අවුරුද්දට නිවෙසට නෑ ගම් ආ නෑනා ඇතුළු ඥාතියාට සංග්‍රහ කිරීම සඳහා කැඩූ කේක් පෙටිටියේ නරක් වුණ වැලිතලපා කැවිලි තිබුණ පුවතක් බලන්ගොඩ ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටින යුවළකගේ බිරියගේ නංගී සහ ඇගේ සැමියා පදිංචිව සිටියේ දුර බැහැර ප්‍රදේශයකය. වෙනදා මෙන් මෙවර සිංහල අලුත් අවුරුදු දිනට මෙහි පැමිණීමට ඔවුන්ට නොහැකි වී තිබුණේ හදිසියේ යෙ දී තිබුණ වැඩ කටයුතු කීපයක් නිසාය.
අවුරුදු දින අවසන්වී සති එකහමාරකට පසු ඔවුන් බලන්ගොඩ අක්කාගේ නිවෙසට මෙලෙස පැමිණියේ වෙනදා මෙන් අවුරුදු දා පැමිණීමට නොහැකිවීම ගැන කනස්සල්ල ද පළ කරමිනි. ටිකක් කතා බහ කර සිටිය දී තේ එකක් බීලම කතා කරමු කියා නංගි ඔවුන්ට තේ සූදානම් කරන්නට පටන් ගත්තාය.
මෙම නිවසට අවුරුදු දිනවල ඥාති හිතවතුන් රැගෙන ආ කේක්, බිස්කට් පෙට්ටි තුන හතරක් පමණක් ඉතිරිවී තිබුණි.
නංගි තේ වක්කරමින් සිට ඇති අතර දැන්නම් අවුරුද්දට හදපු කෑම ඔක්කොම ඉවරයි. කේක් කාල තමයි තේ බොන්න තියෙන්නේ කියා පවසමින් ඇයගේ සැමියා දුර බැහැර සිට පැමිණ නෑනා සහ ඇගේ සැමියාට තේ සංග්‍රහ කිරීම සඳහා නිවසේ පාර්සල් කර තිබුණ කේක් පෙට්ටියක් කැඩුවේය.
එම කේක් පෙට්ටියද අවුරුදු දිනවල ඥාති හිතවතුන් විසින් ගෙන එනු ලැබූ තෑගි බෝග අතරින් එකකි.
එය විවෘත කරද්දිම දුර්ගන්ධයක් ද වහනය විය. විවෘත කළ පසු දක්නට ලැබුණේ එහි වැලිතලප අසුරා ඇති බවයි. ඒවා හොඳටම නරක්වී තිබිණි. අවුරුදු දිනවල නිවෙසට පැමිණි හිතවතකු පරණ කේක් පෙට්ටියක වැලිතලප අසුරා පාර්සල් කර ගෙනවිත් දී ඇති බවත් එය දින දහයකට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් කේක් පෙට්ටිය තුළ නරක් වී ඇති බවත් ඔවුහු තේරුම් ගත්හ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුරුදු කේක් පෙට්ටියෙන් කුණු වැලිතලප මතුවෙලා