IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අලුත් මනාලයා හදාදුන් රන් බඩුත් රැ​ෙගන මනාලිය පරණ සැමියාත් සමග ගිහින්

(නිකවැරටිය – ප්‍රියානි මංගලිකා)
අලු‍තින් විවාහ වූ 59  වියැති කාර්යාල සහායකයාගේ  අතගත් 21 හැවිරිදි  තරුණ බිරිඳ, සැමියා ලවා සියලු‍ රන් ආභරණ සාදවාගෙන, නිවසින් පැන යාමේ පුවතක්  කුරුණෑගල දිසාවෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය:-
කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස පාසලක සේවය කළ 59 වන වියේ පසු වූ  මොහු අවිවාහකයෙකි. මේ වන තුරු මංගල යෝජනා කොතෙක් ආවද හිතට අල්ලන අයෙකු හමු නොවීම නිසා මෙතෙක් අවිවාහකව සිටි මොහු මවගේ වියෝවෙන් පසුව විවාහයක් පිළිබඳව සිහින මවමින් සිටියේය.


දන්නා හඳුනන කපු මහතෙකු  හදිසියේම ගෙනා මංගල යෝජනාවකට  මොහුගේ සිත ඇදී ගියේ මනාලියගේ ඡායාරූපය දුටු සැනින්මය. 21 වැනි වියේ පසු වූ  රූමත් මනාලිය පෙර විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියක බවද ,දරුවන් නොමැති තැනැත්තියක බවද, කපු මහතාගෙන් මොහුට දැනගන්නට ලැබුණි.


කමක් නෑ කපු මහත්තයා ...ඔය කලින් දේවල් වලින් මට වැඩක් නෑ. කසාද බැඳලා මට හොඳින් සතුටින් ඉන්න ලැබුණොත් ඇති දෙයියනේ කියලා ”‍ යැයි ඔහු කපු මහතා අමතමින් කීවේය.


පසුව දෙදෙනා කතා කරගත් පරිදි මනාලිය බැලීමට ඇගේ නිවසට යන්නට දිනයක්ද යොදා ගත්තේද සුබ නැකතකටද අනුවය. මනාල මහතා පාසල්ද නිවාඩු බැවින් නිවසට වී ගමනට සූදානම් වූයේ මහත් උජාරුවෙනි. තමන් මනාලියක බැලීමට යන බව අසල්වැසියන්ටද කිවේය.


මනාලිය බැලීමට යන දිනය උදාවිය, මනාලයා ඉතා ලස්සනට හැඳ පැළඳ, වටිනා කේක් එකක්ද ගෙන ගමනට පිටත් විය..දෙදෙනා දුර කතර ගෙවාගෙන මනාලියගේ නිවසට පැමිණි පසු මනාලියගේ මව්පියෝ අලු‍ත් බෑනා හරසරින් පිළිගත්හ. මනාලයාද තම විස්තර කියමින් මහත් සතුටින් පසුවිය.


පසුව මනාලිය දැක බලා ගැනීමටද අවස්ථාව උදා විය. දෙදෙනා ගෙමිදුලට වී තනිව අදහස්ද හුවමාරු කර ගත්හ. මනාලිය මනාලයාට එක පයින්ම කැමැත්ත පළ කළාය.


මනාලයා නිවසට පැමිණි⁣යේ මහත් සතුටිනි.”‍ ගමේ එකාලා හැමදාම මට  නෝන්ඩි කතා කියනවා .දැන් ඉතිං මොනවා කියන්නද..? මගෙ කිරිල්ලී ගෙනාවම මුං ඉරිසියාවේ පැලෙයි.”‍මනාලයා තමාටම කියා ගත්තේ ඉහවහා ගිය සතුටිනි. දෙදෙනා  දුරකතනයෙන් කතා කීරීමටත්, හමුවීමත් නිරන්තරයෙන් සිදු වී  ඔවුහු පෙම්වතුන් බවටද පත්වූහ.


මනාලයා මෙතෙක් තමා ඉතිරි කරගත් මුදල් වලින් රුපියල් ලක්ෂ පහක් පමණ වැය කර තම ආදරවන්තියට අවැසි සියලු‍ රන් අභරණ ද මිලදී ගෙන දුන්නේ  ඇය කෙරේ තිබු දැඩි ආදරය නිසාමය. මනාලයාගේ සිහින සැබෑ කරමින්, නෑදෑ හිතවතුන්ගේද සහභාගිත්වයෙන් මනාලිය තම නිවෙසට කැඳවාගෙන ආවේ චාරිත්‍රානුකූල මංගල උත්සවයක්ද පවත්වමිනි.


පසුව තමා රැකියාව කරන පාසලේ ගුරුභවතුන් සියලු‍  දෙනාටද විශේෂ සාදයක්ද පැවැත් වූයේ විශාල මුදලක්ද වියදම් කරමිනි. දෙදෙනා බොහෝ සතුටින් සතියක් ගතකළහ. එදින උදෑසන සැමියා අවදි විය. බිරිය පෙනෙන්නට නැති විය. සැමියා කලබලයෙන් වහා සොයා බලන්නට විය. බිරිඳ ඇගේ ඇඳුම් පැළඳුම් රන් ආභරණද, රැගෙන නිවසින් පලා ගොස් ඇති බව සැමියාට අවබෝධ විය. බිරිඳගේ මවුපියන්ටද  මේ බව දැන්වීය.


පසුව සොයා බලද්දී  බිරිඳ ඇගේ පෙර සැමියා සමග ගොස් ඇති බව දැන ගැනීමෙන්  පසුව මහත් ලැජ්ජාවටත්, දුකටත් පත්ව. සිදු වූ අකරතැබ්බය පිළබඳව මහත් කනස්සල්ලෙන්  සැමියා නිවසේ දොර ජනෙල් වසාගෙන නිවසට වී  සැඟවී සිටියේලු‍.

 



අදහස් (0)

අලුත් මනාලයා හදාදුන් රන් බඩුත් රැ​ෙගන මනාලිය පරණ සැමියාත් සමග ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 517 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 947 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 885 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1165 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9509 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 886 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site