අගනුවරට ආසන්න සරසවියක අවසන් වසරේ සිසුවකු වූ ඔහු පසුගියදා සිය සරසවි සගයින් ළඟට අඬාගෙන ආවේ විදුලි පුවතක්ද රැගෙනය.
එහි වූයේ සිය පියා මිය ගිය බවකි. දඹදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ඔහු ඉතා අමාරුවෙන් ජීවත් වන බව දත් සගයෝ වහාම අරමුදලක් පිහිටුවා රුපියල් පනස් දහසක මුදලක් එකතුකර ඔහුට දී ගමට යැව්වේ අනුකම්පාවෙනි.
පසුවදාම සරසවි සගයන්ද වෑන් රථයක් සූදානම් කරගෙන ඔහුගේ ලිපිනයෙන් ගෙදර සොයාගෙන ගියේ අවමඟුලට සහභාගි වීමටය.
අමාරුවෙන් නිවස සොයාගත් ඔවුන්ට දෙවියන් සිහිවූයේ පියා මිය ගොස් දැනට වසර පහක් පමණ ගතවූ බව දැන ගැනීමෙනි. සිය සගයාද එහි නොවීය.
ඔහුගේ මව කිවේ පසුගිය දිනවල හිතුවක්කාර විවාහයක් කරගෙන දැනට බිරියට දරුවකු ලැබෙන්නට සිටින හෙයින් ඔහු නොඅනුමානවම එහි යන්නට ඇති බවය.
තොරතුරු විමසීමේදී ගමේ යහලූවකු ඔහුගේ අනු දැනුම මත විදුලි පුවත එවා ඇති බවද අනාවරණය වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති බැරිකමට කරපු දෙයක්.ඔය ගැන එතරම් අමනාප වෙන්න එපා.වැඩේ නම් කොහොම උනත් වැරදියි.(අ)
මනුස්සයත් අසරණයෙක්නේ. (ස)
මෙයාලට හොද දඩුවම් දෙන්න ඕනි. මෙහෙම උනාම කෙනෙක්ව විශ්වාස කරලා අහිංසකයකුට උදව්වක්වත් කරන එකක් නෑ කවුරුත් (දිල්)
අලුත උපන් දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග යාලුවෝ දීලා තියෙන්නේ.(නදී)
ඔය වගෙ අයද රට බාර ගන්න පිකටින් කරන්නෙ. දෙමාපියන්ගේ වරද. සමාජ සාරදර්ම දන්නේ නැහැ. (නදී)
මොක උනත් හොඳ කෙනෙක්,දැන් කාලේ මිනිස්සු ගෑනුන්ට සලකන්නේ නැහැනේ.බොරු කියලා හරි දරුවා ලැබෙන්න හිටපු නෝනා බලන්න ගියා නම් හොඳම මහත්තයෙක්.කවද උනහම මොකෝ තාත්තත් මැරිලානේ.(අ)
දැන් ලංකාවේ විදුලි පුවත් නැනේ (ත)
දැන් ලංකාවේ ටෙලි ග්‍රෑම් නෑනේ.... ? (ත)
රටේ අනාගතය කියලා කියනවා. ඔය අය කොහේ ගියත් ඔය වගේ වැඩ අනිවාර්යයෙන්ම කරනවා. (නදී)
ඇත්තම කිව්වනම් ඉවරනේ අවංක යාලුවෝ අනිවාර්යෙන්ම උදව් කරනවනේ.පව් කියල හිතෙනව වැඩේ වැරදි උනත්.නැති කමටමයි වෙන ලජ්ජාවවාත් නොතකා මේදේ කරන්න ඇත්තේ. (අ)
ඔයා මුලින්ම යන්න, අපි හෙට උදෙන්ම ඇවිත් උදව් කරන්නම් කියල ගෙදර යන්න කියන්න තිබුණේ.අනික මිතුරන්ගේ විස්තර අනෙක් මිතුරන් දැනගෙන ඉන්න ඕන නේද? (ස)
අන්න නියම නවක වදය. ආයේ ආවම ප්‍රති උත්තර දේවි නේද?(නදී)
කෙනෙක් මලා කියල විදුලු පුවතක් යවනවා නම් මරණ සහතිකය අනිවාර්‍ය කළ යුතුයි. මැරුණු පියාට වත් නිදහසක් නැහැ.(නදී)
වැඩි විස්වාසය, එතරම් හොඳ නෑ (අ)
දැන් විදුලි පණිවිඩ නැහැ නේද?? (අ)
මේවගේ කෙනෙක් දෙන්නෙක් කරන වංචාවන් නිසා ඇත්තටම අහිංසකයෙකුට මෙහෙම දෙයක් උනත් යාලුවෝ උදව් කරන්න මැලිවෙනවා. (අ)
මේ වගේම තව කතාවක් දෙයියෝ සාක්කි වල තිබ්බ.(අ)
ඔයවගේ දේවල් දැන් හැමතැනකම සිදුවෙනවා නේ (අ)
තුන්වන පන්තියේ අය. ඔය පෙළපාලි යන අයගෙන් එක්කනෙක් වෙන්න ඇති. (අ)
මිට පස්සේ හොදට හොයල බලල උදව් කරන්න හිතට ගන්න මේ අපේ රට දැන් පවතින්නේ බොරුව වංචාවෙන් අහෝ ලක් බිමට ගිය කලක් (අ)