(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ දුරස්ථ නෑකමක් ඇති මේ පවුල් දෙක අතර තිබුනේ දැඩි මිත‍්‍රත්වයකි. එහෙත් පසුගියදා මේ මිත‍්‍රත්වයට කණ කොකා ඇඬුවේ අපූරු අවුරුදු තෑග්ගක් දීම නිසාය.
මේ හිතවතුන් අතර එක් අයකුට විශාල කෙසෙල් වගාවක් තිබුණේ අනෙක් යහළුවාගේ නිවස අසලය. එම කෙසල් වගා බිමේ නිතර කෙසෙල් කැන් වතු මෝ ආදිය සොරු කපන නිසා අසල වූ හිතවතාගෙන් මේ ගැන ඇසුවත් ඔහු කීවේ මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවකි.
දිනක් ඉඩම් හිමියාට වත්තේදීම අසල්වැසි හිතවතා හමුවූයේ පිහියක්ද රැුගෙන සිටියදීය.”මම දරුවන්ගෙ බත් පාර්සල් බඳින්න කෙහෙල් කොළයක් කපාගන්න ආවා” ඔහු කීවේ අනිකා ඒ ගැන අසන්නටත් පෙරය.
පසුගිය අවුරුදු සමයේ සිරිත් පරිදි පවුල් දෙක අතර සීනි, තේ කොළ, කේක් හුවමාරු විය.
එහෙත් කෙසෙල් ඉඩම් හිමියා තමා ගෙනා කේක් එක සමග බත් පාර්සල් බඳින පොලිතින් කොළ මිටියක්ද එවා තිබීම නිසා කරුණු අවබෝධ කරගත් අනෙක් මිතුරා මේ සම්බන්ධය නවත්වලාලූ......
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අක්ක බැඳපු අයියා දකුණු පළාතේ . ඉඩමක් අරන් එහෙ ගෙදරක් හදල තමන්ගේ අවිවාහක සහෝදරියන් දෙන්නව සහෝදර කැක්කුමට එතන නවත්ත ගත්ත. අපේ අක්කව බැඳලා ඒ ගෙදරට කැන්දා ගෙන ගිය දවසේ ඉඳලා අර බවලතුන් දෙන්න රණ්ඩු. කොහොම හරි දැන් එක්කෙනෙක් බැඳලා එයා ගේ මහත්තයත් එක්ක ඒ ගෙදර බින්න බැහැලා. අපේ අක්කා සහ මහත්තයා නෑදෑයන් එකක් රණ්ඩු වෙන්න බැහැ කියලා කොළඹ ඇවිත් කුලී ගෙදරක ඉන්නවා.මට නම් ඔය පලාතම පේන්න බෑ. පුදුම අය ඉන්න පැත්තක්. (බ)
දකුණේ අය අතර ඔය වගේ අය බොහොමයක් ඉන්නවා. එසේ වුණත් වෙනත් පළාතක හැදෙන වැදෙනකොට අදහස් වෙනස් වෙනවා.දකුණේ හොඳ අය වෙනත් පළාතක කෙනෙක් හා විවාහවූ විට නැවත දකුණට නොයා සිටීම නුවණක්කාරකමක්.එසේ වූ විට සහෝදරකම් තියාගන්න පුළුවන්.ඔවුන්ගෙන් උදවු බලාපොරොත්තු නොවිය යුතුයි (නි)
උඩරට අය එකගෙයි කන්නෙ ඉඩම් තණ්හාවට නෙමෙයිද? ඉඩකඩම් බෙදිලා යනවට එකම අඹුව අයියයි මල්ලියි දෙන්නම තියාගන්න එක ආඩම්බරයට කරුණක්ද? (නි)
දකුණේ නොවන අය සේරම සුදනෝ වගේ. අනේ පව් (ම)
මම පොළොන්නරුවේ, මෙහෙත් එහෙම අය ඕන තරම් ඉන්නවා. මේක උතුර දකුණ උඩරට පහතරට ගැටළුවක් නොවේ මිනිස් ගති පැවතුම්වල ප්‍රශ්නයක්. ආප්පත් කාල ගියා නම් ඉතින් හරියටම හරි තමි.(කේ)
මේ පළාතේ ඉන්නේ මැරෙන්නේ නෑ කියල හිතන සිල්වත් කම කටින් බේරෙන අාගම විකුනාගෙන කන අය (බ)
අපේ අක්කාව බලන්න ආපු එක දකුණු පළාතේ මනමාලයෙක් සංග්‍රහයටත් ඉස්සෙලාම අහල තියෙන්නේ ගෙදර අක්කාගේ නමටද කියල. (ම)
බත් කොළ මිටිය ගිහින් තියන දුර! (නි)
දකුණේ උදවියට විතරක් නෙමෙයි, ඉඩම් තණ්හාව රටේ අනෙත් උදවියටත් තියනවා (නි)
මම දන්නා විදියටත් ආගන්තුක සත්කාර වලට ප්‍රසිද්ධ දකුණ. දේපල තණ්හාවත් යහමින් තිබෙනවා. අපේ නංගිට දකුණු පළාතෙන් ආ ස්ථිර වෙන්න ඔන්න මෙන්න තිබුන විවාහ යෝජනාවකදී දෑවැද්දට දෙන ඉඩමේ හරියටම පර්චස් 22ක් තිබෙනවාදැයි බලන්න මිනින්දෝරුවෙකුත් එක්ක මනාලයාගේ අම්මා ගිහින් තිබුන බව හෙළිවුණා. (නි)
මේකේ අදහස් දාපු අය තමන්ගේ පුද්ගලික ප්‍රශ්න කියලා තියෙන්නේ. ඉඩම අයිතිකාරයා උපක්‍රමිකව තමන්ගේ විරෝධය අකමැත්ත පළකර තිබෙනවා. දකුණේ විතරක් නෙමෙයි ලංකාවේම මේ ප්‍රශ්න මෙහෙම ඇති. බහුතරය ආගන්තුක සත්කාර කරන මිනිස්සු දකුණේ ඉන්නේ. රටට විපතක් වුණාම පෙරට එන්නේ දකුණෙන්. (නි)
අපේ රටේ බහුතරයක් දරුවන්ට කිසියම් තේරෙන වයසට පැමිණි පසුව වත් ස්වාධීනව තමන්ගේ අවශ්‍යතා ස්වෝත්සාහයෙන් ඉටු කරගන්න දිරි ගැන්වීමක් නැහැ. පවුලේ බාලයා බලන් ඉන්නේ මහ ගෙදර ලැබෙනකන්. තමන් හරි හම්බ කරන් පර්චස් 10 ක් මිලට ගන්න හිතන්නේ නැහැ. ගෙදර දුව බලන් ඉන්නේ අම්මාගේ රත්තරන් බඩු, හට්ටි වළං පුටු සෙටි ඇතුළු සබ්බ සකලමනාවම දීග යන දවසට උස්සාගෙන යන්න. රස්සාවෙන් ලැබෙන පොඩි ගානක් හරි අමාරුවෙන් ඉතිරි කරල මව්පියන්ට බරක් නොවී දැවද්දක් හදා ගන්න හිතන්නේ නැහැ. බැඳපු නැති මාමා කෙනෙක් ඉන්නවා නම් එයාගේ වත්ත ලියල දෙන කන් තමන් ගෙදර එළවලු පාත්තියක් වවා ගන්න වත් මහන්සියක් නැහැ. ඔය එකක් වත් හරි නොගිහින් වැරදුන තැන කරන්නේ ඒවා මහන්සියෙන් හරි හම්බ කර ගත්ත උදවියගෙන් කපටිකමෙන් හරි බලෙන් හරි ගන්න බලනවා. මේ තත්ත්වයට දෙමව්පියන්ගෙත් අඩු පාඩුවක් තියනවා. කුඩා කල සිට තමන්ගේ ළමයින්ට ස්වාධීනව තමන්ගේ අනාගත අවශ්‍යතා ඉටු කරගන්න උනන්දු කිරීමේ වැදගත්කම හිතන්නේ නැහැ. (නදී)
මේක උතුර දකුණ උඩරට පහතරට ගැටළුවක් නොවේ සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්, ඉඩම් පිලිබඳ ගැටළු මටත් තිබුන, මම කළේ ..අනේ පොඩි පරිත්‍යාගයක් කරලා තාත්තටත් මානසික සතුට ලබාදීල තාත්තට වැඩ දුන්න නංගිට ඉඩමෙන් බාගයක් දීල එලියට බැස්ස, ඉඩම නැති උනාට තාත්ත විඳින සතුට මට ඉඩම් ගණනාවක් වටිනවා ...මට වැරදුනෙත් නැහැ (බ)
ඔය දේපල කොල්ල කන වැඩේ හැම පළාතේම සිද්ධ වෙනවා. මගේ යාලුවෙකුගේ නුවර ගෙදර එයාගේ නංගි පවුල පිටින් ඇවිත් බලෙන් පදිංචි වෙලා. ගෙදර ඕන කියලා කිව්වාම නෑදෑයනට ගිහිල්ල කියනවාලු අත දරුවෙකුත් එක්ක තමන්ව ගෙදරින් එලියට දාන්න අයියා වලි කනවා කියලා. දැන් නරක මිනිහා වෙලා තියෙන්නේ මගේ යාලුවා. මිනිහ දැන් ඉන්නේ නෝනාගේ ගෙදර . නෝනගේ කට්ටිය අහනවාලු කෝ අර අපේ ළමය බඳින කොට තියනව කියපු නුවර ගෙදර කියලා. (බ)
අනුන්ගේ දේ අනුන්ගේමයි. දහදිය මහන්සියෙන් හම්බ කරන්න. එය තමන්ගේමයි. (නි)
අපෝ දකුණ මමත් දකුණේ , ඉතාලියේ කක්කුස්සි හෝද හෝද හිටිය මගේම වැඩිමල් සහෝදරයා ගෙන්නාගෙන , ව්‍යාපාරයත්, මගේ නමට තියෙන මහා ගෙදර පදිංචියත් දුන්න සහෝදර කමට , මම ඉන්නේ පිට රටක ව්‍යාපාරය තමන්ගේ නමට හදාගන්න කටයුතුකරගත්ත රුපියල් ලක්ෂ 120 ක ණය මගේ නමට තියල , දැන් ගෙදරින් එලවගන්න බැරිව කල්පනා කරනවා , කන්න දුන් අත හපාකන ජාතිය සිංහල (බ)
අපි දන්නා විදියටත් ඔය පළාතේ කට්ටිය ඉඩකඩම් වලට ඥාති සම්බන්ධකම් පවා නැති කර ගන්න ලෑස්තියි. (බ)
මේකේ සඳහන් වෙන්නේ දකුණු පළාතේ වියළි කලාපයට සම්බන්ධ එකම ගමේ කියල. ඒ කියන්නේ අනිවාර්යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කේ ගමක් වෙන්න ඕන. ඔය පැත්තේ එවුන් ඔහොමමයි. අනුන්ගේ දේවල්, විශේෂයෙන් මහජන දේපල හොරා කන එක මුන්ගේ ජාති ගතියක්. දැක්කේ නැත්ද පහුගිය දවස්වල සිදුවුණු දේවල්.(බ)
මේක දකුණේ උතුරේ මිනිස්සුන්ගේ චරිත ගතිගුණ ගැන ප්‍රශ්නයක් නොවෙයි. මෙරට අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ගැන ගැටළුවක්. ලංකාවේ ඉඩම් ආරාවුල් නිරවුල් කිරීම ඉතා තනගාටුදායක තත්ත්වයක තියෙන්නේ. මෙරට සාමාන්‍ය බෙදුම් නඩුවකට ගතවන කාලය වර්ෂ 30ක් පමණ වෙනවා. ඇතැම්විට මිටත් වැඩියි. එංගලන්තයේ කැනඩාවේ මේ කාලය වසර එකකටත් අඩුයි. ලංකාවේ ග්‍රාමිය මිනීමැරුම් හා කලකෝලාහල බොහොමයකට මුල ඉඩම් ආරාවුල්.(බ)
අපි දන්නා දකුණේ පවුලක් ඉන්නවා. බිරිඳගේ සහෝදරයා ඔවුනට අනුකම්පා කර ඔහුගේ ගෙදරක් ඔවුනට නවතින්න දුන්නා. දැන් නංගි අයියට තව ගෙවල් තියනවා යනුවෙන් කියමින් ඒ ගෙදර සින්නක්කර අයිතියට නඩු දාන්න යනවා. ගෙවල් කීයක් තිබුනත් ඒ මනුස්සයාගේ මහන්සියෙන් හම්බ කල දේවල් නේ. එහෙම කියල තව කාටවත් එයින් එක ගෙයක් එක්ක දෙන්න ඕන කියල නීතියක් තියනවද ? අනෙක ඒ ගෙදර ඒ අයියාගේ දුවට දැවද්දට දෙන්න හදපු එකක්. මේ කාන්තාවගේ තණ්හාව නම් හිතා ගන්න අමාරුයි. (නදී)
ඔය පළාතේ කට්ටිය ගැන හොඳ අත්දැකීම් අපිට තිබෙනවා. අපේ තාත්තාගේ මහ ගෙවල් මාතර. තාත්තා නැති වුණාට පසුව ඔහුගේ ඉඩමක ව්‍යාපාරයක් කරන්න කියලා අපෙන් අවසර ගත් තාත්තාගේ ඥාති සහෝදරයෙක් අන්තිමේ ඉඩමේ අයිතිය එයාටයි කියලා අපිව පොලිසි උසාවි ගානේ ගෙන්නුවා. මම නම් පාඨකයන්ට කියන්නේ දකුණු පළාතේ කෙනෙක්ව මොකක් සම්බන්ධයෙන් විශ්වාස කළත් දේපල ඉඩකඩම් සම්බන්ධයෙන් නම් විශ්වාස කරන්න එපා. (නි)
අවාසනාවකට ඔය පැත්තෙන් එන බොහෝ දෙනෙක් ඔහොමමයි. කාගේහරි දෙයක් කඩාගන්න තමා බලන්නේ
නෙලුම්, වත්ත වටේට කම්බි ගහලද දන්නේ නෑ නේද. (කේ)
අපෝ එකනේ කියන්නේ බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක්වත් එපා කියලා (කේ)
දකුණේ අයගේ අත්හැරීමේ ගුණය අඩුයි වගේ නේද (නි)
තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මේ පළාතේ උදවිය ටිකක් අනුන්ගේ දේපල වලට කෑදරකම වැඩියි. නෑදෑකම් පවත්තන්නෙත් ඥාතීන්ගේ ඉඩම් කඩම් වල භුක්තිය බලාගෙන. අපේ සමහර නෑදෑයන් දකුණු පළාතේ ඉන්නවා. නිවාඩුවකට හරි ඒ ගෙවල් වල යන හැමදාම කාඑක්ක හරි ඉඩම් නඩුවක්. නැත්නම් වත්තක මායිමක් ගැන ප්‍රශ්නයක්. (නි).
කියන්න කණගාටුයි ලංකාවේ තවමත් අනෙක් අයගේ අයිතිදේට කෙළ හලාගත්ත කට්ටිය එමටයි. බැඳපු නැති ළමයින් නැති හෝ නෑදෑයන්ගේ දේපළ ඉඳලා අනුන්ගේ වත්තේ කොස් ගෙඩිය දක්වාම ලංකාවේ මිනිස්සු බලාඉන්නේ තමන්ගේ අතට වැටෙනකන්. නෑදෑයන් මැරෙනකන් බලාගෙන ඉන්නවා ඉඩම් කඩම් වලට අයිතිවාසිකම් කියන්න. (නි)