(වියලුව වාර්තාකරු)
මංගල උත්සවය නිමාවට පත්ව මංගල රාත්‍රිය ගත කිරීම සඳහා සිය නිවෙසට පැමිණෙන මංගල යුවළ වෙනුවෙන් සකස් කර තිබූ සයනය, පදම ඉක්මවූ ඥාතියකු විසින් කල්තබාම අත්පත් කර ගැනීම හේතුවෙන් මංගල යුවළට අසල්වැසි නිවෙසක රාත්‍රිය ගත කිරීමට වීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය.
එය ගම්බද නිවසකි. වියදම් කරන්නට තරම් ලොකු මුදලක් නැතත් පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දුන් දෙපාර්ශ්වයේ ඥාතීන් සිය දරුවන් දෙදෙනා විවාහ කරවනු ලැබුවේ නිවෙස්වල පවත්වනු ලැබූ චාම් උත්සවයකිනි.
මනාලියගේ නිවෙසේ උත්සවය අවසානයේ මනමාල මහතා මනාලිය සිය නිවසට කැඳවාගෙන එනු ලැබූ අතර නිවැසියන් සිය දරුවා ගේ මංගල රාත්‍රිය ගත කිරීම් සඳහා නිවසේ තිබූ එකම කාමරය හැකි අයුරින් සරසා සකස් කළේ ඒ වෙනුවෙන් ඇවැසි උපරිම පහසුකම් ද ලබා දෙමිනි.
එහෙත් මංගල යුවළත් සමඟම පැමිණි මනමාල මහතාගේ වැඩිහිටි ඥාතියෙකු කල්තබාම එම කාමරයට ඇතුළු වී කීප පොළකම වමනය කර මනාල යුවළ වෙනුවෙන් සුදු පිරුවට අතුරා සකස් කර තිබූ සයනයේ වැතිරුණේ ඔහු වැළැක්වීමට පැමිණී කීප දෙනකුටම ලුණු ඇඹුල් ඇතිව බැණ වදිමිනි.
පිටස්තර ප්‍රදේශයකින් තම පවුල්ට කැඳවාගෙන ආ ලේලියගේත් තම දරුවාගේත් මංගල දිනය වෙනුවෙන් සකස් කර තිබූ නිවසේ වූ එකම කාමරය මෙසේ අහිමි වෙද්දී නිවැසියන් මෙන්ම මනාල මහතාද දැඩි අපහසුතාවකට විය.
කාමරයෙන් පිටවූ දැඩි දුර්ගන්ධය හේතුවෙන් කිසිවෙකුත් එහි ඇතුළුවීමද ප්‍රතික්ෂේප කළහ.
අවසානයේ මනමාල මහතාගේ නිවෙසේ තිබූ චාම් උත්සවය නිමාකළ මනාල යුවළ කුලියට ගත් ත්‍රීවිල් රථයකින් දුර බැහැර පිහිටි සිය මවගේ ඥාතියකුගේ නිවෙසකට ගොස් සිය මංගල රාත්‍රිය ආරම්භ කරන විට මැදියම් රාත්‍රියද ඉක්ම ගොස් තිබිණි.
මේ වන විට කාමරය අරක්ගත් ඥාතියා පමණක් නොව ඔහුගේ බිරින්දෑද මේ පවුලට මුහුණ නොදී මග හරින බව ගම්මු කියති.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් ජෝඩුවගේ මංගල සයනය කල් තියාම නෑයකු බුක් කරගෙන