අවතැන් කඳවුරේදී අවතැන්වූවන් සඳහා දුන් සහන මල්ලක තිබූ කාන්තා සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් මැදිවියේ පිරිමි පුද්ගලයකු කුඩා කොට්ට දෙකක් යැයි සිතා සුළං නොවැදීමට තමන්ගේ කන් දෙක දෙපැත්තට තබාගෙන නිදාගැනීමේ පුවතක් බුලත්කොහුපිටියේ අවතැන් කඳවුරකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පසුගිය කාලයේ සිදුවු නායයෑම් නිසා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ විශාල පිරිසක් අවතැන් වූහ. බලධාරීහු නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ හඳුනාගෙන නායයෑමේ අවදානමකට ලක්ව සිටින ජනතාව එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් අවතැන් කඳවුරුවල රැඳවීමට කටයුතු කළේය. පසුව එම පිරිසට අවශ්‍ය ආහාර පාන, සහන මලු සියලුම අවශ්‍ය දෑ ලබාදීමට පරිත්‍යාගශීලීන් හා රජය කටයුතු කළේය.
එම අවතැන්වූවන් සඳහා නිලධාරීහු පිරිසක් මහජනතාව විසින් ලබාදුන් සහන මළු එක්තරා අවතැන් කඳවුරකදී බෙදාදීමට කටයුතු කළහ. බෙදාදුන් එක් මල්ලක තිබී සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් වැරදීමකින් පිරිමි පුද්ගලයකු අතට පත්විය. මෙම සිද්ධිය වූ දින රාත්‍රි වැසිබර කාලගුණයක් විය. ටිකක් සීතල වැඩිපුර ඇඟට දැනෙන්නට විය. අර පුද්ගලයා තමන්ට ලබාදුන් සහන මල්ල පරීක්ෂා කර බැලීමේදී කුඩා පැකට් දෙකක් දුටුවේය.
“අනේ නියමයි පොඩි කොට්ට දෙකක් ඒක සීතලට මරු යැයි කියමින්” ඒ පැකට් දෙක තමන්ගේ කන් දෙපැත්තට තබාගෙන සීතල ඒම වළක්වාගැනීමට අත් දෙකෙන් තදකරගෙන නිදා ගත්තේය. පසුදා අවදි වී ඊයේ රෑ සීතල හොඳටම නේද මට පොඩි කොට්ට දෙකක් හම්බවුණා. ඒ දෙක තියාගෙන නිදා ගත්තා යැයි කියමින් අර පැකට් දෙක තමන්ගේ අසල්වාසී පුද්ගලයෙකුට පෙන්වීය.
එම පුද්ගලයා කරුණු පැහැදිලි කර දීමෙන් පසු අර පුද්ගලයා කර කියා ගන්නට දෙයක් නැතිව බිම බලා ගත්තාලු.
(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර සහ සීදුව විශේෂ ප්‍රසාද් මුතුකඩ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා තැනට සුදුසු නුවණ නැති කෙනෙක් කියලයි මට හිතෙන්නේ (නි)
ඒ මනුස්සයා නොදැන කළ දෙයක් ඒක (නි)
අනේ පවු අසරණ මනුස්සයෙක්! (නි)
තවම කොළඹටවත් නොපැමිණි මිනිස්සු ඉන්න රටක් අපේ රට. (නි)
චිකේ! මට නම් ලැජ්ජත් හිතුනා (නි)
කොළඹටනං නාවට මක් වෙනවද කරුණාරත්න මහත්තයෝ, බෞද්ධයෝ වෙලත් දළඳා මාලිගාව, ශ්‍රී මහා බෝධිය නොවැදපු අය කොච්චර ඉන්නවද කොළඹ විතරක්. (ර)
කොළඹට නොපැමිණි මිනිස්සු ගැන කියනවා. සීගිරිය කියලා එකක් ගැන දන්නේ නැති ඇමතිවරුත් හිටපු රටක්නේ මේ. (නි)
අයියෝ කරුණාරත්න, ඔයා හිතාගෙන ඉන්නේ කොළඹ කියන්නේ ලංකාවේ මුදුන් මල්කඩ කියලද? (නි)
අයියෝ! ගම අතහැර කොළඹට ආ එක ගැන මම නම් පසුතැවිලි වෙනවා අභය. "කොළඹ පිරිලා එරමිණි කටු වැල්... ආයෙත් ගමටම යනවා මං..." ගම කොතරම් සුන්දරද කියලා හිතෙන්නේ දැන්. එත් නාකි මට දැන් කොහේ වුණාම මොකද? අලුතෙන් කවුරුවත් ගමෙන් කොළඹට නම් එන්න එපා (නි)
පහුගිය දවස්වල රූපවාහිනී ජාලයක රටේ වැදගත් තොරතුරු ගැන කියන්න ගිහින් අලුත් පරම්පරාවක කීපදෙනෙක් කොලත් ඉරාගත්තේ. (නි)
කලාතුරකින් මේ වගේ වැඩත් වෙනවා.(හේ)
කොළඹ වුනත් ගමේ වුනත් අපි එක රටේ මිනිස්සු.එහෙම නේද. (බ)