වේලාවට කිරි කෝප්පයක් සාදා අතට නොදුන්නා යැයි පවසා අලුත ගෙනා මනාලියක් නැන්දම්මාට කිරි කෝප්පයකින් දමා ගසා රැකියාවට ගොස් ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට නුදුරු ගම්මානයකි. මෙම ගම්මානයේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මව්පිය යුවළක් පදිංචිව සිටිති. මෙම මව්පිය යුවළගේ බාල පිරිමි දරුවා හැර සෙසු වැඩිමහල් දරුවන් තිදෙනා විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති. බාල පිරිමි දරුවා රජයේ රැකියාවක් කරන අතර කල වයස සම්පූර්ණ වීමත් සමග මනාලියක් කැන්දාගෙන ඒමට මව්පියෝ කටයුතු කරමින් සිටියහ. කපු මහත්මයකු විසින් මීට වසර දෙකකට ඉහතදී ගෙනා යෝජනාවකට අනුව මීට මාස කිහිපයකට ඉහතදී රජයේ රැකියාවක නියැළී සිටින මනාලියක කැන්දාගෙන ආවේ වයඹ පළාතෙනි.
වයඹ පළාතෙන් මනාලිය කැන්දාගෙන පැමිණිය ද තවමත් ඇයට ස්ථාන මාරුව කෑගල්ලට සාදා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඇය පාන්දරින්ම රැකියාවට පිටත්ව යාමට පුරුදුව සිටියාය.
ලේලිය පාන්දරින්ම රැකියාවට පිටත්ව යන නිසා ඇය ගැන අනුකම්පා කළ මනාලයාගේ මව්පියෝ පාන්දරින්ම නැගිට කෑම උයා පිහා කෙසෙල් කොළයක ඔතා කෑම පර්සලයක් බැඳ දීම පුරුද්දක් කරගෙන සිටියහ. සෑම දිනකම නිවසින් මිනිත්තු කිහිපයකට පෙර පිටත්වීමට ආසන්නයේ දී කිරි කෝප්පයක් ද සාදා ලේලිය අතට දීමට නැන්දම්මා අමතක නොකළාය.
ඉකුත් දිනෙක නැන්දම්මා ලේලියට සියල්ල කර දී තිබුණ ද ඇය අවදි වීම ප්‍රමාදවීම හෙතුවෙන් ලහි ලහියේ සියල්ල සූදානම් කරන අවස්ථාවේ දී කෑගල්ල නගරය බලා යාමට බස් රථය ඈතින් පැමිණෙන ශබ්දය ලේලියට ඇසුණි.
ලේලිය හනික ලෑස්ති වී කෑම පාර්සලයත් රැගෙන මඳ අඳුරේ නිවසින් එළියට බහින්න සූදානම් වූ අවස්ථාවේ දී නැන්දම්මා විසින් සාදා කාමරයේ මේසය මත තබා තිබුණු කිරි කෝප්පය පානය කරන්න ලේලියට වේලාවක් නොතිබුණි. පසුව නැන්දම්මා කාමරයට ගොස් කිරි කෝප්පය ගෙන ලේලිය අත තැබුව ද ප්‍රමාද වී අවදිවීම හේතුවෙන් යම් කෝපයකින් සිටි ලේලිය කිරි කෝප්පය කල් ඇතිව පානය කරන්න සාදා නොදුන්නා යැයි පවසා නැන්දම්මාට තේ කෝප්පයෙන් දමා ගසා බස් රථයට දිව ගොස් ඇති බව වාර්තා වෙයි.
පාන්දරින්ම අවදි වී උයා පිහා සියල්ල කර දෙන තමන්ට කිරි කෝප්පය අතට නොදුන්නා යැයි ලේලිය කිරි කෝප්පයෙන් දමා ගැසීම සම්බන්ධයෙන් සිත් වේදනාවෙන් අසල්වැසි කාන්තාවක සමග සිව් දරු මව පවසා ඇතැයි ද වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත ගෙනා මනමාලිට වෙලාව පරක්කු කළ නැන්දම්මාට තේ කෝප්ප ප්‍රහාරයක්
Mahi Sunday, 25 December 2022 02:00 AM
හොඳ වෙලාවට කොරියන් නිලධාරියට තේ නොදුන්නේ, නැත්නම් තේ කෝප්ප යෙන් ගහන්නේ කාලකන්නි දේශපාලකයට.