අලුත විවාහ වූ කාන්තාවකට තම විවාහ සහතිකය වෙනුවට මරණ සහතිකයක් ලබා දීමේ පුවතක් පසුගියදා වාර්තා විය.
විදේශ රටක සේවය කරමින් සිටි තරුණියක් මෙරටට පැමිණ විවාහ වීමෙන් අනතුරුව නැවත සේවය කරන රටට යාමට අවශ්‍ය නිසා තම විවාහ සහතිකය එරටට ගෙන යාමට තිබූ අවශ්‍යතාව හේතුවෙන් තමන්ගේ විවාහ සහතිකය ලබාදෙන ලෙස අදාළ රාජ්‍ය ආයතනයට ගොස් ඉල්ලීමක් කර තිබේ.
ඉතා යුහුසුළුව එම සහතිකය ලබාදීමට රජයේ ආයතනයේ නිලධාරීන් කටයුතු කිරීම නිසා සතුටට පත් කාන්තාව නිවෙසට පැමිණ ඇති අතර සතියකින් පසු විදේශගත වීමට අවශ්‍ය ලියකියවිලි හා ගුවන් ටිකට්පත් පරීක්‍ෂා කිරිමේ දී අහම්බෙන් ඇස ගැටුණු තම විවාහ සහතිකය පරීක්‍ෂා කිරීමේ දී එය විවාහ සහතිකයක් නොව තමන් වෙනුවෙන් නිකුත් කළ මරණ සහතිකයක් බව දැක දැඩි කලබලයට පත්ව තිබේ. තමන් ජීවත්ව සිටියදීම තමන්ගේ මරණ සහතිකය තමන්ගේ අතට පත්වීම පිළිබඳව අදාළ රජයේ ආයතනයට දැන්වීමෙන් පසු එය වහා නිවැරදි කරදීමට ඔවුන් කටයුතු කළත් ජීවත්ව සිටිය දී මරණ සහිතකයක් ලැබූ එකම තැනැත්තා ද වීම පිළිබඳව එම කාන්තාව සතුටකින් පසුවන බවයි වාර්තා වුණේ.
(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලහකට විෂය බාර ලිපිකරු එෆ්බී එකේ ඉන්න ඇත්තේ (බ)
මෙම සිදුවීමට හේතුව හිතා ගන්න අමාරුයි. එ්ත් මොහුගේ ස්වාමිපුරුෂයාට මෙම මරණ සහතිකේ දුන්නනම් ටිකක් හරි සාධාරනයි. මොකද අද කාලේ ගැහැනුන් සමග ජීවිතේ එච්චරටම අමාරුයි.(බ)
කසාද බැන්දා කියන්නේ මැරුනා වගේ තමයි එ්කනේ මරණ සහතිකයක් දීලා තියෙන්නේ. එ්ත් සහතිකය නිකුත් කරපු කෙනානම් විවහා වී හොදට බැටකාපු කෙනෙක් වගෙයි මටනම් හිතෙන්නේ. (බ)
විෂය බාර ලිපිකරු හීනයක් දැක දැක ඉන්න ඇති. (ර)
බැඳපු ගමන් මරණය සිහි කර ගැනීම ඉතාම හොඳයි. (ර)
ඔච්චරම මරණය ගැන දැන දැනත් කසාද බදින එකනේ පුදුමේ! (අ)
මේක සිදුවුයේ කෙසේද? දැන් දෙන්නේ සහතිකයේ චායා පිටපක් නේද? එක අත්සන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්නේද? එහෙමනම් උප්පැන්න විවාහ රෙජිස්ට්‍රාර් කසාද වෙනුවට මරණ සහතිකය ලියන්න ඇති. (අ)
හරියට බැලුවද කාගේ නමද තියෙන්නේ කියල. සමහරවිට ආච්චිගේ නම වෙන්න ඇති. (බ)
අපි කාටත් උරුම නියම සහතිකය තමා මේ දීලා තියන්නේ. මේක හැමදාම කියවනවා නම් ජීවිතේ හරි සැහැල්ලුයි (නි)