(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
තම ප්‍රේම සම්බන්ධයට මාපියන්ගෙන් සිදුවන බැණවැදීම් ඉවසා ගැනීමට නොහැකි වූ බාලවයස්කාර තරුණියක් ඒ බව තම පෙම්වතාට පැවැසීමෙන් පසුව පෙම්වතිය රැගෙන ගොස් තම මවට භාරදුන් පෙම්වතකු පිළිබඳ පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා විය.
පෙම්වතිය අවුරුදු පහළොවක සිසුවියක් වන අතර පෙම්වතා අවුරුදු විසි දෙකක තරුණයෙකි.
පාසල් වයසේ පසුවන තම දියණිය පවත්වාගෙන යන ආදර සම්බන්ධයට මාපියන් නිතර නිතර විරුද්ධත්වය පළකර ඇත. පසුගිය දිනක දියණියගේ මව ඉතා තදින් ඊට විරුද්ධ වී බැණවැදී ඇත. මේ බව පෙම්වතාට පැවසීමෙන් පසුව පෙම්වතා අපූරු පිළියමක් යෙදුවේය.
පෙම්වතියට තමා හමුවීමට එන්නැයි ආරාධනා කොට, චාරිත්‍ර වාරිත්‍ර අමතක කොට පෙම්වතිය තම නිවසට කැඳවාගෙන ගොස් තතු පවසා තම මවට භාර දී ඇත.
ඉන්පසුව මේ බව දියණියගේ පාර්ශ්වයෙන් පොලිසියට පැමිණිල්ලක් කොට ඇත. ඒ අනුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කොට දියණිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට ලද වාර්තාව අනුව දැරියට කිසිදු අනතුරක් නොවූ බව පැවසීමෙන් පසුව දැරිය ඇගේ මවට භාර දී නීතියට අනුව ගැටලුව විසඳූ බව සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ පෙම්වතෙක්. මම මේ ගැහැණු ළමයාගේ අම්මා වුණා නම් කලවයස ආවහම මේ පිරිමි දරුවාටම දුවව බාරදෙනවා. (නි)
අම්මලාද දරුවන් ගැන ආදරයෙන් සිටිය යුතුයි (නි)
මෙන්න නියම ආදරවන්තයෝ! (නි)
මේ දෙන්නට දෙපැත්තෙන්ම ආශීර්වාද කොට කල වයස උදා වූ පසු විවාහය සිදු කර දෙන්න.හොඳ ආදර වන්තයෝ දෙන්නෙක්. (ම)
පුදුමේ කියන්නේ, අපේ බොහෝ වැඩිහිටියන්ට ඔවුන්ගේ ළමා කාලය හා සුන්දර තරුණ විය ඉතා ඉක්මනින්ම අමතක වීමයි. (බ)
අවුරුදු 15 කියන්නේ ජීවිතේ යමක් තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වයසක් නොවේ. මේ ළමයට පස්සේ වයසකදී තේරේවි දෙමුපියන්ට අකීකරු වෙලා එදා කරපු දෙය. පිරිමි දරුවා කරලා තියෙන්නේ යහපත් දෙයක්. (බ)
මෙතන නීතිමය වශයෙන් වැරැද්දක් තියෙනවා. නමුත් පිරිමි ළමයා කරලා තියෙන්නේ තමන්ගේ දැනුමේ හැටියට කරන්න පුළුවන් හොදම දේ. ප්‍රශ්නය ලංකාවේ ළමයෙකුට මෙවැනි අවස්ථාවක වෙනත් පිහිටක්, උපදේශන සේවාවක් නෑ. (බ)
සැබෑ ආදරවන්තයෙක්. අද කාලෙ නරුමයො ඉන්නෙ. ඒත් මේ කෙනා රටට ආදර්ශයක්. වැරදි සිදුවුණත් කාන්තාවකගෙ ගෞරවය ආරක්ෂා කිරීම උතුම් දෙයක් (නි)
ෂා!! අද කාලේ හොයාගන්න බැරි හොඳ කොල්ලෙක්. එ්ත් ඉතින් ගැහැණු ළමයා කරපු දේ නම් අනුමත කරන්න බැහැ. පළමුව අධ්‍යාපන කටයුතු කරගන්න ළමයිනේ. දෙවනුව පුළුවන් ඔය ඕනෑම දෙයක් කරගන්න. (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ මනස හදන්න වැඩ පිළිවෙලවල් සකස් විය යුතුයි. දැන් ලංකාව කියන්නේ පන්සිල් පද 5 රැකගන්න බැරි බෞද්ධයෝ ඉන්න මහා දුෂණය වෙච්ච රටක්. නමට බෞද්ධ රටක් උනාට, දැන් ලංකාව කියන්නේ නියම බෞද්ධ දර්ශනය අල්ප මාත්‍රයක්වත් හරියට ක්‍රියාත්මක නොවන වල වැදිච්ච රටක්. ඒ නිසා සියලුම ආගමික නායකයන්ගේ විශේෂ අවධානය හැකි ඉක්මනින් මේ සඳහා යොමු විය යුතුයි.(හේ)
අජිත් නම් කියාවි. ඒත් කසාදයක් කරගන්න බැරුව ලතවෙනකොට තේරෙයි. (නි)
අවුරුදු 15 ක් මේ දරුවා හදන්න දෙමාපියෝ කොච්චර මහන්සි වෙන්න ඇද්ද? (නි)
බොහොම හොඳ අාදර්ශවත් වැඩක්නේ කරලා තියෙන්නේ (නි)