දකුණු පළාතේ උප නගරයකට ආසන්නව පැවැති බක්මහ සැණකෙළියක කඹ ඇදීමේ තරගයකි. උත්සවයේ ආරාධිතයකු වූ පොලිස් ස්ථානාධිපතිවරයා තරගය නැරඹීමට ඒ අසලට යත්ම සංවිධායකවරයා තරගකරුවන් හඳුන්වා දීමට සූදානම් විය.
එක් කණ්ඩායමක වූ තරගකරුවන් අටදෙනා හඳුන්වා දීමෙන් පසු අනෙක් කණ්ඩායමේ වූ තරගකරුවන් හඳුන්වා දීමේදී එහි හත්දෙනකු පමණක් සිටීම නිසා ඔහු කලබලයට පත්විය.
කරුණු සෙවීමේදී අනාවරණය වූයේ ඉතිරි තරගකරුවා පොලිසිය සොයමින් සිටින වරෙන්තුකරුවකු නිසා ඔහු හෙමිහිට එතැනින් ලිස්සා ගොස් ඇති බවය. වහා වෙනත් තරුණයකු ඉදිරිපත් වී තරගය පැවැත්වුවත්, පොලිස් ස්ථානාධිපතිවරයා එතැනින් ඉවත්ව යන තුරුම ඔහුගේ උකුසු ඇස යොමුවී තිබුණේ රැස්ව සිටි තරුණ පිරිස දෙසටලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමේ කියන්නේ වරෙන්තුකාරයා අාරාදිත අමුත්තෙක් නොවීමයි.මොකද ඉහළ පෙළ හොබවන්නේ බොහෝවිට හරිම වැදගත් අය නිසා. (නි)
නිලූ කතාව හරියට හරි(දී)
නොදන්නා දෙයක් අහගන්න නිලූ අමතන්න (දී)
තමාගේ අදහස පල කරන්න හන්සිකාගෙන් අවසර ඕනෙද.? (දී)
කව්ද මේ හංසිකා.?අසනීපෙන් පෙලෙන.බන්දුල පෙරේරාගේ නෑයෙක්ද.(දී)
සුදත් අයියේ ඔයාට ලජ්ජා නැද්ද ගැහැණු අපේ ඒවාට හොට දාන්න. ඔය ඔයාගේ අදහස ලියන්නකෝ ලක්මාල් අයියත් නිකන් චීත්ත කෑල්ලක් වගේ.(නදී)
නිලූ ඔයා දෙයියෝ සාක්කි බැලුවේ නැද්ද. මෙන්න හංසිකා නහයෙන් අඩනවා විලි ලැජ්ජාවේ. සන්තෝසේ බෑ. ලක්මාල් කෙසේ වෙතත් මන්නම් නිලුට ඇත්තටම කැමතියි. එයා බාෂාව හසුරන සරල විදිහට වගේම යමක් ගැන කීප පැත්තක්ම හොයා ලියන නිසා. ඒක මගේ කැමැත්ත නිසා හංසිකා හිත රිදවා ගන්න අවශ්‍ය නෑ.(නදී)
උත්සවයට ගියා කියලා නිකන් අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ (දී)
නිලුගේ කතාවට මමත් එකගයි ගොඩක් වෙලාවට ඔයවගේ අය තමයි ඉන්නේ , (දී)
මන් දැන් දැක්කේ මේ දේ සුදත්. එයා පැහැදිලි ඉරීසියව රෝගෙන් පෙලෙන කෙනෙක් නිසා මන් මොකුත් කියන්නේ නෑ. ලක්මාල්,ඕනේ දෙයක් කියපුදෙන් පිරුණු කලේ දිය නොසැලේ වගේ අපි අපේ පාඩුවේ ලියමු. ඇති ශාන්තිගේ එක්ක පැටලුන් නැති එක.මේක පුදුම ලෝකයක්නේ.එක නිසා තමන්ගේ පාඩුවේ හිටියත් ඉන්න දෙන්නේ නැනේ. (දී)