IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


අලූත් පෙම්වතියට ආදරේ පෙන්වන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා

පරණ පෙම්වතියගේ නමින් අතේ කොටා තිබූ පච්චයක් අලූත් පෙම්වතියගේ නමට හැරවීම සඳහා අත් බෙහෙතක් කළ තරුණයෙකුගේ පච්චය පැසැවීම නිසා රෝහල් ගතවී ප‍්‍රතිකාර ලබා ගන්නට සිදුවූ බව කියවෙන පුවතක් වියලූවේ ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු වියලූවේ ගම්බද ප‍්‍රදේශයක තරුණ පෙදරේරුවෙකි. තම ගමේම තරුණියක හා පෙමින් බැඳුණු ඔහු ඇයට පණ මෙන් ආදරය කළේය. කොතෙක් ආදරය කළේද යත් ඇගේ නම සඳහන් කර අතේ පච්චයක්ද කොටා ගත්තේය. එය නිතරම පෙම්වතියට පෙන්වූ ඔහු ඇයට ඇති ආදරයේ් තරම කියාපෑවේ ඇය ඉදිරියේ සිහින ලෝකයක් මවා පාමිනි. කල් ගතවේද්දී තරුණ පෙම්වතා වෙනත් හදකට තුරුළු වූයේ පැරණි පෙම්වතියද සහමුලින්ම අමතක කර දමමිනි. පෙම්වතාගේ අතේ පච්චය පිළිබඳ ඉවෙන් මෙන් තතු දැනගත් අලූත් පෙම්වතිය, එය මකා දමන්නැයි පෙම්වතාට නිතර නිතර ඇවිටිලි කළේය. ”මට ආදරේ නම් ඔය පච්චය මකල එතන මගේ නම ගහන්න” ඇය තොඳොල් වෙමින් කියා සිටියාය. පෙම්වතියගේ ඇවිටිල්ල ඔහුටද හිසරදයක් විය. හෙතෙම පච්චය මකා ගන්නා ආකාරය ගැන මිතුරන්ගෙන්ද විමසුවේය. ”ඔතන හුණුයි සබනුයි අඹරල ගාපං” එක මිතුරෙන් අත් බේතක් කීවේය. පච්චය මත හුණු සහ සබන් අඹරා තට්ටුවක්ම තැවරීය. දින දෙකක් තුනක් ගත වෙද්දී පච්චය ඇති තැන රතුවිය. තුවාලයෙන් නරක් වු ලේ ගලන්නට විය. දැඩි සේ වේදනා දුන්නේය. බෙහෙවින් බියටපත් තරුණයා ළඟම රෝහලට ගියේ අතට ප‍්‍රතිකාර ගන්නටය. තුවාලයේ බරපතලකම දුටු වෛද්‍යවරු ඔහුට පිටගැස්මට බෙහෙත් විද තුවාලයට වෙදකම් කරන්නට වාට්ටුවකටද ඇතුළු කළහ. දැන් ඔහු පෙම්වතිය වෙනුවෙන් රෝහලේය.



අදහස් (0)

අලූත් පෙම්වතියට ආදරේ පෙන්වන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා

ජනක Saturday, 07 July 2012 09:58 AM

වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනා සේ....

:       0       0

ප්‍රදීප් Monday, 09 July 2012 12:00 PM

අතත් එයාගේ නම්. පච්චෙත් එයාගේ නම් ඉස්පිරිතාලෙත් ඉන්නේ එයාමනම් නම් කාටවත් මොකටද වේදනා...........

:       0       0

රුක්මා Monday, 09 July 2012 12:41 PM

ඔයාතමයි නියම කොල්ලා...

:       0       0

සංජු Saturday, 07 July 2012 11:53 AM

කොහොම උනත් පරණ කෙල්ල පව්

:       0       0

මල්දෙනියේ සිමියොන් Friday, 06 July 2012 02:48 PM

රොබට් වෙත, එදා වේල හරි කරගන්න දඟලන අපිට මොන ලේසර්ද මහත්තයෝ. මං අඳුරන කෙනෙකුත් එහෙ ක්ලීනින් එකක් කරනවා.

:       0       0

පිලිපීනෝ Friday, 06 July 2012 03:10 PM

ජානකී අක්කේ, අතන මෙතන කිවුවේ කොතනද හරියටම? අනේ කියන්නකෝ

:       0       0

සරත් Friday, 06 July 2012 02:46 PM

ජානකී, ඔයා මොකටද අල්ලපු වත්තේ ඒවා බලන්න ගියේ?

:       0       0

හරීන් Monday, 24 September 2012 09:48 AM

නියම මෝඩයෙක්ම තමයි. (නි)

:       0       0

සෙනරත් Monday, 09 July 2012 06:49 AM

බත් කන හරකුනුත් ඉන්නවනේ

:       0       0

හිල්මි Friday, 06 July 2012 09:18 PM

සේනාදී රුවන්, කොටන්න තිබුණේ අතේ නෙමෙයි

:       0       0

සජී Friday, 06 July 2012 09:22 AM

අනේ මේ සැරේ අපේ කුඹුරු හාන්න මී ගවයෝ අඩුයි...මෙයාව සෙට් කර ගත්තනම් වැඩේ හරි..

:       0       0

මල්දෙනියේ සිමියොන්. Friday, 06 July 2012 09:34 AM

හොඳ වෙලාවට මෙයා පච්චේ අතේ ගහගන් තියෙන්නේ. මේක මට උනානම් වහ කන්න තමා වෙන්නේ.

:       0       0

රුවන් Friday, 06 July 2012 09:37 AM

කුම්බලා මාළු කෑවනම් විදවපන් බලළෝ

:       0       0

කැළුම් Friday, 06 July 2012 10:24 AM

අත කපන්න කිව්වනම් තමයි හොඳ..

:       0       0

මසින් Friday, 06 July 2012 10:27 AM

සිමියොන් ඔයාත් පච්ච කොටලද තියෙන්නෙ?

:       0       0

සරත් Friday, 06 July 2012 10:41 AM

සිමියොන්ගේ පච්චෙ පේන්නේ නෑ නේ.

:       0       0

සමන් Friday, 06 July 2012 04:03 PM

පිස්සෙක්ද කොහෙද.පිරිමි කමටත් ලැජ්ජාවක්....

:       0       0

නිශි Sunday, 08 July 2012 01:08 AM

අනේ මෙහෙමත් මිනිස්සු‍....

:       0       0

රොබට් Friday, 06 July 2012 10:44 AM

ඇයි මේ ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයෝ වෙලා තියෙන්නෙ? පච්ච මකන්නෙ ලේසර් ප්‍රතිකාර වලින්නේ! පොඩි වේදනාවක් විතරයි, තුවාල මොනවත් වෙන්නෙ නෑ. දවස් කීපයකින් හම ගැලවි ගැලවි යනවා

:       0       0

සේනානායක Friday, 06 July 2012 11:31 PM

මාෂී හරි, මෙයා නම් අමුම මැටි තමයි

:       0       0

හේමන්ත Friday, 06 July 2012 11:09 AM

ඔයාල මොකටද අනුන්ගේ දේකට ඔය තරම් කේන්ති ගන්නේ..එයාට ඕන නිසානේ එහෙම කරේ. අපිට මොකෝ..

:       0       0

ppk Saturday, 07 July 2012 12:40 AM

මමත් ඔය මෝඩ වැඩේ කරගත්ත කෙනෙක් මීට අවුරුදු 12කට පෙර.තවත් කෙනෙක් මේ වැඩේ නොකර ඉන්නවානම් තමයි මම සතුටු

:       0       0

ගාලු කොලුවා Friday, 06 July 2012 11:51 AM

ආදරේ...... වේදනා..... පරණ පෙමට රිදුම් දිදී...... නොනිම් වේදනා..... කමක් නෑ කොලුවෝ, ආදරේ වේදනාවත් සුන්දරයි නේද?

:       0       0

ඉනෝකා Saturday, 07 July 2012 12:40 AM

අනේ මෙහෙමත් මිනිස්සු! සංසාරේ භවේ දුකා

:       0       0

ඉනෝක Saturday, 07 July 2012 12:40 AM

අනේ මෙහෙමත් මිනිස්සු , සංසාරේ බවේ දුකා ...?

:       0       0

කුමාර-Bangkok Friday, 06 July 2012 12:12 PM

සිමියොන්, ඔයා එහෙනම් මිද්දෙණියේ සිමියොන් කරලා තියෙනවා නේද? කමක් නෑ.හොදයි.හොදයි

:       0       0

සිරිනාත් Friday, 06 July 2012 12:13 PM

මෙම ක්‍රියාවෙන්ම ඔහුගේ අධ්‍යාපන තත්ත්වය පෙන්නුම් කරනවා

:       0       0

වරුණ Friday, 06 July 2012 11:35 AM

ඔය දෙන්නම නැතුව වෙන කෙනෙක් බඳින්න වුණොත් තමයි වැඩේ....

:       0       0

සජී Friday, 06 July 2012 11:39 AM

අනේ හේමන්තත් එනවා නම් අපේ කුඹුරු වැඩට

:       0       0

ෂෙල්ටන් Friday, 06 July 2012 12:27 PM

මෝඩයෙක්නේ

:       0       0

pachaya Saturday, 07 July 2012 04:43 PM

බොරු බොරු

:       0       0

මහියංගනය Monday, 09 July 2012 11:19 PM

හොඳ වෙලාවට මෙයා පච්චේ අතේ ගහගෙන තියෙන්නේ. මේක මට උනානම් වහ කන්න තමා වෙන්නේ...

:       0       0

දම්මී Thursday, 12 July 2012 02:41 PM

ඉත්තෑවට හාදුවක් දුන් හාවා කිවේ වේදනාවෙන් තොර ආදරයක් නැති බවයි....

:       0       0

ගස්වේදා Saturday, 07 July 2012 03:22 AM

දැන් ඕකට කරන්න වෙන්නේ: කහඹිලියා වැලේ පස්පපංගුව අරගෙන මී ගව මුත්‍රා වලින් අඹරා සාදාගත් හිසකුඩිච්චියක් දවස් තුනක් දමලා ජයපාල විරේකය ගැනීමයි.

:       0       0

අකිලා Friday, 06 July 2012 12:20 PM

පොල් බූරුවෙක්ද කොහෙද.

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමි Friday, 06 July 2012 01:06 PM

ඒකනේ සිමියොන්ට දරුවො නැත්තේ

:       0       0

තිලක් Saturday, 07 July 2012 06:32 AM

බෙහෙත කියපු එකාට තෑග්ගක් දෙන්න වටිනව

:       0       0

මන්ගි Friday, 06 July 2012 12:32 PM

ඔබ කොච්චර නුවනක්කාරද කියලා මේකෙන් පැහැදිලියි...

:       0       0

කිච්චා Friday, 06 July 2012 12:36 PM

තණකොළ කණ සත්තුන්ගේ වාසනාවට මෙයා තණකොළ නොකෑවේ....

:       0       0

සේනාධී රුවන් Friday, 06 July 2012 05:58 PM

පච්ච කොටන්න තිබ්බේ අතේ නෙමෙයි.මට ඉතිං කියන්න පුලුවන් කොතනද කියලා.

:       0       0

සංජේ Friday, 06 July 2012 05:33 PM

කාටහරි කියන්න පුලුවන්ද සබනුයි, කොකාකෝලායි මිශ්‍ර වීම ඇයි භයානක කියලා

:       0       0

ජානකී Friday, 06 July 2012 01:50 PM

මම දැකල තියෙනවා අපේ රටේ ගෑනු ළමයිනුත් අතන මෙතන පච්ච කොටන් ඉන්නවා..... අනේ මන්ද මේ ළමයගේ දෙම්ව්පියෝ නැද්ද කියලා... පව් අප්පා.......

:       0       0

ලලිත් Saturday, 07 July 2012 08:39 PM

මොන තරම් අවාසනාවක්ද?

:       0       0

කිච්චා Friday, 06 July 2012 01:22 PM

අතේ කෙටුව නිසා හොඳට ගියා.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 374 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 968 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 677 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 879 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 292 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 163 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 396 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 912 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site