(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙතැයි සිතූ තුටු පඬුරෙන් භාගයක ඉන්ධන ගසාගෙන ඉතිරි භාගයෙන් බාගයක් ගැසීමට සිතා වාහනයෙන් පැමිණි අයකුට අලුත් අවුරුදු දා අතිනුත් පාඩු විඳ මහජන නියෝජිතයාගේ මවුපියන් සිහි කර කර ගිය තැනැත්තකු පිළිබඳව අපූරු පුවතක් දකුණෙන් අසන්නට ලැබේ.
අවුරුද්ද නිමිත්තෙන් මේ මහජන නියෝජිතයා සිය හිතවතුන්ට තුටු පඬුරු ලබා දුන්නේය. ඉතාම කිට්ටුවන්තයන්ට ලැබුණේ ඉලක්කම් තුනේ කොළයක් සමග රුපියලකි. ඉන් එහා අයට ලැබුණේ ඉලක්කම් දෙකේ කොළයක් සමග රුපියලකි. මේ පඬුරු සියල්ල ලබා දුන්නේ බුලත් කොළවල ඔතාය.
මේ මහජන නියෝජිතයා සෑම වසරකම සිය චාරිත්‍රය ඉටු කළේය. මෙවර ඔහුටද ඒ සඳහා ඇරයුම් ලැබුණේ හිතවතකුගේ මාර්ගයෙනි. ලැබෙන මුදල ද හිතවතා ඔහුට දැනුම් දුන්නේය. ඒ නිසාම ඔහු අලුත් අවුරුදු ඇඳුම් පැළඳුම් ඇඳගෙන කරදරයක් නොවී සිය වාහනයෙන්ම මේ මහජන නියෝජිතයා හමුවීමට පැමිණියේය.
ලැබෙන මුදලින් භාගයක්ම වාහනයට ඉන්ධන ගසාගෙන ඉතිරි භාගයෙන් භාගයක් ගැනීම ඔහුගේ ඒකායන අරමුණවී තිබිණ. මහජන නියෝජිතයා තුටු පඬුරු ලබාදීම ආරම්භ කළේය. ඒ අනුව ඔහුටද තුටු පඬුරු ලැබුණේය.
බුලත් කොළයේ ඔතා ලැබුණු තුටු පඬුරෙන් ඔහුගේ ඉහේ මලක් පිපුණාක් මෙන් සතුටක් දැනුණේය. එය එතනදීම විවෘත නොකළේ නොකළ යුත්තක් නිසාවෙනි. ඩිංගක් එහාට මෙහාට වී තුටු පඬුර දෙස බැලූවිට ඔහුට තරු පෙනුණේ එහි ඉලක්කම් දෙකේ කොළයක් දැකීමෙනි. අතිනුත් පාඩු විඳ ඔහු මහජන නියෝජිතයාගේ නිවෙසින් ගියේ ඔහුගේ මවුපියන් සිහි කරමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් අවුරුදු තුඩු පඬුරට මන්ත්‍රී හිතවතාට තරු පෙනිලා