කරුණාජීව ඔබ හරියට හරි.අපේ සමහර කට්ටියගේ හැසිරීම නම් දියුණු රටවල අන්තිමයි. කොණ්ඩේ පාට කරගෙන කරන විකාර නම් ඕනෙම නැහැ.ඉතින් අපිට හිතා ගතහැකි මේ අය ලංකාවට ගිහිල්ලා හැසිරෙන විදිය කොහොමද කියලා. (බ)
මොනවා කිව්වත් ලංකාව දුවන්නේ අරාබිකරයේ වැඩ කරන මිනිසුන්ගේ අමාරුවෙන් හම්බ කොර ගන්න සල්ලි වලින් බව තේරුම් ගත්තොත් හොඳය......(බ)
මෙහෙ කුවේට් වලත් ඉන්නවා සමහර කට්ටිය ..ලංකාවේ නෙවේ වගේ. ගොඩක් කාන්තාවෝ ..පිටරට මිනිස්සු එක්කනේ ඉන්නේ .ඒක නිසා එයාල සිංහලවත් කතා කරන්නේ නැහැ..ගොඩක් දිලිදු පවුල් වලින් අාපු කට්ටිය ....(බ)
මගෙත් ගොඩක් හොඳට ඉගෙනගත් යාළුවො ගල්ෆ් රටවල හොද පිළිගත් රජයේ පෞද්ගලික තැන් වල වැඩ කරනවා.සමහරු නම් ඉන්නවා ලංකාවට ආවහම අඟල් 2 විතර උඩින් යන්නේ.නමුත් උගත් නිහතමානි පිරිසකුත් ඉන්නවා ඈත දැක්කත් අඳුරන ඒ වගේම කතාකරන. (නි)
මම ධම්ම එක්ක එකඟයි (නි)
කුවේටයේ ඔය කියන ආකාරයේ අය නම් බොහෝ ඉන්නවා. ඩිනාර් එකට අව් කණ්ණාඩි 5 ක් තිබෙනවා චීනයේ සදපු. ඕවා තමා අපේ අය මෙහෙදිත් ලංකාවට ගියාම දාන්නේ. ඒවා දැම්මාම ඔය පාට වෙනස්වෙලා පෙන්නේ , ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන නිසා (නි)
ප්‍රියන්ත මහත්තයා පොඩ්ඩක් ඇස්දෙක ඇරලා ලෝකය දිහා බලන්න (නි)
මම පොඩිකාලේ මේ කතාව විහිලුවලට කියනවා අහල තියනවා. පත්තර මාමා හොඳට කතාව ගොතල තියනවා. (ස)
ප්‍රියන්ත මහත්තයෝ, දැනටත් මේ වගේ දේවල් වෙනවා.අන්තිමට දඬු මොණරෙත් උගස් කරලා ආයෙත් රට යනවා.ලෝකය රවට්ටන්න හදන්නේ. (නි)
ඉස්සර කාලේ අවු කන්නාඩි දාපු මහත්තයෙක් කිවලු, වහින්න වගෙයි ඉකමනට ගෙදර යමු කියලා. (ර)
අමු ආනමාලු පොරනුවේ පුළුස්සලා එළු ඉල ඇට සමඟ කෑම නැගෙනහිර අප්‍රිකානු රටවල සුලභයි. (ම)
කොහොමත් අරාබිය පැත්තෙන් එන හුළඟට අහුවුණත් ඔය ටිකම වෙනවා! (නි)
ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඔහොම කළාට අරාබියේ ඉහළ රස්සා කරන සමහර අය ගමට ගියාම සරම ඇඳගෙන ගමේ සාමාන්‍ය විදිහට ජීවත්වෙනවා. (නි)
ප්‍රියන්ත හරි මමත් මේක ඉස්සර අහල තියනවා .පොඩි වෙනස් කම් කීපයක් කරලා තියනවා .සමහර විට අලුත් කතාවක් වෙන්නත් පුළුවන් (කේ)
මැද පෙරදිග රැකියාවට ගිය හුඟ දෙනෙක් ලංකාවට ආපුවාම ගේ ළඟ තියෙන කඩේට පාන් ගෙඩිය ගේන්නත් යන්නේ ජම්පරය ඇඳගෙන අජානිය අශ්වයා පිට තමයි. ඉස්සර අරාබි ගිය කාන්තාවෝ ලංකාවට ආපුවාහම දිග බාච්චු ගවුම ඇඳලා ගමන් යනකොට එක අතක විසාල කැසට් යන්ත්‍රය, අනිත් අතේ කැසට් පටි මිටිය .මතකයි නේද ? (නදී)
ආයිමත් ජීවිතේට අවි කන්නාඩි දාගෙන කෙසෙල් ගෙඩි කන්න යන්නේ නැතුව ඇති නේද? (හේ)
ප්‍රියන්ත වගේ මිනිස්සු දන්නේ මොකක්හරි වැඩක් කරන අයට මඩගහන්න. ගොතලා නම් ඉතින් ඔහේට කියන්න බැරියෑ ඔර්ජිනල් එකක්. (නි)
යුරෝපා රටවලට ගියත් ආපසු ඇවිත් ගම කන අය ඉන්නවා (නි)
මැද පෙරදිග නෙමෙයි වෙනත් දියුණු රටවලට පදිංචියට ගිය සමහර කට්ටිය පවා ලංකාවට නිවාඩුවට ආවහම රඟපාන්න පටන්ගන්නවා. (නි)
සල්ලි හම්බ කරගෙන ආපු සල්ලි විතරක් තියෙන මොලේ අඩු සමහරු ලංකාවේ ඔය වගේ රඟ පාලා ආයෙත් රට යන්න ඉන්නේ. ගේ උගස් කළ කීප දෙනෙක් හිටියා ඒ දවස් වල ඔය ගම්පහ පැත්තේ. සල්ලි වියදම් කලේ බලා ඉන්න අයට පුදුම හිතෙන විදිහට. අපහාස කරනවා නෙවෙයි තමන්ගේ තරමට ජීවත් උනා නම් ප්‍රශ්ණ එනවා අඩුයි (නදී)
මට නම් මොනපාට කණ්ණාඩි දැම්මත් පෙනෙන්නේ ස්වභාවික පාටින්. (නි)
මම ඉන්නා ඉතාලියේත් ඉන්නවා ලංකාවේ පිරිමින් සහ ගැහැණුන්. ලංකාවට ගියාම දන්නා සිංහල කතා නොකර, නොදන්නා ඉතාලි භාෂාව කතාකරනවා. ඔවුන් මෙහෙ සීතල කාලයට අඳින ඇදුම් පවා ලංකාවට ගෙනගොස් මීගමුවේ නගරයේ සහ වෙරළ අසබඩ ඇඳගෙන සැරිසරනවා (නි)
මැදපෙරදිග ඉඳලා ලංකාවට ආවහම ඒ ගොල්ලෝ හිතන්නේ තවුතිසාවේ ඉඳලා ආවා කියලා (නි)