අවුරුදු උත්සවයක නිවේදන කටයුතු කළ තරුණයකු සිය මවට ද ඇන්ටි කියා ආමන්ත‍්‍රණය කරමින් තෑගි ප‍්‍රදානය කිරීම සඳහා ඇරියුම් කළ පුවතක් අගනුවරට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබේ.
එය ප‍්‍රදේශයේ වැඩිහිටියන්ගේ අනුශාසනා යටතේ තරුණ පිරිසක් විසින් මෙහෙයවනු ලැබූ අවුරුදු උත්සවයකි. කෙසේ වෙතත් තරගවල ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම සඳහා වැඩිහිටියන්ට ආරාධනා කිරීමට ඔවුන් විසින් පියවර ගෙන තිබිණි.
නිවේදන කටයුතු කළ තරුණයා ඒ සඳහා ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ගේ නම අගට අංකල් හෝ ඇන්ටි වශයෙන් යෙදීමෙනි. බොහෝ දෙනා තමන් දන්නා හඳුනන අසල්වැසි අය වූ බැවින් එසේ ඇමතීමට ඔහු තීරණය කළා විය හැකිය. ඊළඟට එළැඹියේ කණා මුට්ටිය බිඳීමේ තරගයේ ජයග‍්‍රාහකයාට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවයි. ඔව්, මා මීළඟට කණා මුට්ටිය බිඳීමේ ජයග‍්‍රාහකයාට ත්‍යාග ප‍්‍රදානය කිරීම සඳහා ආරාධනා කර සිටිනවා අපගේ සමන්මලී ඇන්ටීට.
නිවේදක තරුණයා එසේ ආමන්ත‍්‍රණය කළේ ඔහුගේ මවට බැව් දන්නා එහි සිටි බොහෝ දෙනකු විමතිය පළකළ අතර ඇතැමෙක් හඬ නඟා සිනාසුණහ. කෙසේ වෙතත් ආරාධිතාව කිසිදු වෙනසක් නොපෙන්වමින් ගොස් ත්‍යාග පිරිනැමීමේ කටයුත්ත සිදු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ කොල්ලා හරි කියල. නිවේදන කටයුතේදී එයා ස්වාධීනයි (ස)
මේක ප්‍රශ්නයක්ද? (අ)
අපට පුතේ කියන රටේ මේක පුදුමයක් නෙමෙයි.(නදී)
මෙතැනදී පුතා නිවේදකයෙක්නේ. එයා නිවරදියි කියලයි මට නම් හිතෙන්නේ. වැඩිහිටි හැමෝටම "මහත්මය මහත්මිය කියල" කිව්වා නම් තමයි වැඩිය සුදුසු. (නදී)
මටත් හිතෙන්නේ සමන්ත හරි. ඔහු මෙතැනදී කටයුතු කරන්නේ මධ්‍යස්ත නිවේදකයෙක් විදිහටනේ. අපේ අම්මටත් ආරාධනා කරනවා කිව්වා නම් එතන නිකන් මධ්‍යස්ථ බව බිදෙනවා වගේ. (අ)
මහත්මය මහත්මිය කිවවා නම් තමා හරි. ඒත් මා දන්නා විදේශයක හැදුනු හා අධ්‍යාපනය ලත් දරුවෙක් එයාගේ අම්මට තාත්තට කතා කරන්නේ නම කියලා. ඒ දෙමවුපියනුත් එය ආඩම්බරයෙන් අනුමත කරනවා. (අ)
නිවේදන කලාවේ මහපටගිල්ලෙන් උඩටවත් දකින්ට නොහැකි රටක්. ආසියාවේ ආස්ච්ර්යට හිමිකම් කියන දැවැන්තයන් තම මව සභා ව මැද දීම වැළදගෙන සිප ඇය සමගම පැමිණ ත්‍යාග ලබාදෙන බව මා විස්වාස කරමි.(නදී)
අපිට මාමේ කියල කතා කරන කොට ඕව මහා දේවල් නෙමෙයි. (දී)
මහත්මිය කියල" කිව්වා නම් තමයි වැඩිය සුදුසු මම හිතන්නේ කොල්ලා ටිකක් හරි කියල. මවට ලජ්ජහිතෙන්න ඇති . (දී)
නිවේදකයා හරි. එයා කතා කරන්නේ තමන් ගැන නෙවෙයි. එයා සමස්ත සභාවම නියෝජනය කරන නියෝජිතයා. එයා කෙනෙකුට ඇන්ටි කියල කිව්වොත් එයින් ඇඟවෙන්නේ හැමෝගෙම ඇන්ටි කියලා. නැතිව එයාගේ ඇන්ටි කියන එක නෙවෙයි. ඒ හන්ද අම්මට වුණත් කතා කළ යුත්තේ ඇන්ටි කියලා. එයාට අම්ම වුණාට අනෙක් හැම කෙනාටම ඇන්ටි. (ස)
සමහර බිරින්දල ස්වාමිපුරුෂයාට තාත්තේ කියල අමතනවා. ඒ තමන්ගේ දරුවන්ගේ තාත්ත නිසා. ඒ වගේම ස්වාමිපුරුෂයෝ බිරිඳට අම්මේ කියල අමතනවා ඒ තමන්ගේ දරුවන්ගේ අම්මා නිසා. මෙතනත් මේ තරුණයා තමන්ගේ හිතවත් අසල්වැසි සහෝදර සහෝදරියන්ගේ "සමන්මලී ඇන්ටි" ට ආරාධනා කරන්න ඇති. (ස)
මම නම් හිතන්නේ එක වරදක් නැහැ කියල.මගේ යහළුවෙක් හිටිය අපිට උගන්නපු ගුරුවරයෙක් එයාගේ බාප්පා.පාසලෙන් පිටතදී අ ය ඔහුට බාප්පා කීවත් පාසැල ඇතුලතදී ඇමතුවේ සර් කියල (දී)
අනේ මෙහෙමත් වැඩක්. (ස)
ඔහු ඇන්ටි කීවේ අන් අය වෙනුවෙන් (දී)