(හිඟුරානේ නවරත්න සමරතුංග)
අලියකු එළවන්නට ගිය තරුණයකු අලි අමාරුවක වැටුණ බව කියන සිද්ධියක් හිඟුරාණ තෙලගම්පුර ගමෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය: රාත‍්‍රියේ ගමට පැමිණි අලියකු එළවීමට ඔහු සමග තවත් පිරිසක් එක්ව සිටියහ. අලියා සිටින ස්ථානය අසලට ඔහු තම යතුරු පැදියෙන් පැමිණ එය පාලමක් මත නතරකර ගොස් අලියා එළවා දැමීමට එක්ව සිටියේය.
දින දෙකක් ගතවිය. යතුරුපැදි සඳහා සේවා ලබාගන්නා සටහන් යොදන පොතක් එම ගමේ ඇලක් අසළ තිබී ඔහුට හමුවිය.
තම යතුරුපැදියේ පොතද එයම වූයෙන් එය දමා තිබුණ තම යතුරුපැදියේ ලොකරය විවෘත කර බැලීය. එවිට ඔහුට දැනගන්නට ලැබුණේ එහි යතුරු කට්ටලය සහිත යතුරුපැදියේ රක්ෂණ සහතිකය, වාර්ෂික බලපත‍්‍ර ඇතුළු ලියකියවිලිද කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇතිබවය.
ගමට පැමිණි අලියා එළවීමට ගිය අතර වාරයේ කිසියම් අයෙකු යතුරුපැදියේ ලොකරය ඇර සොරකමක් කිරීම නිසා ඔහු දැන් අලි අමාරුවක වැටී සිටින බව කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා එළවන්න ඒ පැත්තට ගිය වෙලාවේ අලියා මේ පැත්තෙන් ඇවිල්ලා, මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ කියලා යතුරු කට්ටලයි ලියකිවිලියි අරගෙන ගිහින් ඇළට විසිකරන්න ඇති. (නි)
සමහර අලිත් ඉන්නවා අමාරුකාරයෝ. අලියම දුන්නද දන්නේ නැහැ වැඩේ ? (නි)
අලියා කියන්නේ බොහොම බුද්ධිමත් සතෙක් (නි)
මේ වැඩේ නම් කරන්න ඇත්තේ අලියම තමයි.(ත)
අප්පා දැන් ඉන්න තරමක් ඉන්නේ පිං අලි. (අ)
අනුන්ගේ පහනෙන් එලිය ගන්න අලිත් ඔය අතරේ ඉන්නවා. (ස)
අලි එළවන්න හිතන තරම් පහසු නැහැ (නි)